කුවේට් හා සෞදි අරාබියේ හාම්පුතුන්ගෙන් හිරිහැර හා වද හිංසාවලට ලක්වී හිර මැදිරි හා රැදවුම් නිවාසවල සිටි ශ්‍රී ලාංකික කතුන් 40 දෙනකු ඇතුළු 125 දෙනෙක් අද කටුනායකට ආහ. ඇතැමෙන් අනුන්ගෙන් ඉල්ලාගත් ඇඳුමින් ආහ. ඇතැමකුගේ දෙපයේ සෙරෙප්පු නොවීය. එහි සිටි කතුන් කිහිප දෙනකුම කීවේ කුවේට්හි පරවානියා, හවලි, ජහාරා හා පාහීල් නගරවල ලංකා කතුන් ගණිකා සේවය සඳහා වෙන්දේසියේ විකුණන බවයි. ලංකාවේ ගෑණුන් අසුනක වාඩිකරවා ඩිනාර් 500-සිට 800 දක්වා (රුපියල් ලක්‍ෂ 2 1/2 -ලක්‍ෂ තුන) වෙන්දේසි කරනවා. බඩදරු අම්මාලාත් දරුවන් ලැබුණු අම්මලාත් එහි සිටිනවා.”යැයි එක් කතක් කීවාය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා එම්බසියෙ ඉන්නේ ජරාව කන අය. ලංකාවෙ අයට මොනව උණත් කමක් නෑ එයාලට ගාන හම්බෙනව නම්..
ඉතින් මොකද ලංකාවේ සමහර අයත් සල්ලි වලට විකිණෙනවනේ..
වහාම මේ රටට ගෑනුන් යන එක නතර කළ යුතුයි. මෙය හරියට අපේ රට ගෑණුන් විකුණන් කනවා වගේ වැඩක්..
ලංකාවේ ගෑණුන්ට ඕවට හොද පළපුරුද්දක් තියනවා..
මේවන් සිදුවීම් සිදුවන්නේ අපේ ශ්‍රී ලංකා තානාදිපති කාර්‍යාලවල නිලධාරින්ගේ කොන්ද පණ නැති කම නිසයි
මේ ගැන පාලකයන්ගේ අවධානය යොමු වේවා..
මම දෝහා වල වැඩ කරන කෙනෙක්. වෙනත් රටවල ගෑනුන්ට මේවගේ කරදර වෙනවා අඩුයි. එහෙම අඩු වෙලා තියෙන්නේ වෙනත් රටවලින් නම් හොදට හොයල බලන නිසා. අපේ රටේ එහෙම නෑ. ඔහේ නවා. විදේශ රැකියා කාර්යංශය කරන්නේ රට එන අපි ලියාපදිංචි කරන්න කියල සල්ලි ගන්න එක විතරයි.
ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් අධික විදේශ විනිමයක් උපයා දෙන බව ඇත්ත. ඒත් එයාලට මෙවැනි අවදානම් තත්වයක් තියෙනවනම් අපට ඒ විදේශ විනිමය ගැන ආඩම්බර විය හැකිද?
හෙලඋරුමයේ හාමුදුරුවනේ, අවුරුදු 2500ක ප්‍රවෘඩ ඉතිහාසයක් ඇති ධර්මද්වීපයට මොකද වෙන්නේ?
මේ ගැන රජයක් හැටියට සොයා බැලිය යුතුයි..
වනචරයන් ලෝකයෙන් අතුගා දැමීමට ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට හැකියාව ලැබේවා..
අපේ රටේ යහතින් කාල , ඈදල ඉන්න පුල්වන්නම් ගෑහෑනු හෝ වේවා පිරිමි හෝ වේවා රටයන්නෙ නෑහෑ . අපෙ රටේ ජිවත්වෙන්න හරිම අමාරුයි. කාටත් ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ජිවත්වෙන්න ආසයිනෙ එකයි කුනු අපුල්ලන්න හරි කමක්නෑහෑ කියල රටයන්නෙ . ඉතින් ගියපුවහම පේනවනෙ වෙන දේවල්. පසුගිය දවස්වල ඈන ගහලත් එව්වා මතකනෙ. හරිම දුකයි අපේ මිනිස්සු ගෑන .ආර්ථිකය දියුනුකරන්නනම් නිශ්පාදන ආර්තිකයක් ගොඩනෑගිය යුතුයි- උදාහරන;- ද: කොරියාව, ජපානය, මලයාසියාව
අපේ රටේ කොන්ද පණ තියන මිනිස්සු ඉන්නවනම් ඔය වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ නෑ..
