ලන්ඩනයේ ග්‍රිනිච්හි එල්ට්හෑම් නගරයේ ක්‍රවුන් වුඩ් පාසලේ හිරුණි ගුණසේකර (12) ශිෂ්‍යාවට ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විශේෂ තැනක් හිමිවිය. බහමාස් රාජ්‍යයෙන් ආ ක්‍රිඩා කණ්ඩායම  කැඳවා ගෙන යෑමේ අවස්ථාව ඇයට  ලැබුණේ ඇගේ ගුරුවරිය ඇය ඒ සඳහා නම් කළ නිසාය. ඊට හේතු වූයේ හිරුණි ගණිතයට දැක්වූ දස්කමත් පන්තියේ ගණිතය දුරුවල  ළමයිනට ගණිතය කියා දීමත් නිසාය. හිරුණිගේ පියා කපිල ගුණසේකරයි. මව පද්මිනීය. හිරුණිකා නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිනි පන්සලේ බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල් ශිෂ්‍යාවකි.