ගොඩබිම, ගූවනේ හා මුහුදේදි ජිවීත ආරක්‍ෂා කිරිමට රාජකීය හමුදාව විසින් කුඩා ළමයින් සදහා දුන් පුහුණු පාටමාලාව හැදැරිට මහා බ්‍රිතාන්‍යයෙන් තොරාගත් ළමයින් හය දෙනා අතරට ඵංගලන්තයේ ස්ටොක්හි ක්ලේටන් උයන ජාතික පාසලේ ශිෂ්‍ය අයෙන්ද ගමගේ ඵක්වී සිටියි. දකුණු ඵංගලන්තයේ හා උතූරු වෙල්ස්හි මෙම පුහුණු පාඨමාලාව පැවැත්විණි. ඔවුන්ගේ ඵම පුහුණු පාටමාලාව පටිගත කළ රාජකීය හමුදාව බිබිසි රුපවාහිණි නාලිකාව හරහා ලෝකය පුරා ප‍්‍රචාරය විය. පසුගිය අට වැනි දා සඳුදා සිට සවස 6 15ට කොටස් වශයෙන් ප‍්‍රචාරය කිරිම ඇරඹු මෙම වැඩසටහන සති දහයක් පුරා ප‍්‍ර‍්‍රචාරය කෙරේ. මෙයට පෙරදා අයේන්ද ගමගේ බිබිසි රුපවාහිනි නාලිකාව මගින් ඵංගලන්තය පුරාම විසිරි සිටින වයස ඵකොලහෙන් පහළ ළමයින් අතරේ පැවැත්වු කථික තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනිමට සමත්විය. ඔහු ගනේමුල්ලේ අයේන්ද්‍ර ගමගේ මහතාගේ හා කුමාරි පතිරාජ මහත්මියගේ ඵකම පුත්‍රයාය.





1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් ලාංකිකයෙක් ඉන්නවානම් ඔහු අති දක්ෂයෙක් , ඔයාට අපේ සුබ පැතුම් (ස)
හොදයි හොදයි. (නි)
නියමයි. (නි)
ඔන්න බලන්න පුතේ මේවට තමයි වීරකම් කියන්නේ (ස)
හරිම සතුටුයි පුතේ. ඔබට ජය! අපේ රටේ ඉදලා ඔය දක්ෂකම් කළා නම් ඒවා ගැන කිසිම කෙනෙක් දන්නෙවත් නැතිවෙයි. (නි)
ඇත්තටම හදවතින් ම සතුටුයි පුතේ ඔබට ජයෙන් ජය පතමි (ස)
අපට ඔබ ලොකු ආඩම්බරයක් පුතා.,අපි ඔබට සුබ පතනවා..බුදු සරණයි (ස)
අපි ඔබ ගැන ගොඩක් ආඩම්බරවෙනවා පුතේ.. කරගෙන යන්න මේ දේවල්.. සියල්ලන්ගේම ආශිර්වාදය ඔබට හිමියි... බුදුසරණයි.. (නු)
ජය වේවා !!!!(ස)
පුතා, අපෙන් ඔබට සුභ පැතුම්! (නි)
ඔබගේ නම රන් අකුරින් ලියවේවා! (නි)
ඔයානම් මල්ලියෝ ලොකු ආඩම්බරයක් , ඔයාට සදා ජය (ස)
සුභපැතුම්. ඇත්තටම අර කකුලෙන් විභාගෙ ලියලා පාස් වුණ දරුවටත් විභාගේ ලියන්න දුන්නේ සමාන වෙලාවක්ද? ඒක එහෙම නම් අසාධාරණයි. එයා කියලා තිබුණා කකුල රිදුන නිසා ඉක්මනට ලියන්න බැරිවුණා කියලා. (නි)
චතුල, ඔබ හරි. ඒ වගේම කකුලෙන් විහාගය ලියලා ජයගත්තු ,අන්ධ දෙමාපියන්ගේ විහාගය ජයගත්තු දරුවන් ගැන කතාකරන්නේ එක දවසයි. ඊටපස්සේ ඉන්නවද නැද්ද කියලාවත් දන්නෙ නැහැ. වෙනස දුප්පත්කම සහ පොහොසත්කම. අපි කවුරුත් මොනදේ කතාකෙරුවත් ඔය වචන දෙක එක සමාන කරන්න මේ රටේ කවුරුත් කතාකරන්නේ නැහැ. පිටරටවල(යුරෝපයේ) සැම කෙනාටම එකහා සළකනවා. ඒකයි අපේ රට සහ පිට රටවල වෙනස, දියුණුව. (නි)
ඇත්තටම ලොකු වීර ක්‍රියාවක් තමයි, අපේ සුබ පැතුම් (ස)
ආඩම්බරයි.. අපේ අර කකුලෙන් ශිෂ්‍යත්වේ ලියලා දස්කම් පෙන්නපු කෙලි පැටික්කිටත් පදක්කමක්වත් දුන්නානම් තමයි හොඳ (ස)
ඔන්න වීර කම් . වෙන රටක වෙන ජාතියක් අභිබවා මේ රජ පැටියාගේ දස්කම් අපිට විශාල ආඩම්බරයක් පුතේ, ජයෙන් ජය (ස)
තවත් දක්ෂයෝ බිහිවේවා (ස)
ශා..........ලක් පුතෙක් (ස)
අයෙඳ්‍ර පුතා ඉතාලියේ සිටීයදිත් අපගේ දහම් පාසලේ ඉතා දක්ස සිසුවෙක් විය. වෙනත් රටකට ගියත් ඒ දක්ස කම් එසෙම රැකගන අපෙ ලංකාවටත් කීර්තියක් ගෙනදීම ගැන අපිට ආඩම්බරයි. පුතේ නුඹේ අනාගතය සාර්තකම වේවා. (ස)
ලක් මවගේ නාමය ලොව රැන්දූ ඔබට ජයෙන් ජයම වේවා. (ස)
අයේන්ද්‍ර පුතා ඔබට ජයෙන් ජයම වේවා !!!!!!! (ස)
සුබ පෑතුම්, ඒත් අපේ රටෙත් ළිදට බෑහල නංගිව බේරගත්තු දරුවො ඉන්නව අඩු තරමෙ ටීවී එකේවත් පෙන්නන්නෙ නෑනේ (ස)
කොල්ලෝ ඔහේ නතර වෙන්න එපා (ස)
හදවතින්ම සුබ පතනවා පුතේ (ස)
අපිට ඔබ ගැන ආඩම්බරයි .ලංකාවේ දූලා පුතාලා කොහේ ගියත් ජය ගන්නවා (ස)
නියමයි පුතා (ස)
අපි ශ්‍රීලාංකිකයෝ ...........(ස)
ඇත්තටම හදවතින් ම සතුටුයි පුතේ ඔබට ජයෙන් ජය පතමි (ස)
මගේ පුතත් ඔබ වගේම ලෝකය දිනයි කවදහරි (ස)
නියමයි කොල්ලනේ , අපිට ඔබ ගැන ආඩම්බරයි...බුදු සරණයි (ස)