ශ්රී ලංකාවේදී සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයිx20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට 18 හැවිරිදි පිට දඟ පන්දු ක‍්‍රීඩක අකිල ධනංජය සහ ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන ඩිල්ෂාන් මුණවීර එක්ව සිටිති. ශ්‍රී ලංකා විස්සයි-20 ලෝක කුසලාන සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ශාමින්ද එරංග සහ අකිල ධනංජය
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ පැතුම්.. (ස)
සුභපැතුම් ඔබ දෙපලටම
චන්දිමාල් වෙනුවට තිලාන් සමරවීර දාන්න. මොකද එයා 20-20 හොඳට සෙල්ලම් කරනවා..(ස)
මේ පාර අපේ වෙලාව හොදයි. (නි)
20 තරග වලට විතරක් ඇයි? ටෙස්ට්, එක්දින තරග වලටත් ගැළපෙන හොද කොල්ලෙක් අකිල. (නි)
'සැමදා නියං එකදා වැහි වලාවේ' කියලා ගහපල්ලා කොල්ලනේ ඇට්ටි හැලෙන්න. කුසලානේ ලංකාවෙන් පිටට ගෙනියන්න ඉඩතියන්න එපා. (නි)
ඔය කට්ටිය දැන් හොඳ කිව්වට දුර්වල තත්වයක් දැක්ක ගමන් තේරීම් කමිටුවට දෙහි කපනවා..(ස)
සුභ පැතුම්...(ස)
මුණවීර තෝරපු එකනම් නියමයි. නියමෙට ටයිම් තියල බැට් කරන හොද අනාගතයක් තියෙන කොල්ලෙක්. (ස)
ඉතාම හොදයි.. ගොඩක් සමබරයි ලංකාවෙ පිරිස.. ගොඩක් හොද තීරණයක් ධනංජය එක් කර ගැනීම..!(නු)
සුරංජිත්, චන්දිමාල් 100% හිරි නැහැ තමයි. ඒත් ඉතින් ඒ වෙනුවට කවුද දාන්නෙ.ඒ නිසා හොඳයි කියලා හිතමු. (ස)
මහේල මේකෙදි මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
මුරලිගේ අවතාරෙත් ඔන්න පිටියට ආවා...ධනංජය බෝල් කරද්දි මුරලිව අපිට මතක් වෙනවා. හොඳට බෝල් කරමු කොල්ලෝ .අපිට සුභ පැතුම්.. (ස)
ටීම් එකනම් හොඳයි ,දිනේශ් චන්දිමාල් දාපු එක හරිද ? (ස)
ඒත් 20/20 ට රංගන හොඳ පන්දු යවන්නෙක් හා පන්දු රකින්නෙක් නෙමෙයි.. (ස)
අම්මෝ මම බයේ හිටියේ කපුවයි දිල්හාරවයි දාවි කියලා . (ස)
ඇති යාන්තම්. (නි)
අකිල මට පේන්නේ හොද වැඩක්...!!(නු)