IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලෝක පාපන්දු සමුළුවේ කමිටු 4 කට මනිලාල්

ලෝක පාපන්දු සමුළුවේ විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතා එහි අනුකමිටු හතරක තනතුරු සඳහා යෝජනා වී ඇතැයි වාර්තාවේ. මෙම අනුකමිටු දෙකක සභාපති ධූර සඳහා ද ඔහු පත් කිරීමට නියමිතය. ලෝක පාපන්දු සමුළුවේ සභාපති ජෝශප් බ්ලැටර් මහතාගේ උපදෙස් පරිදි ප‍්‍රනාන්දු මහතා අනුකමිටු සඳහා පත් කිරීමට යෝජනා වී තිබේ. මනිලාල් ප‍්‍රනාන්දු මහතා වසර ගණනාවක් තිස්සේ ආසියානු පාපන්දු සමුළුවේ උප සභාපති ධූරයකද කටයුතු කරන අතර පසුගිය වසරේදී ඔහු ලෝක පාපන්දු සමුළුවේ විධායක සභාවටද පත් විය. මේ අතර ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේ මෙතෙක් පවත්වා ගෙන ආ ගෝල ව්‍යාපෘති කලාපීය පාපන්දු සංවර්ධන මෙහෙයුම් කාර්යාලය ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගෙනයාමට ලෝක පාපන්දු සම්මේලනය මේ වන විට තීරණය කර තිබේ. මෙම ගෝල ව්‍යාපෘති කාර්යාලය වසර 2001 සිට ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක විය. මේ පිළිබඳව ”ලංකාදීප”ය කළ විමසුමකදී ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මෙම කාර්යාලය කොළඹින් ඉවත් කිරීමට ලෝක පාපන්දු සමුළුව තීරණය කළේ කළින් ගෙන තිබූ තීරණයකට අනුව බවයි. මෙම කාර්යාලයේ මෙතෙක් සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස තනතුර හෙබවූ පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරි ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා තවදුරටත් කොළඹ සිට මෙම තනතුර හොබවන බවත් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර බ්ලැටර් මහතා ගෝල ව්‍යාපෘති සම්බන්ධිකරණ කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කළේ මනිලාල් ප‍්‍රනාන්දු මහතා සමග ඇති කර ගත් අමනාපයකින් බවට වාර්තා පළ විය. පැවැති ලෝක පාපන්දු සමුළු නිලවරණයේදී බ්ලැටර් මහතා සමග සභාපති ධූරයට තරග වැදුණු බින් හමාම් මහතාට ශ්‍රී ලංකාවේ සහයෝගය පළවිය. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේදී ප‍්‍රනාන්දු මහතා ප‍්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ බවටද වාර්තා පළ විය. එහෙත් ඒ පිළිබඳව ප‍්‍රනාන්දු මහතා පැසුවේ මෙම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බව තමා ලෝක සමුළුවේ අනුකමිටු තනතුරු සඳහා බ්ලැටර්  මහතා විසින්ම යෝජනා කිරීමෙන් පැහැදිලි වන බවයි.



අදහස් (0)

ලෝක පාපන්දු සමුළුවේ කමිටු 4 කට මනිලාල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site