අත පය කැපී වෙන් වූවනට එම අවයව සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය සමත් වී සිටියි. එම සැත්කම් ගැන මාධ්‍ය වර්තා ලියූ ලංකාදීප වෙබ් මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණය වූයේ එම වෛද්‍යවරුනට ඇතැම් උපකරණ අත්‍යවශ්‍ය බවයි. සියුම් ස්නායු ආදිය බද්ධ කිරීම සඳහා කුඩා දේ ලොකු කැර පෙන්වන කණ්නාඩියක තද බල අවශ්‍යතාවයක් ඇති බව ඔවුහු පෙන්නා දෙති. හිසේ පළඳින මෙම කණ්ණාඩිය Head – worn loupe EyeMag pro S යනුවෙන් හැඳින්වේ. 3.3x විශාල කළ හැකි, 450 මිලි මීටර් දුර බැලිය හැකි, මිලීමීටර් 100 දෘෂ්ඨි කේන්ද්‍රයක් ඇති ( Magnification 3.3x working distance 450 mm, visual field 100 mm ) කණ්ණාඩියක් ලැබේ නම් එම පරිත්‍යාගය ඉතා වටිනා බව එම මාධ්‍යවේදීහු පවසති. අපේ එසැණ වෙබ් පාඨකයන් අතරින් කෙනකු හෝ සංවිධානයක් මේ පරිත්‍යාගය කරන්නේ නම්, ඔවුනට තවත් තාක්ෂණ විස්තර අවශ්‍ය නම් [email protected] ඊ මෙල් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න.
සම්බන්ධ ලිපි -
http://www.lankadeepa.lk/index.php/articles/49696
http://www.lankadeepa.lk/index.php/articles/53967
http://www.lankadeepa.lk/index.php/articles/46100
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීලය පාටක අපටත් මේ උතුම් පින්කමට දායක වීමට අවස්ථාව ලබා දීම ගැන බොහෝ ස්තුතිවන්ත වෙනවා. මේ සදයා අපේ මුදල් පරිත්‍යාග කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (ත)
http://www.facebook.com/handto.hand.355?ref=tn_tnmn කරුණාකර මේ හා එකතු වෙන්න (දී)
මේ එකක මිල කීයක් වගේ වෙයිද කියල කියන්න පුලුවන්ද? (ත)
මේවගේ දේකට දායකත්වය දෙන එක නම් ලොකු පින්කමක්. (ත)
අන්න පුළුවන්නම් දැන් අපේ ප්‍රතිචාර දාන කට්ටියට හොද අසව්ථාවක්. මේවගේ දෙයක් කරන්න පුළුවන්නම් කරන්න.
http://shop.strato.de/epages/61313998.sf/en_GB/?ObjectPath=/Shops/61313998/Products/1004
[email protected] ලිපියෙන් විමසන්න.
කීයද වටිනාකම කීයද? (ත)
සමාවෙන්න. සමාවෙන්න. (ත)
යුරෝ 1650 සිට ඉහළට මිල ගණන් ඇති බව කරුණාවෙන් සලකන්න.
මිල යුරෝ 1650යි.
වගකීමක් ඇති කෙනෙක් ඉදිරිපත් වෙලා ගිණුමක් ආරම්භ කරන්න. (නි)
මුළු ගානමනම් දෙන්න බැරිවෙයි. ඒත් අපට පුළුවන් දේ කරනවාමයි. (ත)
ඉන්ද්‍රජිත් හරියටම හරි. රටේ ඕනෑ තරම් මුදල් නාස්ති කරනවා. මේ වගේ දේවල් නොගෙන. නමුත් මම කැමතියි එක දෙයක් යොජනා කරන්න. අපේ රටෙන් ඉගෙනගෙන පිටරටවලට ගිහින් ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය බැලුවම එක්කෙනෙක් යූරෝ එකක් බැගින් දුන්නත් වැඩේ ගොඩ. ජනතාවගේ බදු සල්ලි වලින් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගත්තු පිටරට ගිය දොස්තරවරු සල්ලි දෙන්නකෝ. අඩුම ගානේ මේ වගේ සද් කාර්යයකටවත්. (ස)
ගිණුම් අංකයක් දුන්නොත් හොඳ ප්‍රතිචාර ලැබෙයි. (ත)
මේ වගේ වැඩ වලට ගිණුම් ආරම්භ කරන්නත් එපා අරමුදල් පිහිටුවන්නත් එපා.ඒවායේ වගකීමක් නැහැ. කොතරම් මුදල් එකතුවෙනවද ? ඒවට මොනවද වෙන්නේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. (ස)
මිනිසුන්ගේ අත පය කපා දමන අයගෙන්ම මේ මුදල අය කළ යුතුයි. (ත)
හොඳම වැඩේ ලංකාදීපෙන් අරමුදලක් පටන් ගන්න එක. අනිවාර්යෙන්ම අපි උදව් කරනවා.
