මුල්ම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2017 දී එංගලන්තයේදී පැවැත්වීමට තීරණය කළ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කරයි.
ලන්ඩන් නුවර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවැති වාර්ෂික සැසිවාරයෙන් අනතුරුව ප‍්‍රාරම්භක ලෝක ටෙස්ට් ශූරතාවලියේ සත්කාරකත්වය එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් පාලක මණ්ඩලයට හිමිවන බවත්, ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය මින් ඉදිරියේදී නොපැවැත්වෙන බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කළේය.
”මුල්ම ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2017 ජූනි සහ ජූලි මාස වලදී එංගලන්තයේදීත් එහි දෙවැන්න වසර 2021 පෙබරවාරි/මාර්තු මාසවලදී ඉන්දියාවේදීත් පැවැත්වෙනු ඇත” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මාධ්‍ය නිවේදනයක සටහන් වී තිබිණ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය මේ වසරේදී (2013 දී) පැවැත්වීමට කලින් සැලසුම් කරන ලද නමුත් කි‍්‍රකට් තරග විකාශන සමාගම් සහ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අතර පැවැති සාකච්ඡුා වට ගණනාවකින් පසුව එම තරගාවලිය වසර 2017 දක්වා කල්දමන ලදි.
පසුගියදා නිමාවූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කෙටි බවත් එහි සාර්ථකත්වයත් නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලිය තවදුරටත් පැවත්වාගෙන යා යුතු යයි කි‍්‍රකට් බහුශ‍්‍රැතයන්ගේ මතය වුවද කි‍්‍රකට් කී‍්‍රඩාවේ දීර්ඝතම ආකාරය සඳහා වඩාත් උසස් මට්ටමේ ලෝක ශූරතාවලියක් සඳහා ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතහැර දැමිය යුතු යයි අන්තර්ජාතික කි‍්‍රකට් බලධාරීහු තීරණය කළහ.
”ටෙස්ට් ශූරතාවලිය පැවැත්වෙන බව තීරණය කර අවසන්. දැන් අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අනෙකුත් විධිවිධාන සැලසුම් කළ යුතුයි” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවෙනි ටෙස්ට් තරඟ තිබීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට වැදෙන්නේ මරු පහරක්.මෙය තනිකරම ගවේස්කාර් ඇතුළු ව්‍යාපාරිකයන්ගේ යෝජනාවක්.අවංකවම මෙය පැවැත්වීමට අවකාශ නොලැබේවා! ඒ වෙනුවට සීමිත තරග තිබීම පමණක් සෑහේ.මන්ද කාලය එතරම් දුරට කා දැමීමක් නොවන නිසා. (නි)
ඔය කාලේ වෙනකොට ලංකාවේ ක්‍රිකට් කියලා සෙල්ලමක් තිබ්බා කියලවත් මතකයත් නැතිවෙයි මිනිස්සුන්ට ... අපි ඕවට යන්නේ නැත්තම් හොදයි .... (දී)
ඉන්දියාව දිනපු හින්දා වෙන්න ඇති ඒගොල්ලෝ ඒ තීරනෙට ආවේ (දී)
ඇත්තටම මෙහෙම එක්ක තියෙන එක හොදයි (නි)
දවස් පහේ තරඟ බලන්න ඉතින් පිනට කනවුන් වෙන්නෝන.නැත්නම් කොහොමද තරඟාවලියක් කෙසේ වෙතත් මැච් එකක් බලන්නේ එක දිගට දවස් පහක් .පිස්සු තීරණයක්. නරඹන්නන්ට පුටු වෙනුවට ඇඳවල් හයි කරනවානම් කමක් නැහැ. (අ)
හොදටම පිස්සු..........................පන්දු වාර ප්‍රමාණය අඩුවෙනවා මිසක් ව වැඩිවෙන්නේ නැත.(අ)
මේක එංගලන්තේදී පවත්වනවා නම් කොහොමත් අසාර්ථකයි. එංගලන්තේ සමර් එකෙත් වහිනවා. හීතලේ එතකොට කොහොමද ටෙස්ට් තරඟාවලි පවත්වන්නේ ? මේක ඩුබායි, සාජා වගේ රටක සිත කාලේදී පවත්වනවා නම් හොදයි. (දී)
එයාලා හිතනවා ඇති ටෙස්ට් ක්‍රිකට් බලන්න මිනිස්සු හරි ආසයි කියලා. පිස්සු තීරණයක්. මෙය පවත්වන්න නොලැබේවා! (නි)
ක්‍රිකට් වල සැබෑ සාරය තියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලය ඉවසීම දරා ගැනීමේ හැකියාව වැනි ගුණාංග දියුණුවන්නේ ටෙස්ට් ක්‍රිකට් තුලය ජීවිතයට අදාල බොහෝ ගුණාංග ඉන් ඉගෙනගත හැක හැම දේම අඩු කිරීමෙනුත් මුදල් මුල් වීම නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවට වූ හානිය පසුගිය කාලයේ අප අත් වින්දෙමු ක්‍රීඩකයන් තුලද මහත්මා ගුණ නැති වී යන්නේ මේ හේතුව නිසාය එම නිසා ටෙස්ට් ක්‍රිකට් වල ප්‍රවර්ධනයට මෙවැනි තීරණයක් ගැනීම කාලෝචිතය (අ)
ක්‍රිකට් වල සැබෑ සාරය තියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලය ඉවසීම දරා ගැනීමේ හැකියාව වැනි ගුණාංග දියුණුවන්නේ ටෙස්ට් ක්‍රිකට් තුලය ජීවිතයට අදාල බොහෝ ගුණාංග ඉන් ඉගෙනගත හැක හැම දේම අඩු කිරීමෙනුත් මුදල් මුල් වීම නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවට වූ හානිය පසුගිය කාලයේ අප අත් වින්දෙමු ක්‍රීඩකයන් තුලද මහත්මා ගුණ නැති වී යන්නේ මේ හේතුව නිසාය එම නිසා ටෙස්ට් ක්‍රිකට් වල ප්‍රවර්ධනයට මෙවැනි තීරණයක් ගැනීම කාලෝචිතය (අ)
ඉතාමත් හොද ආකල්පයක්. ක්‍රිකට් ක්‍රීඩාව මුදලට වහල් වෙලා තියන අවදියක මෙවැනි තීරණයක් ගැනීම පැසසිය යුතුයි. නියම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව. එංගලන්තේ ඕනෑ තරම් සෙනග ඉදිවී ටෙස්ට් ලෝක ශුරතාව බලන්න. (නි)
මම හිතන්නේ ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ ශාරීරික සුවතාවය. කව්රුවත් සල්ලි හම්බකරන්න සෙල්ලම් කරන කොට අප්පුඩි ගහලා අපිට ශාරීරික සුවතාවයක් ලැබෙනවද? අපි මෙතැනදී බුද්ධිමත් වෙන්න ඕනෑ. ඉන්දියාවේ මෝඩ මිනිස්සු තරග වලට ලක්ෂ ගණන් වියදම් කරනකොට අපේ ක්‍රීඩකයෝ කට්ටිය යවලා ලැබෙන සල්ලි ප්‍රේක්ෂකයෝ අතර බෙදා ගන්න ඕනෑ (නි)
අපේ කොල්ලන්ට සෙල්ලම් කරන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.(නදී)