“ ලොකු ලොක්කන් පුටුවල නැහැ. අනිත් අය කයිවාරු ගහමින් ඉන්නවා තව සමහරුන් දුරකථනයේ එල්ලිලා. මහජනතාව රස්තියාදු වෙනවා. අද බදාදා මහජන දිනය. මහජනතාවට සේවා ඉටු කරන්නේ මෙහෙමද?‘යි බදාදා පස්වරුවේ හදිසියේම, මහනුවර නව මහ ලේකම් කාර්යාලයයේ රාජ්‍ය ආයතන කිහිපයකට ගිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එහි සේවකයනට අවවාද කරමින් ඇසුවේය. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධයක්ෂ හා මූල්‍ය අධ්‍යක්ෂ යන තිදෙනාම කාර්යාලයයේ නැති බව දැකගත් ආණ්ඩුකාරවරයා ඔවුන්ගේ නිදහසට කරුණු විමසන ලෙසද උපදෙස් දුන්නේය. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙත ගිය ආණ්ඩුකාරවයා එහිදී සියවසකටත් වඩා පැරණි ඉඩම් ඔප්පු සහිත ලේඛනාගාරය පරීක්ෂා කෙළේය. වැසි දිනවලට එහි පියස්සෙන් ජලය කාන්දුවීම හේතුවෙන් එහි ඇති වටිනා පැරණි ලේඛන විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇතැයි මධ්‍යම පළාත් සහාකාර රෙජිස්ටාර් ජනරාල් එම්.එස්. උපාලි මහතා පෙන්වා දුන්නේය. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයය යන කාර්යල ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි රංජිත් (ස)
දේව ශාප මේවා
මුලු රටේම තියෙන රජයේ ආයතන වැඩිහරිය ඔහොම තමයි. මේවා කාටකියන්නද? (නි)
මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. (නි)
ඕක සාමාන්‍ය දෙයක්නේ. (නි)
ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වලින් මිනිස්සුන්ව පත්කරන්නේ පුදුම පීඩාවකට. (නි)
සමස්ත රාජ්‍ය සේවයේ ස්වභාවය මෙයයි. එය පාලනයට මෙවැනි හදිසි ක්‍රියා පමණක් ප්‍රමාණවත් නැහැ. (නි)
වැඩි පඩි - වැඩි නිවාඩු - වැඩි කථා - අඩු පැය - අඩු වැඩ පුද්ගලික අංශයේ අපි නැත්නම් රටේ දළ ජාතික නිෂ්පාදිතයට දෙයියන්ගේම පිහිටයි ! (ස)
අයේ ලබන අවුරුද්දෙදිවත් එන්නකෝ ... (ස)
ඔහොමවත් ක්‍රියාත්මක වුණ එක කොච්චර දෙයක්ද? (නි)
ආ... දැන්ද ඇහැරුණේ? (නි)
කවුරු ආවත් වැඩක් නැහැ. නැවතත් සුපුරුදු ජීවිතයටම රජයේ සේවකයන් බහිනවා. (නි)
මටත් හිතෙන්නේ චින්තක හරි (ස)
මටත් හිතෙන්නේ චානක හරි (ස)
ඕක තමයි ආණ්ඩුවේ කන්තෝරු හැමඑකේම වගේ තත්ත්වය. (නි)
ප්‍රේමදාස මහත්තයාගේ කාලේ නම් ඔය සෙල්ලම් බැහැ. ඒත් ඉතිං දැන්..? (නි)
අයියෝ දෙයියනේ
ආණ්ඩුවේ හැම කන්තෝරුවකම වෙන්න ඔය ටිකමයි. ඔබතුමා කිසිම දෙයක් දන්නේ නැහැ වගේනේ. (අ)
මේක විවස්ථාවට අදාලද ??? (ස)
ටිකිරි ටිකිරි ටිකිරිලියා කළෙත් අරන් ළිදට ගියා ළිද වටකර කබරගොයා ටිකිරි දැකලා පැනලා ගියා... (නි)
ආණ්ඩුකාරතුමනි ඔබට මගේ ප්‍රනාමය.. ඔක තමයි රජයේ කාර්යාලවල තත්ත්වය.. මේ කරපු වැඩේ සියළුම ඉහළ නිලධාරීන්ට හොද පාඩමක්. අහිංසක මිනිසුන් ගැන බලපු එකට ස්තුතියි.. සැබෑ තත්ත්වය ඔබතුමාට අවබෝධ කර ගැනිමට හැකිවූවා යැයි සිතමි..!(නු)
මහනුවර පැත්තේ රජයේ ආයතන ඉතාම දූෂිතයි.. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ගැන ජනමාධ්‍ය මගින්ද ප්‍රචාරය කළා.. ඉතාලියෙ ඉන්න අපට මේ අකටුයුත්ත හොදින් දැනෙනවා.. පක්ෂ භේදයකින් තොරව දූෂිත නිළධාරින් ගෙදර යවන්න..!(නු)
රජයේ සේවකයන්ට වැටුප් වැඩි නොකිරීම සාධාරණයි..!(නු)
එතුමාගේ පැමිණීමත් සමග මේ කාර්යාල ඉතාම කාර්යශූරත්වයෙන් වැඩ කරනවා.. (නු)
එදාට පස්සේ ආයෙත් ඒ විදියටම තමයි වැඩ...!(නු)
මම පසුගිය බදාදා ඔය කියන දවසේ ආණ්ඩුකාරතුමා හමුවීමට ගියා වැඩක් කරගන්න.. කෝ ඉතිං ආණ්ඩුකාරතුමාත් පුටුවෙ හිටියෙ නැහැනේ..!(නු)
මාසයකට වතාවක්වත් ඔය විදියට කාර්යාලවලට යන්නකෝ.. වැඩක් නොකර නිලධාරින් පන්නා දමන්න ඕන..!(නු)
ඡන්දයක්වත් ආයේ ඒනවාද?(නු)
එගොල්ලන් යන්නේ ඔයගොල්ලන් යන පාරෙමයි.. දොස් කියලා වැඩක් නැහැ.. පළමුව ඔයගොල්ල හරියට වැඩ කරලා පෙන්නන්න.. නිළ බලේ විතරක් පෙන්නලා මදි..(නු)
කියන අයත් එහෙමනේ (දී)
ඕක අදද ඔබතුමා දන්නේ (ත)
බොහොම හොඳ වැඩක්. අනෙක් පළාත්වල ආණ්ඩුකාර වරු ඉන්නවද කියලවත් දන්නේ නැහැ.(අ)
ඔක අලුත් දෙයක් නෙමෙයි ප්‍රසිද්ධ රහසක්..!(නු)
හැම කාර්යාලයෙම ඔහොම තමයි. රජයේ කාර්යාලවලින් කරදරයක් නැතිව වැඩක් කරගන්න පුලුවන් බැංකුවලින් විතරයි. අනෙක් හැම තැනම වැඩබැරි ටාසන්ලා තමයි ඉන්නේ. මෙ කුකුලේගම ගමහත්තය ඇත්තටම කුකුලේ ගම මද (අ)
එතුමා කළ දේ නම් ගොඩක් හොදයි. අනෙක් මැතිඇමතිවරුනුත් මෙය ආදර්ශයට ගත්තොත් හොදයි. (නි)
ඡන්දයක්වත් ළගයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අහිංසක මිනිස්සු තමයි දුක් විදින්නේ