අනේ මංදා යන්නේ කොහෙද මල්ලෙ පොල්.. කෝ මේ ඇමතිලා.. කෝ අමාත්‍යංශ?(නු)
නරකද අපි ඔක්කොම එකතුවෙලා ටිකටික දාල මේ ගණන එකතුකරන එක. එහෙම ක්‍රමයක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු දෙයක්. මමත් කැමතියි පුළුවන් ගණනක් දෙන්න.(ස)
අදහස් ඉදිරිපත් කර සියලු දෙනාට ස්තුතියි.
කරුණාකරලා අරමුදලක් පිහිටවන්න. අපි උදව් කරන්නම්. (ත)
මම යෝජනා කරනවා ලංකාවෙ ඉන්න මැති ඇමැතිවරු ටික එකතුවෙලා මෙම සත් ක්‍රියාව කරන්න. පවු තියෙනවා නම් සේදිලා යයි. (නි)
අදට තියෙන විනිමය අනුපතිකය අනුව අවම වශයෙන් රුපියල් 262399.50 විතර වෙන්නෙ. රටේ ජනතාව විදියට අපිට පුලුවන් දේ අපි කරමු.ඒත් ඩොලර් මිලියන ගනන් වලින් බොරු දේවල්වලට ණය නොවී රටේ දුප්පත් මහජනයාට සෙතක් වෙන මෙවන් දෙයකට රුපියල් ලක්ෂ කිහිපයක් වියදම් කල නොහැකිනම්......මට මගේ පුන්චි මව්බිම ගැන දැනෙනුයේ අප්‍රමාණ දුකකි... (ත)
කරුණාකර ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න.
මේ යෝජනාව කළින් ගෙනාවා නම් මගේ මිත්‍ර සරත්චන්ද්‍ර අද හොදින් ඉන්නවා. කනගාටුයි. (නි)
ලකංාදීපය මුල්වී කරුණාකර ගිණුමක් අරඹන්න. (නි)
හොද වැඩක්. අපි අරමුදලක් පටන් ගනිමු. මටත් පුලුවන් හැටියකට දායකත්වය දෙනවා. (නි)
[email protected] මෙම ඊමේල් ලිපිනයෙන් අංකය විමසන්න.
සාධු සාධු සාධු.. කරුණාකරලා ගිණුම් අංකයක් දමන්න. එතකොට සියලු දෙනා හැකි පමණින් මුදල් බැර කරාවි. ලොකු පිනක්. ගිලණුන්ට සැලකීම බුද්න්ට කරන සැලකිල්ලක් විදියටයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. (ත)
කරුණාකර ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න
ලංකාදීපය මුල්වෙලා අරමුදලක් පටන් ගන්න. අපි උදව් කරන්නම්.
කරුණාකර බැංකු ගිණුම් අංක ප්‍රසිද්ධ කරන්න. මැති ඇමැතිවරුන්ගෙන් අපට වැඩක් නැහැ. අපිවත් එකතු වෙලා වැඩ කරමු. පිටරට ගිය දොස්තරවරුත් උදවු කරනවා. (නි)
අපිට පුලුවන් විදියට කොහොම හරි මේක කරමු.ලංකාදීපය මුල් වෙලා ගිණුමක් අරඹන්න.මට විශ්වාසයක් තියෙනො මාසයක් ඇතුළත මේ ගණන හොයා ගන්න පුලුවන් වෙයි කියලා.වෙන,වෙන අයගෙ ගිණුම් අංක දාන්න එපා.මේක සයිබරය. කොහොමද විශ්වාස කරන්නෙ? (නි)
රගර් තරග වලට යුද සමරු චෛත්‍ය සෑදීමට, ෆෝමියුලා ධාවන පථ සහිත වරාය උද්‍යාන සෑදීමට, කවුරුවත් වැඩ නොගන්නා ටෙලි සිනමා ගම්මාන සැදීමට,නෙලුම් කුළුණු සැදීමට ආණ්ඩුවට අපමණ මුදල් ඇති රටක මෙවැනි අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ජනතාවට සතෙන් සතේ එකතු කර අරමුදල් ගොඩ නැංවීමට සිදුවීම සිනා නොයන විහිළුවකි. මෙහිදී සද්භාවයෙන් මේ කටයුත්තට ඉදිරිපත් වන උතුම් මිනිසුන් මේ වදන් වලින් හිත නරක් කරගන්න එපා. (නි)
(http://facebook.com/handto.hand.355) මෙයට දායක වීමට කැමති සියලු දෙනා ..එක්වන්න .(ස)
ගිණුම් අංකය එවන්න. (නි)
රජයෙන් කීයක්හරි ඉල්ල ගන්න බැරිද ?? (ස)
මෙහි රෝහලකින් සහනදායක ලෙස මෙවෙනි දෙයක් පරිත්‍යාග කරන්න පුලුවන්ද කියල මම විමසල අහල දන්වන්නම්. එහෙම පුළුවන් කමක් තියනවනම් අපිට එය ලොකු පිටිවහලක් වේවි ..(ස)
කරුණාකර ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න (ස)
උපුල්, ගෝපාල්, මොකද්ද දැන් වෙන්නේ? නැව් ගාස්තු මම දෙන්නම්. කොහොමද මේ වැඩේ වෙන්නේ? අපි කතා කළාට විතරක් වැඩක් නැහැනේ. මේකට ගිණුමක් ඇරෙන්නේ නැහැ වගේ. (නි)
කරුණාකර බැංකු ගිණුම් අංක ප්‍රසිද්ධ කරන්න.
