IMG-LOGO

ලංකා ගුරු සංගමයත් සරසවි ඇදුරු සහයට

සරසවි ඇදුරන් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහාය දැක්වීම ඇතුළු යෝජනා 17ක් සහ ඉල්ලීම් 63ක් වව්නියාවේදී පැවති ලංකා ගුරු සංගමයේ 55 වැනි ජාතික නියෝජිත සමුළුවේදී සම්මත වූ බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. ගුරු, විදුහල්පති සේවයන්හි  ගැටළු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධරයන් නිහඩ නිසා තෙවන පාසල් වාරය අවසන් වීමට පෙර දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටත්, අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් හඬනගන  වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් නායකයන් නිහඬ කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකිරීමටත් ජාතික සම්මේලනයේදී තීරණය කළ බව ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.



අදහස් (0)

ලංකා ගුරු සංගමයත් සරසවි ඇදුරු සහයට

නිමල් Sunday, 23 September 2012 03:00 PM

ජයවේවා .... ජයවේවා

:       0       0

ප්‍රබෝධ Monday, 24 September 2012 08:34 AM

නිදහස් අධ්‍යාපනය සුරැකීමට ඔබ සංගමය ගත් තීරණයට ගොඩා.ස්තූතියි (ස)

:       0       0

ප්‍රබෝධා Monday, 24 September 2012 08:40 AM

නිදහස් අධ්‍යාපනය සුරැකීමට ඔබ සංගමය ගත් තීරණයට ගොඩක් ස්තූතියි. (නි)

:       0       0

හසිත Saturday, 22 September 2012 08:43 PM

පාරවල් ටික හදල ඉවර වෙලා අපි අධ්‍යපනය ඉවර කරනව(නු)

:       0       0

රණතුංග Saturday, 22 September 2012 09:44 PM

ලංකාවෙ උගතුන් අඩුවූ තරමට ඡන්දය දිනන්න ලේසියි..!(නු)

:       0       0

ජගත් ලියනගේ Saturday, 22 September 2012 10:24 PM

ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසදන්න උවමනාවක් නෑ. ජාත්‍යන්තර පාසල් තියන තරමට හොදයි. හේතුව අධ්‍යාපනයට අය වියදම අඩු කරන්න වෙනවනේ එතකොට.

:       0       0

දමිත් Saturday, 22 September 2012 10:45 PM

නාවලගේ, ඔයාගේ ළමයින්ව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරගන්න පුලුවන් ඇති. ඒත් දුප්පත් මිනිසුන්ට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

සේනක Saturday, 22 September 2012 11:07 PM

අපේ රටේ දල ජාතික ආදායමෙන් හැමදේටම වියදම් කරන්නේ සියයට 24 යි. ඒකෙන්  සියයට 6 ක් අධ්‍යාපනයට වියදම් කරන්න බැරි බව පොඩි දරුවෙකුටත් තේරෙනවා. මේ  විශ්ව විද්‍යාල සංගමයේ නායකයන්ට ඕනෑ කරන්නෙ රට අස්ථාවර කරන්නයි. (නි)

:       0       0

කෝසල Sunday, 23 September 2012 05:22 PM

ශ්‍රී ලංකාවේ තරම් බහුතර මෝඩයින් සිටිනා රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)

:       0       0

අහමඩ් Saturday, 22 September 2012 11:11 PM

අධ්‍යාපනය සදහා 6% ක් වෙන්කන්න කියලා ආණ්ඩුවට බලකිරීම බුද්ධිමත් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක්. දැනට අධ්‍යාපනයට 1.86%, කෝප් වාර්තාවට අනුව හොරකම් වලට 9%ක්. (නි)

:       0       0

කීර්ති Sunday, 23 September 2012 08:27 AM

මොනවා වුණත් මේ පාලන විදිය වෙනස් නොකළොත් අපේ දරුවන්ට අනාගතයේදී වහලුන් වීමට සිදුවේවි.

:       0       0

සේනක Sunday, 23 September 2012 09:23 AM

ඔක්තොබර් පලවෙනිදා ඉදල මහාචාර්ය වරයකුට 142000 ක මාසික වැටුපක් දෙන්න පොරොන්දු වෙලා ඉද්දි කිසිම කෙනෙකුට දෙන්න බැරි 6% ක් අල්ලගෙන මේ අය යන්නෙ කොහෙද කියල කාටත් තේරෙනවා. කරුණාකරල ආණුඩු පෙරලීම නතර කරල දැන්වත් අපේ රටේ දුප්පත් ළමයින්ට උගන්නන්ඩ  ගන්න.

