සරසවි ඇදුරන් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහාය දැක්වීම ඇතුළු යෝජනා 17ක් සහ ඉල්ලීම් 63ක් වව්නියාවේදී පැවති ලංකා ගුරු සංගමයේ 55 වැනි ජාතික නියෝජිත සමුළුවේදී සම්මත වූ බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. ගුරු, විදුහල්පති සේවයන්හි ගැටළු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධරයන් නිහඩ නිසා තෙවන පාසල් වාරය අවසන් වීමට පෙර දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටත්, අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් හඬනගන වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් නායකයන් නිහඬ කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකිරීමටත් ජාතික සම්මේලනයේදී තීරණය කළ බව ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දල ජාතික ආදායමෙන් හැමදේටම වියදම් කරන්නේ සියයට 24 යි. ඒකෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වියදම් කරන්න බැරි බව පොඩි දරුවෙකුටත් තේරෙනවා. මේ විශ්ව විද්‍යාල සංගමයේ නායකයන්ට ඕනෑ කරන්නෙ රට අස්ථාවර කරන්නයි. (නි)
නිදහස් අධ්‍යාපනය සුරැකීමට ඔබ සංගමය ගත් තීරණයට ගොඩක් ස්තූතියි. (නි)
නිදහස් අධ්‍යාපනය සුරැකීමට ඔබ සංගමය ගත් තීරණයට ගොඩා.ස්තූතියි (ස)
ඔය වැටුපට රුසියාවෙන් සරසවි ඇදුරන් ගෙනෙන්න වුණත් පුලුවන්. (නි)
ශ්රී ලංකාවේ තරම් බහුතර මෝඩයින් සිටිනා රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)
ජයවේවා .... ජයවේවා
ගැටඹේ තිබුණ මේ අයගේ රැස්වීමට ආපු අපේ හාමුදුරුවො කිවුවේ මේ සටන ආණ්ඩු පෙරළියකින් තමයි නවත්තන්නේ කියලා. අපිට කමක් නැහැ මේ ආණ්ඩුව පෙරලුවාට. ඒ වැඩේට අහිංසක දරුවන් බිල්ලට තැබීම මහා අපරාධයක්. (නි)
ලැජ්ජයි මටනම්
6% එක වර වැඩි කරන්නට බැරි බව ඔවුන් හොඳටම දන්නවා. එහෙම ඉල්ලලත් නැහැ. ඔවුන් ඉල්ලන්නේ ඒ වෙනුවෙන් පිළිගත හැකි ක්‍රියා මාර්ගයක්. මේ රටේ ඉන්න මිනිස්සුන්ව බොහොම අපුරුවට රජයේ මාධ්‍ය විසින් ගොනාට අන්දනවා. ඒ අහිංසක මිනිස්සු දන්නේ නැහැ මේ නැති වෙන්න යන්නේ තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්තාව කියල. දැන් එත කොට මේ මහත්වරු කියන්න හදන්නේ, ලංකාවේ ඉන්න විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගෙන් 99% ක් ම මේ රට අස්ථාවර කරන්නයි මේක කරන්නේ කියලද? නැතිනම් ඒ තරම් දුරට ඉගෙන ගෙන ඉන්න ඒ උදවිය වෙන කාගේවත් කුමන්ත්‍රණයක හස්තයක් ලෙස නොදනුවත්වාම පැටලෙන්න තරම් ඔවුන් මෝඩයි කියලද? මේ තරම් මෝඩ මිනිස්සු ඉන්න රටක් වෙයි කියල හිතුවේ නැහැ මේක. මේ වගේ කාලයක මේ රටේ ඉපදෙන්න මහා පවක් කරලා තියෙනවා අපි. ලාබෙට පොහොරයි, රෑට බලන්න බොළඳ නාට්ටි ටිකකුයි විතරි මේ අයට ඕනේ..