බැංකු ගිණුමක අංකයක් තිබුණනනං අපෙන් පුළුවං ගානක් යවන්න පුළුවං...!!(නු)
ගිණුම් අංකයක් දෙන්න. (ත)
උදව් කරන්න බොහොම කැමතියි.. ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න..(නු)
බැංකු ගිණුමක් අරඹන්න,.(ස)
( http://shop.strato.de/epages/61313998.sf/en_GB/?ObjectPath=/Shops/61313998/Products/1004 ) මේ වෙබ්අඩවියට ගිහින් බලන්න මෙතන තියෙනවා ගණන් කිහිපයකටම ඔය කියන උපකරණය .... යුරෝ 1650 වෙනවා .
ඔබ වෙනුවෙන් අපි ....(ස)
රගර් තරග වලට යුද සමරු චෛත්‍ය සෑදීමට, ෆෝමියුලා ධාවන පථ සහිත වරාය උද්‍යාන සෑදීමට, කවුරුවත් වැඩ නොගන්නා ටෙලි සිනමා ගම්මාන සැදීමට,නෙලුම් කුළුණු සැදීමට ආණ්ඩුවට අපමණ මුදල් ඇති රටක මෙවැනි අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ජනතාවට සතෙන් සතේ එකතු කර අරමුදල් ගොඩ නැංවීමට සිදුවීම සිනා නොයන විහිළුවකි. මෙහිදී සද්භාවයෙන් මේ කටයුත්තට ඉදිරිපත් වන උතුම් මිනිසුන් මේ වදන් වලින් හිත නරක් කරගන්න එපා. අපටත් කවදා හෝ මෙවැනි පහසුකමක් අවශ්‍ය විය හැකි බව දන්නවා. ආණ්ඩුවකින් කෙරෙන පාටක් නැති නිසා ඉතින් අපිවත් එකතු වෙලා කරමු. (නි)
කරුණාකර මෙය ලංකාදීපයේ නැවත පල කරන්න.(ස)
බැංකු ගිණුමක් අරඹන්න...(ස)
මට පුළුවන් එකක් අරන් දෙන්න. කරුණාකරලා කියන්න කොහෙන්ද ගන්නේ සහ කොහොමද ගන්නේ කියලා. (නි)
අපි මෙහේ වෙබ් අඩවියක් පටන් ගනිමු. ඒක හදන එක ගැන මම බලා ගන්නම්. කට්ටිය කැමතිනම් වැඩේ පටන් ගනිමු. (අ)
ලංකාදීලය පාටක අපටත් මේ උතුම් පින්කමට දායක වීමට අවස්ථාව ලබා දීම ගැන බොහෝ ස්තුතිවන්ත වෙනවා. මේ සදයා අපේ මුදල් පරිත්‍යාග කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා(නු)
ඔබය පුළුවං නම් තව විස්තර සමග අවශ්‍ය ද්‍රව්‍ය සදහන් කරන්න (නු)
handto.hand.355@facebook.com Head – worn loupe EyeMag pro S ( Magnification 3.3x working distance 450 mm, visual field 100 mm ) කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයට මෙය ලබාදීමට කරුණාකර ඔබත් දායක වන්න (දී)
හැම දෙනාම කොමෙන්ට් දැම්මට තාම මේක ගන්න විදිය ගැන හරි තීරණයක් නැහැ මම dr. අමිල සිරිවර්ධන එක්ක කතා කරලා බලන්නම්...අපි මුලික වෙලා මෙය අරන් දෙන්න බලමු ....මම අනුර සිල්වා ලන්ඩන් (අ)
හරි මං ඇමෙරිකන් ඩොලර් 200 දෙන්නම්. කට්ටිය එකතු වෙලා දෙන්න පුළුවන් ගාන කියන්නකෝ. ඊට පසුව අවශ්‍ය මුදල එකතු වුණාම, ඔයාලා දෙන්න ගිණුම් අංකය. ඒකට එවන්නම්. (නි)
මෙතනට යන වියදම මම දෙන්නම්. හැබැයි මගේ නැව් ගාස්තුව කවුරු හරි ගෙවන්න ඕනෑ. මොකද මට ඒක දරා ගන්න බැහැ. (නි)
ගිණුමක් අරඹන්න. මමත් පුළුවන් විදියට උදවු කරන්නම්. (නි)
ගිණුමක් අරඹා දැනුම් දෙන්න. (නි)
ජනාධිපතිතුමනි, ජනාධිපති අරමුදලින් මේ සදහා මුදල් වෙන් කරලා දෙන්නකෝ. (නි)
කරුණාකර බැංකු ශාඛාව සහ ගිණුම් අංකය පළ කරන්න. (නි)