ලෝක එක්සත් කරාටේ පාලක මණ්ඩලයේ (ආසියානු කලාපය) උප සභාපති ධුරයට එල්. ආර්. එස්. කේ. විජේමාන්න මහතා පත්ව සිටියි. විජේමාන්න මහතා එම මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප‍්‍රධාන උපදේශකවරයා වන අතර ලෝක කරාටේ පාලක මණ්ඩලයේ උප සභාපති ධූරයට පත් පළමු ශි‍්‍ර ලාංකිකයා බවද ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති මනෝජ් ආරච්චිගේ මහතා පවසයි.
මේ අතර වසර 2016 දී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා තරගමාලාව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලෝක එක්සත් කරාටේ පාලක මණ්ඩලය රුමේනියාවේ ‘බුකරෙස්ට්’ නගරයේදී පැවති මහා සැසිවාරයේදී තීරණය කෙරුණි. මෙවර බුකරෙස්ට් නගරයේ පැවති ලෝක එක්සත් ශූරතා කරාටේ තරගාවලියට ශී‍්‍ර ලංකා ශාඛාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි විය.
මෙවර තරගාවලියට රටවල් 42 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගි වූහ.
ඡයාරූපය : ලෝක එක්සත් කරාටේ ශූරතාවලියේ සමාරම්භක උත්සවයට විජේමාන්න මහතා සහභාගි වී සිටි අයුරු.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක කරාටේ පාලක මණ්ඩලයේ උප සභාපති ධූරයට විජේමාන්න