සෞදි අරාබියේ නේවාසිකව සිටින ලංකා බැංකු කලමනාකාරීතවය විසින් සංවිධානය කැරුණු ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩ මුළුවක් පසුගිය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් කොබාර් අල් රියාද් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සිකුරාදා දින සන්ධ්‍යා භාගයේදී ඇරැඹුණු මෙම වැඩසටහන සදහා ලංකා බැංකුවේ කොළඹ කාර්යාලයයේ විශේෂ නිලධාරීයෝ පිරිසක් සහභාගී වුහ.ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාර එම්.කේ ඩබ්ලිව්. ගුණතිලක,ව්‍යාපාර ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකාර ඩබලිව් ජී. ජයවික්‍රම සහ එන සම්ප්‍රේෂණ අංශ විධායක නිලධාරී කැල්මින් විජේසුරිය මහත්වරු ඊට එක්වුහ.
වසර 70 ක අඛණ්ඩ අතීතයක් ඇති ලංකා බැංකුව මේ දක්වා ලබා ඇති සාර්ථකත්වය මෙන්ම ශ්‍රී ලාංකික ජන සමාජය තුල කරන ලද ජාතික මෙහෙවර පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් දේශනයක් එහිදි පැවැත්විණි.
විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවද තම බැංකුව මගින් මව්බිමට මුදල් සැපයීමේ රටෙත් ජාතියෙත් සංවර්ධනය සදහා දායක වන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
ලංකා බැංකුවේ කාර්යභාරය පිළිබදව විවිධ තේමාවන් ඔස්සේ සංවාදාත්මක අදහස් හුවමාරුකර ගැනීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අංගයක් විය.
මියුරු රූ සර සංගීත වාද්‍ය වෘන්දයක්ද රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සංවිධානය කැර තිබිණි.
මෙම වැඩමුවව සදහා සෞදි අරාබියේ අල් රාජ් බැංකු ජාලයේ ශ්‍රී ලාංකික නියෝජිතයින් වන එම් නවරත්නම් සහ මොහොමද් ඉක්බාල් මහත්වරුන්ද සහභාගී වුහ.
ලංකා බැංකුවේ සෞදි අරාබියේ නේවාසික නියෝජිතයින් වන බුද්ධික අමිල,සුපුන් මධුශංක හා අමිල කිත්සිරි යන මහත්වරුද සමුළු සංවිධායකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාලිටනම් මොකෝ පීපල්ස් කාර්ගෝ එකට වාසි ඇති වැඩනෙ මේවා. (නදී)
පෞද්ගලික අමනාපකම් පිරිමහන්න මේක පාවිච්චි නොකර මේ කළ කාර්යය අගය කරන්න (නි)
අපි දන්නේ දැන් තමයි. සහභාගී වුනු අයගේ පින්තුරයක්වත් නැහැ. හැබැයි අය වැය වාර්තාවනම් දැනටමත් ලංකා බැංකුවේ ලොක්කන්ට යවලත් ඇති. (නදී)
හොඳ වැඩක් අපගේ සුබ පැතුම් ලංකා බැංකුවට !(අ)
වඳුරා තමාගේ වලිගය පිළිබඳව මහත් උද්යෝගයකින් කතාකරයි සින්දු කියයි.(නදී)
ඔහොම දෙයක් කරනවා නම් ලංකාවෙන් ඇවිත් සවුදි ඉන්න අයටත් කියලා කළා නම් නේද බැංකුව ගැන තව පැහැදෙන්නේ? (නි)
අපි දමාම් ඉඳලා කිලෝ මීටර් 70 කට එහා ඉන්නේ. අපි මෙහෙම දෙයක් දන්නේ නැහැ. (නි)
ඇත්තටම මෙහෙම දෙයක් වුණා කියලා ප්‍රචාරයක් කළා නම් අපිත් සහබාගි වෙනවා. (නි)
මම ඉන්නේ කොබර් වල. අපිවත් දන්නේ නැහැනේ. (නි)
ලංකා බැංකුවේ සෞදි අරාබියේ නේවාසික නියෝජිතයින් වන බුද්ධික අමිල,සු පුන් මධුශංක හා අමිල කිත්සිරි යන මහත්වරුන්ගේ දුරකතන අංකය ලබාදෙන්න.(නදී)
දැනගත්තා නම් කට්ටිය ගොඩක් එනවනේ (නි)
සෞදි අරාබියාවේ පවතින නීතිමය රාමුව තුල විශාල පිරිසක් සහභාගී කරගනිමින් උත්සව පැවැත්වීමේ අපහසුතාවයක් ඇත. එබැවින් සියලුම ගණුදෙණුකාර භවතුන් නියෝජනය කරමින් සුළු පිරිසක් පමණක් සහභාගී කරගැනුමට සිදුවිය.ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. අමිල කිත්සිරි - 0501946720 - රියාද් නගරය බුද්ධික අමිල - 0569961024 - දම්මාම් නගරය සුපුන් මදුරංග - 0557593936 - ජුබෙල් / අල්-කොබාර්.(නදී)