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 23 September 2012 09:32 AM

"සේනක 2012-09-22 23:07:21 අපේ රටේ දල ජාතික ආදායමෙන් හැමදේටම වියදම් කරන්නේ සියයට 24 යි. ඒකෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වියදම් කරන්න බැරි බව පොඩි දරුවෙකුටත් තේරෙනවා. මේ විශ්ව විද්‍යාල සංගමයේ නායකයන්ට ඕනෑ කරන්නෙ රට අස්ථාවර කරන්නයි. " අධ්‍යාපනයට තමයි බැරි. කාර් රේස් පිටි සහිත වෙරල උද්‍යාන, නෙලුම් කුළුණු, ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා තරඟ සත්කාරකත්වය, අකල් මැතිවරණ, හිරු සඳු සෑයවල්, ඉන්දියානු නලුනිලියන් ගෙන්වා නැටවීම් ආදී අනේකවිධ 'ජාතික' අවශ්‍යතා වලට වෙන්කරන්න ඕන තරම් තියෙනවා. මේවට හොඳයි කියන අය ගැනයි කනගාටු.

:       0       0

රණතුංග Saturday, 22 September 2012 04:31 PM

සග, ගොවි, ගුරු අද වල්වැදිලා වගෙයි හැසිරෙන්නේ. (නි)

:       0       0

pabindu Sunday, 23 September 2012 10:04 AM

6% එක වර වැඩි කරන්නට බැරි බව ඔවුන් හොඳටම දන්නවා. එහෙම ඉල්ලලත් නැහැ. ඔවුන් ඉල්ලන්නේ ඒ වෙනුවෙන් පිළිගත හැකි ක්‍රියා මාර්ගයක්. මේ රටේ ඉන්න මිනිස්සුන්ව බොහොම අපුරුවට රජයේ මාධ්‍ය විසින් ගොනාට අන්දනවා. ඒ අහිංසක මිනිස්සු දන්නේ නැහැ මේ නැති වෙන්න යන්නේ තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්තාව කියල. දැන් එත කොට මේ මහත්වරු කියන්න හදන්නේ, ලංකාවේ ඉන්න විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගෙන් 99% ක් ම මේ රට අස්ථාවර කරන්නයි මේක කරන්නේ කියලද? නැතිනම් ඒ තරම් දුරට ඉගෙන ගෙන ඉන්න ඒ උදවිය වෙන කාගේවත් කුමන්ත්‍රණයක හස්තයක් ලෙස නොදනුවත්වාම පැටලෙන්න තරම් ඔවුන් මෝඩයි කියලද? මේ තරම් මෝඩ මිනිස්සු ඉන්න රටක් වෙයි කියල හිතුවේ නැහැ මේක. මේ වගේ කාලයක මේ රටේ ඉපදෙන්න මහා පවක් කරලා තියෙනවා අපි. ලාබෙට පොහොරයි, රෑට බලන්න බොළඳ නාට්ටි ටිකකුයි විතරි මේ අයට ඕනේ..

:       0       0

නාවලගේ ජූඩ් යොහාන් Saturday, 22 September 2012 04:51 PM

අපි අපේ ළමයින්ව ජාත්‍යන්තර පාසල්වලට දානවා.

:       0       0

දිලාන් Saturday, 22 September 2012 05:05 PM

මෙයා කුරේගේ මල්ලි ද (අ)

:       0       0

ගමගේ Saturday, 22 September 2012 05:11 PM

නාවලගේ, ඔයා ජාත්‍යන්තර ඕවාට දාගන්න. අපි රජයේ ඒවාලම තියාගන්නම්. (නි)

:       0       0

මහතුන් Saturday, 22 September 2012 05:25 PM

මේ හැම දෙයක්ම අදාල ඇත්තෝ නෑසූ කන්ව ඉන්නවා. මට නම් මේ ගැන හරිම පුදුමයි. (නි)

:       0       0

නිරාන් Saturday, 22 September 2012 05:27 PM

මොනවා වුණත් මේ පාලන විදිය වෙනස් නොකළොත් අපේ දරුවන්ට අනාගතයේදී වහලුන් වීමට සිදුවේවි. (නි)

:       0       0

ඇරිස් Sunday, 23 September 2012 11:37 PM

ඔය වැටුපට රුසියාවෙන් සරසවි ඇදුරන් ගෙනෙන්න වුණත් පුලුවන්. (නි)

:       0       0

කාන්ති Sunday, 23 September 2012 12:24 PM

ලැජ්ජයි මටනම්

:       0       0

දහම් Saturday, 22 September 2012 06:34 PM

මේ ඔක්කොම එකතුවෙලා රට විනාශ කරන්නයි හදන්නේ.. හැබැයි ආණ්ඩුවට සාමාන්‍ය ජනතාවගේ වැඩිකැමැත්ත තියෙනවා.. අපරාදෙ ළමයි තමයි අමාරුවෙ...!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 22 September 2012 07:28 PM

ලංකාවේ සාක්ෂරතාවය 25%ක් දක්වා බැහැලා. (නි)

:       0       0

නිමල් Sunday, 23 September 2012 02:11 PM

ගැටඹේ  තිබුණ මේ අයගේ රැස්වීමට ආපු අපේ හාමුදුරුවො කිවුවේ මේ සටන ආණ්ඩු පෙරළියකින් තමයි නවත්තන්නේ කියලා. අපිට කමක් නැහැ මේ ආණ්ඩුව පෙරලුවාට.  ඒ වැඩේට අහිංසක දරුවන් බිල්ලට තැබීම මහා අපරාධයක්.  (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site