"සේනක 2012-09-22 23:07:21 අපේ රටේ දල ජාතික ආදායමෙන් හැමදේටම වියදම් කරන්නේ සියයට 24 යි. ඒකෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වියදම් කරන්න බැරි බව පොඩි දරුවෙකුටත් තේරෙනවා. මේ විශ්ව විද්‍යාල සංගමයේ නායකයන්ට ඕනෑ කරන්නෙ රට අස්ථාවර කරන්නයි. " අධ්‍යාපනයට තමයි බැරි. කාර් රේස් පිටි සහිත වෙරල උද්‍යාන, නෙලුම් කුළුණු, ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා තරඟ සත්කාරකත්වය, අකල් මැතිවරණ, හිරු සඳු සෑයවල්, ඉන්දියානු නලුනිලියන් ගෙන්වා නැටවීම් ආදී අනේකවිධ 'ජාතික' අවශ්‍යතා වලට වෙන්කරන්න ඕන තරම් තියෙනවා. මේවට හොඳයි කියන අය ගැනයි කනගාටු.
ඔක්තොබර් පලවෙනිදා ඉදල මහාචාර්ය වරයකුට 142000 ක මාසික වැටුපක් දෙන්න පොරොන්දු වෙලා ඉද්දි කිසිම කෙනෙකුට දෙන්න බැරි 6% ක් අල්ලගෙන මේ අය යන්නෙ කොහෙද කියල කාටත් තේරෙනවා. කරුණාකරල ආණුඩු පෙරලීම නතර කරල දැන්වත් අපේ රටේ දුප්පත් ළමයින්ට උගන්නන්ඩ ගන්න.
මොනවා වුණත් මේ පාලන විදිය වෙනස් නොකළොත් අපේ දරුවන්ට අනාගතයේදී වහලුන් වීමට සිදුවේවි.
අධ්‍යාපනය සදහා 6% ක් වෙන්කන්න කියලා ආණ්ඩුවට බලකිරීම බුද්ධිමත් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක්. දැනට අධ්‍යාපනයට 1.86%, කෝප් වාර්තාවට අනුව හොරකම් වලට 9%ක්. (නි)
සග, ගොවි, ගුරු අද වල්වැදිලා වගෙයි හැසිරෙන්නේ. (නි)
නාවලගේ, ඔයාගේ ළමයින්ව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරගන්න පුලුවන් ඇති. ඒත් දුප්පත් මිනිසුන්ට වෙන්නේ මොකක්ද? (නි)
ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසදන්න උවමනාවක් නෑ. ජාත්‍යන්තර පාසල් තියන තරමට හොදයි. හේතුව අධ්‍යාපනයට අය වියදම අඩු කරන්න වෙනවනේ එතකොට.
ලංකාවෙ උගතුන් අඩුවූ තරමට ඡන්දය දිනන්න ලේසියි..!(නු)
පාරවල් ටික හදල ඉවර වෙලා අපි අධ්‍යපනය ඉවර කරනව(නු)
ලංකාවේ සාක්ෂරතාවය 25%ක් දක්වා බැහැලා. (නි)
මේ ඔක්කොම එකතුවෙලා රට විනාශ කරන්නයි හදන්නේ.. හැබැයි ආණ්ඩුවට සාමාන්‍ය ජනතාවගේ වැඩිකැමැත්ත තියෙනවා.. අපරාදෙ ළමයි තමයි අමාරුවෙ...!(නු)
මොනවා වුණත් මේ පාලන විදිය වෙනස් නොකළොත් අපේ දරුවන්ට අනාගතයේදී වහලුන් වීමට සිදුවේවි. (නි)
මේ හැම දෙයක්ම අදාල ඇත්තෝ නෑසූ කන්ව ඉන්නවා. මට නම් මේ ගැන හරිම පුදුමයි. (නි)
නාවලගේ, ඔයා ජාත්‍යන්තර ඕවාට දාගන්න. අපි රජයේ ඒවාලම තියාගන්නම්. (නි)
මෙයා කුරේගේ මල්ලි ද (අ)
අපි අපේ ළමයින්ව ජාත්‍යන්තර පාසල්වලට දානවා.