බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 14442) සොරාගැනීමට චීන හැකරුන් ගත් උත්සාහයක් වැළැක්වීමට ශ්‍රී ලංකාවේ බැංකු සේවකයෙක් මුල් වූ බව බැංකු ආරංචි කියයි.
බංගලිදේශ මහ බැංකුවේ නිව්යෝක් නුවර ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් මෙම මුදල් සොරකම් කිරීමට නොහැකිවූ තවත් හේතු දෙකක් වනුයේ ටයිප් කිරීමේදී සිදුවූ දෝෂයක් සහ බැංකු නිවාඩුද හරස් වීම නිසා බව කොළඹ, ඩකා හා නිව්යෝක් නුවර බැංකු පවසයි.
පසුගිය පෙබරවාරි 5 වැනිදා අනුන්ගේ පරිගණක දත්තවලට හොරෙන් ඇතුළුවන හැකරුන් බංග්ලිදේශයේ විදේශ විනිමය ගිණුමෙන් ඇමරිකා ඩොලර් මිලියන 81ක් (රුපියල් මිලියන 11700) බංගලිදේශ බැංකුවෙන් පිලිපීන බැංකුවකට මාරු කර ඇතැයි බංගලිදේශ නිලධරයෝ කියති.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියනුයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ ශාලිකා ෆවුන්ඩේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයකට මෙම මුදල් මාරු කරන ලෙස හැකරුන් උපදෙස් දී ඇතත් Foundation වෙනුවට Fandation යනුවෙන් ටයිප් කර තිබීම ශ්‍රී ලංකාවේ බැංකු ටෙලර්වරයාගේ අවධානයට යොමු වී ඇත. බැංකු ටෙලර්වරයා ඒ බව සොයාබැලීමෙන් එම හොරය අල්ලා ගැනීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි කියයි.
තම ගිණුමෙන් මුදල් වෙනත් බැංකුවකට මාරු කරන ලෙස හැකරුන් නිව්යෝක් බැංකුවෙන් දහ දොළොස් වාරයක් ඉල්ලා ඇතැයි කියති. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ තවත් ඇමරිකා ඩොලර් මිලියන 850ක් (රුපියල් මිලියන 122762 ) සොරකම් කරගැනීම බවත් එහෙත් නිව්යෝක් බැංකුවේ ආරක්ෂක පද්ධතියේ ස්වභාවය හා ඇතැම් උපදෙස් ටයිප් කිරීමේදී සිදුවූ වැරැදි නිසා සොරුන්ට වැරදී ඇත.
නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 81ක් පිලිපීන ගිණුමකට මාරු කර ඇතත් ඇමරිකා ඩොලර් මිලියන 850ක් මාරු කිරීම බැංකුවේ ආරක්ෂිත පද්ධතිය නිසා වැළැක්වී ගිය බව බංගලිදේශ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති රසී හසන් ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කියා ඇත.
ශ්‍රී ලංකාවේ බැංකුවකට මුදල් මාරු කිරීමට හැකරුන් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔවුන්ගේ ඉල්ලීමේ වැරදි අකුරක් තිබූ නිසා බව හසන් කියයි.
බංගලිදේශ, නිව්යෝක් හා පිලිපීන බැංකු අතර සති අන්තවලදී පවත්නා සන්නිවේදන හිඩැස පාවිච්චි කරමින් හැකරුන් මුදල් සොරකම් කිරීමට 35 වතාවක් අසාර්ථක උත්සාහයක යෙදී ඇතැයිද හසන් පවසයි.
හැකරුන් මෙම උත්සාහය ගෙන ඇත්තේ සිකුරාදාය. එදින බංගලිදේශ බැංකු නිවාඩු දිනයකි. ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව සෙනසුරාදා හා ඉරිදා වසා තැබේ. චීන ජාතික අලුත් අවුරුද්ද වෙනුවෙන් පිලිපීනයේ බැංකු සඳුදා වසා තැබිණි.
