ශ්රී ලංකා වේලාවෙන් අද මැදියම් රැය වනවිට නැගෙනහිර ලන්ඩයේදී විවෘත වන තිස්වැනි ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නැගෙනහිර ලන්ඩයේ ශ්‍රීලාංකිකයන් විසින් උණුසුම් ලෙසින් පිළිගනු ලැබූහ.
ගුවන් තොටින් එළියට එනවිට ජාතික කොඩිය දැකීමෙන් තම කණ්ඩායම උද්ධාමයටත් ප‍්‍රබෝධයටත් පත්වූ බව ශ්‍රී ලංකා කළමණාකරු කියයි. මෙත්සිරි විජේරත්න,රෝයි ඇන්තනී,නන්ද වික‍්‍රමනායක,කි‍්‍රස්ටිනා මැක්ඩොනල්ඞ්, සුනීතා සිරිවර්ධන හා පැමියෝලා මියෝති ඔවුන් පිළිගැනීමට ගිය අය අතර වූහ.ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු උප සභාපති දේවා හෙන්රි ලේකම් මැක්ස්වෙල් සිල්වා කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් රංජනී ජයකොඩි හා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායකද කී‍්‍රඩකයන් සමඟ ආහ.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි කියන්නේ බොරු සෝබන කියලා. බලමුකෝ පැරදිලා ආවොත් මේ උත්සව මේ විදියටම තියයිද කියලා. (නි)
ලංකාව කොහේ ගියත් දිනනවා (දී)
ලංකාවෙන් පිට ඉන්න අපට සිංහල කොඩිය ඡායාරූපයකින් දැක්කත් අමුතුම පණක් එන්නේ. (නි)
බලාගෙන යද්දි මෙතන ක්‍රීඩකයින්ට වැඩිය නිලධාරීන් වැඩියිනේ. (නි)
සුභ පැතුම් !!! (නි)
ශ්රී ලාංකික අභිමානය ලෝකෙටම පෙන්නන්න.......... (නි)
පුබුදු ගැන මට දුකයි. (නි)
ජය අපිටයි! (නි)
අපේ ක්‍රීඩකයන්ට අපගේ සුභ පැතුම්! (නි)
මෙතන ඉන්නේ කිහිපදෙනයිනේ. ඉතිං, මොන උණුසුම් පිළිගැනීමක්ද? (නි)
අපේ ක්‍රීඩකයන්ට ජයවේවා! (නි)
සන්තෝෂයි. ඔබට ජයෙන් ජය! (නි)
අහන්නත් සන්තෝසයි (දී)
සමහරු නම් අවුරුදු ගාණක් තිස්සේ කළේ ලෝකය වටේ ඇවිද ඇවිද සිටිය එක විතරයි. වෙන ඇති වැඩක් නැහැ. (නි)
ඔබ ගැන අපිට ආඩම්බරයි...රන්ඩු නොවී ලාංකිකයෝ විදියට ඉදල එන්න ....(ස)
සුභ පැතුම්.....(ස)
පුබුදු ඔබ ගැන කණගාටුයි .ලංකාවේ සිංහ කොඩියේ අගයවත් තේරුම් ගන්න......(ස)
අපේ සුභ පැතුම් .!
ජය වේවා !.(ස)
පිටරටකදි එක ලාංකිකයෙකු හෝ ලංකාවේ කොඩිය අරන් ලංකාව නියෝජනය කරනවානම් , ඒක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමක්...
පුබුදු ගැන මට දුකයි. (ස)
මෙතන ක්‍රීඩකයන්ට වඩා ඉන්නේ නිලධාරීන් නේද? .(ස)
නිලධාරීන් 5ක් ගියේ ක්‍රීඩකයින් කීදෙනෙකු සඳහාද ?.(ස)
ඔබ සැමටම ජයවේවා (දී)
පුබුදු.. මගේ මව්බිම නියෝජනය කරන ක්‍රීඩකයින් හා නිලධාරී මණ්ඩලය උණුසුම් ලෙස පිළිගත් ඔබ සැමට මගේ ප්‍රණාමය..(නු)
ක්‍රීඩකයන්ට වඩා ඇයි නිලධාරීන් වැඩිපුර යන්නෙ? තමන්ගෙ සල්ලිවලින් යනවා නෙමෙයිනෙ.. රටේ මිනිසුන්ගෙ සල්ලිවලින් යන්නෙ බොරැවට..අඩුගානෙ පුහුණුකරුවන් ගියානම් උපදෙස්වත් දෙන්න තිබුණා.. මේගොල්ල ගිහිල්ලා මොනවා කරන්නද? ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි මේකත්...!! (නු)
පැරදුනත් දිනුවත් ක්‍රීඩකයින් 07 දෙනා බාරව ගිය 25 දෙනාට මගේ ගෞරවය හා යන්න ලැබුන අවස්ථාවට අපේ සතුට,දුක.අනේ රටකට ගිය කල. ඉන්දියාවේ ක්‍රීඩකයින් 87 ටම බාරව ගිහින් තියෙන්නේ 35 දෙනයි.
සහභාගී උන අයගේ නම්ටික පලකරගන්න එකද මේ ප්‍රවෘත්තියේ අරමුණ. (අ)
ලාල් පෙරේරාගේ අදහස හරියටම හරි....(ස)
සුභ පැතුම් අපේ ටීම් එකටම...(ස)
අපේ මව් බිම වෙනුවෙන් ඔබලා ගැන ආඩම්බරයි.....(ස)
මගේ රටට ඔබලා මිණිපහනක්....(ස)
තරඟ වලට සහභාගීවන සියළු දෙනාය තෙරුවන් සරණයි......(ස)
ඔබ අපේ ශක්තියයි. අප නිරතුරුවම ඔබ සමගයි. ඔබට ජය (දී)