ශ්රී ලාංකික ඉංජිනේරුවන් හා ශ‍්‍රමිකයන් විසින් නිපැදවුණු සිව්වැනි රුවල් යාත‍්‍රාවද වැලිගම මුහුදු තීරයෙන් දියත් කැරිණි.
කොග්ගල නිදහස් ආයෝජන කලාපයේ නිෂ්පාදිත මේ රුවල් නැවේ උස මීටර පහකි. රුවල් කඳ මීටර 20කි. දිග මීටර 15.8කි. අවරේ පළල මීටර 8.3කි. යුරෝපීය ප‍්‍රමිතියේ පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිතය. බර ටොන් 12කි. නිදන කාමර හතරකි. සිවු දෙනකු සඳහා මාසයකට ආහාර ගබඩා කළ හැකිය. විදුලිය සූර්ය තාපයෙනි. පානීය ජලය මුහුදු වතුරෙන් පෙරාගනී. පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් රුවලෙන් යාත‍්‍රා කළ හැකි මේ නැවේ ඞීසල් ඇන්ජින් දෙකක්ද ඇත. තිස්ස ජිනසේන හා ඉංජිනේරු චමින්ද සංජීවගේ නායකත්වයෙන් තිස් දෙනෙක් මේ නැව තැනූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
අපේ රටට අවශ්‍ය තාක්ෂණය ලබාදී රට වෙනුවෙන් කරන මේ උදාර සේවය අපි අගයනවා... තව තව අලුත් නිපැයුම් කරන්නට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා.
නියමයි ආසියාවේ ආශ්චර්යය ජයවේවා
හොද කාර්යයක් සහෝදරවරුනී
ලංකාවට ජයවේවා. මේ වගේ දක්ෂ මිනිසුන්ට අත දී මේ වගේ දේවල් තව තවත් දියුණු කරන්න ඕනා. නියමයි. අපේ සුබ පැතුම්
ශ්රී ලංකාවට අභිමානයක්.
සතුටුය. ලක්පුතුණි ඔබ දැරු වෑයමට! තව තව දිරි ලැබේවා පෙරටම යන්ට. අනාගතයෙ රන් අකුරින් බබලන්ට මෙවන් දරුවො තව බිහි වේවා රටට!
මෙය රටේ ඉදිරි ගමනට හොද දෙයක්. සුබ පැතුම් කොල්ලනි
ලංකාව සහල් වගාවෙන් ස්වයංපෝෂිතවී බඩගින්නේ දුක්වන සොමාලි ජාතිකයින්ට සහල් තෑගිදීමට පවා සමත්වී ඇති අතර මෙවැනි නිපැදවීම් වලින් දක්වන්නේ ලංකාවේ උදාවී ඇති කාර්මික දියුණුවේද උසස්තාවයයි. අපට ආඩම්බර විය හැකියි.
නියමයි ආසියාවේ ආශ්චර්යය
ආසියාවේ ආශ්චර්යය ලොවට පෙන්වූ වගයි
අතිවිශිෂ්ඨයි ඔබලාගේ නිර්මාණය. ජයවේවා
හැම දෙයක්ම කරන්න පුලුවන් වීරයන් ඉන්න රටක්. අපි ඒ අයට ආශිර්වාද කරමු තව ඉදිරියට යන්න. දවසක මගී නෞකාවක් හදන්න. බුදු සරණයි
ඉතා හොදයි. අපේ කොල්ලො හොද වැඩකාරයෝ
ඔබලා අපට ආඩම්බරයකි
ඔබලා වගේ පුතුන් තමයි අපේ මවුබිමට වුවමනා. ආසියාවේ ආශ්චර්යය කරා යනවිට ඔන්න අපෙන් සුබ පැතුම්
ඔහොම යං, ඔහොම යං