අන්තර්ජාල අපරාධ පිළිබඳ බංගලිදේශ විශේෂඥයෝ මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වති. චීන හැකරුන් සිද්ධිය පිටුපස ඇතැයි ඔවුහු සැකකරති. බංගලිදේශ බැංකුවේ සංචිත ගිණුම පාලනය කරන ඇමරිකා රිසර්ව් බැංකුව පවසනුයේ ඔවුන්ගේ බැංකු ආරක්ෂක පද්ධතියට හොරෙන් ඇතුළුවීමට නොහැකි වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ බැංකු ටෙලර්වරයාගේ උකුසු ඇස නිසා මෙම හොරකම සිදුවන්නට පෙර ඇමරිකා ෆෙඩරල් බැංකුවටත් ශ්‍රී ලංකා මහ බැංකුවටත් බංගලිදේශ මහ බැංකුවටත් දන්වා එම සොරකම වළක්වාගත හැකිවූ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියයි.
‘ඇමරිකා, බංගලිදේශ හා අපට මේ ගනුදෙනුව ගැන මුලින්ම දැන්වූයේ ශ්‍රී ලංකා ටෙලර්වරයෙක්‘ මහේන්ද්‍රන් මහතා එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය “හැකරැල්ලන්“ අල්ලා නීතිය ඉදිරියට ගෙනවිත් ජීවිතාන්තය දක්වා සිර ගෙදර ඉන්න දෙන්න (නි)
චීනට බැංකුව හැක් කරන්න පුළුවන්, ඉංග්‍රීසි හරියට ලියා ගන්න බෑ... (හේ)
මේ වෙනුවෙන් ලංකාවට විශේෂ සැළකිල්ලක් හිමිවිය යුතුයි. මෙය අගය කළයුතු වැඩක් (නි)
බැංකුත් කරන්නේ මජනයගේ මුදල් හැක් කරන එකනේ.ඒ නිසා දෙගොල්ලම සමානයි (බ)
අන්තර්ජාලයට රටවල් ක්ෂණයෙන් පොහොසත් කිරීමටත්, දුප්පත් කිරීමටත් හැකි බවට මෙය ප්‍රබල සාක්ෂියකි. විශ්ව ගම්මානය, විශ්ව පවුල විනාශ කිරීමටද හැකිවන බවටද සාධකයකි. (නි)
චීන හකරුන්ට ලංකාවට එන්නෙ කියල මාසෙන් දෙකෙන් ඉංග්‍රීසි උගන්නන පන්තියකට යවල වැඩේ පටන්ගන්න කියන්න.(බ)
ගොන් වැඩක් කරලා තියෙන්නේ' ලංකාවට ලැබෙන්න තිබුන ගානක් නැතිකරගෙන ' අගමැති පුදුම දුකක් විඳිනවා ලෝකේ වටේ ගිහින් කීයක් හරි හොයාගෙන එන්න (බ)
මේක අපේ රටට ලොකු ගෞරවයක්. (නි)
චීනට බැංකුව හැක් කරන්න පුළුවන්, ඉංග්‍රීසි හරියට ලියා ගන්න බෑ...(බ)
ලංකාවේ දුප්පත් අයට උදවු කරන්න වෙන්න ඇති රාජ්‍ය නොවන සංවිධානය ඔය වැඩේට සම්බන්ද වෙලා තියෙන්නේ.(අ)
මහින්ද මහත්තයා හිටියනම් චීනුන්ට කියලා අපිටත් මේ විදිහට ලංකාවට සල්ලි ගෙන්නගන්න තිබුණා. (බ)
අපේ මහ බැංකුවත් හොරාකෑවේ ඔය අයම තමයි (බ)
චීන්නු ලෝකේ වටේම හොරකම් කරනවා ....(බ)
අපේ හැකරුන් දිනපතාම මහ බැංකුවට විදින්නේ (බ)
ඕක හරියටම කරන්න තිබුන, අර.......... අයගෙන් උපදෙස් ටිකක් ගත්තනම් (බ)