වල් පැලෑටියක් ලෙස ජපනුන් හඳුන්වන ගොටුකොළයේ ඖෂධීය වටිනාකම හඳුන්වා දීමට එරට රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වන බෙන්තොට දෙද්දුව යූ.කේ. නුවන් සමීර ගුණවර්ධන (30) සමත් වෙයි.
බෙන්තොට ඇලකාක, මතුගම කන්නන්ගර හා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන ඔහු ජපානයේ අමා-චෙන් සාගර දූපත් නගර සභාවේ සංවර්ධන ප‍්‍රවර්ධන නිලධරයායි.
ගොටුකොළ සලාද, සුප්, කැඳ ආදිය ජපාන අවන්හල්වලට ද ප‍්‍රචලිත කළ ඔහු හරිතාගාරයේ ගොටුකොළ වවයි.
ඔහු වසන දූපත වර්ග කිලෝමීටර් 34කි. ජනගහනය 2500කි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැබෑ ලක් පුතෙක්.
ලංකාවේ හිටියානම් මේහෙම පේන්නෑ
ඔබ රටට ආඩම්බරයක්
රටක් වටින පුතෙක්. හැදූ වැඩූ දෙමාපියන්ටත් ආසිරි! හෙළ ඖෂධවල අගය දන්නෙ ටික දෙනයි
මෙවැනි තවත් දේ කිරීමට ඔබට තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා!
නියම ලාංකිකයෙක්
කුඩා ආසියාතික රටක වැසියෙක් ජපන් වැසියන්ට කළ ප්‍රශංසනීය උදව්වක්. ඉතාමත් අගය කරමි.
සමහරු නම තියනවා, සමහරු නම කනවා
අපේ හොඳ දේවල් ලෝකයට හඳුන්වා දුන් ලක් පුතුට අපේ ප්‍රණාමය
අපේ කෙනෙකුගේ හොද වැඩක් අගය කළ යුතුයි
නියම වැඩක්. ගොටුකොළ කෑවාම මොලේ පෑදෙනවයි කියල තමයි ආයුර්වේදයේ කියන්නේ. දැනටමත් මොලෙන් හොදටම වැඩ ගන්න ජපනා ගොටුකොළ කාලා කොහෙන් නවතීද දන්නෙ නෑ.
ඔබගේ වෑයමට මාගේ සුබ පැතුම්
රටටම ආඩම්බරයි කියලා වැඩක් නැහැ. සුබ අනාගතයක්
කොහෙ ගියත් දකුණු එක්කෙනෙක් ඉදිරියෙන්..
ආඩම්බරයි ඔබ ගැන. ඔබ ඉන්න ඕන ලංකාවේ.
ලංකාවේ නම රැකගෙන ස්තුතියි