මෙහෙත් සමහර ගෑණු විකිණෙන එක එහෙ එහෙම වෙන එක මහලොකු දෙයක්ද?
මේක හරි කණගාටු දායක සිද්දියක්..මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් කිව්වා කාන්තාවන් ගෘහ සේවයට යන එක නතර කරලා ඒ වෙනුවට පුහුණු පිරිමි සේවකයින් යොදවනවා කියල..එත් එක එහෙම සිද්ද උනේ නෑ..මේ රටට ඔය අහිංසක කාන්තාවන් ගේ ලේ ,දහදිය ,කදුළු වලින් ලැබෙන රට සල්ලි වලට තියෙන ලෝබ කමට දැන් එහෙම කතාවක් කිව්වද කියල වත් අමතකයි..එත් ඔය ලැබෙන සල්ලි වලින් මේ රට ඇතුලේ ඇතිවෙන සමාජයීය ,පවුල් ප්‍රශ්න කවදාවත් විසදගන්න ලැබෙන්නේ නෑ..
අපේ අයට මෙහෙ ආවට පස්සේ සියල්ල අමතක වෙනවා. අපේ අය තමයි හැම වරදකටම මුල පුරන්නේ..
රජයට ඕන මුදල් විතරයි..
මෙවැනි දේ නැවැත්වීමට රජය පියවර ගත යුතුයි..
ජාතියක් හැටියට අපි දැනගන්න ඕනේ අපේ ගැහැණු පිටරටවල් වල වහල් සේවයට යවන්නේ නැතුව හොදින් සළකා රැක බලා ගැනීමට
මේ දේවල් වලට රජයට, තානාපතිකාර්යාලයට, කුවේට් එකට බැනල වැඩක් නෑ. ගැහැණු එවන පිරිමින්ටයි පවුලෙ අයයි වගකියන්න ඕනා. මේ රටවලට එන ගැහැණුම්ම තමයි මුලින්ම වරද කරන්නෙ
ගැහැණු උදවිය ගැන මීට වඩා තානාපති කාර්යාලවලින් හොයල බලන්න ඕනා. අඩු ගානේ පැමිණිල්ලක් ලැබුණම තානාපති කාර්යාල අපේ අයගෙ පැත්තෙ ඉන්න ඕනා. නමුත් වෙන්නෙ අනෙක් පැත්ත. ඒකයි ගැහැණු උදවිය අපේ තානාපති කාර්යාල සොයාගෙන යන්නෙ නැත්තෙ
මේකට රජයට දොස් කියල වැඩක් නෑ. තමන්ගෙ අකමැත්තෙන් ඕවා කරන්න බෑ. වෙන්දේසි කරන්න සෙල්ලම් බඩු නෙවෙයිනෙ
ඇත්තටම කියනවනම් අපේ රටෙන් විදේශ ගත වෙන අය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හොයල බලනවා අඩුයි. අනිත් එක අනිත් රටවලින් එන කට්ටියට ඒ රටෙන් හොද පිළිගැනීමක් දෙනවා.
හිතට වදදෙන පුවතක්. කරුණාකර ගැහැණුන් රට යවන එක තහනම් කළ යුතුයි. මේ පිළිබදව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා
අනේ ඉතින් මෙහෙමත් ලෝකයක්
අනුකම්පා කරන එක එම් අය ළඟ නෑ. ඒත් අපිට අපේ ආත්ම ගරුත්වය රැක ගන්න පුළුවන්. රට එය අයට මොනවා ඉගැන්වුවත් ඒටික උගන්වන්නේ නෑ.