IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලක් කිරි අම්මා ඉරිදා පැරිසියේ

යුරෝපයේ විහාරස්ථානයක ප්‍රථම වරට කිරි අම්මාවරුන් උදෙසා දානයක් ලබන ඉරිදා උදේ 06 සිට පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේදි පැවැත්වීමට යයි. පවුල් 21 කට විසින් කිරි අම්මාවරු 21 දෙනක් මේ සදහා සහභාගි වෙති.

පොසොන් පෝය වෙනුවෙන් පෙහෙවස් සමාදන් වීමේ පිංකමක්ද පැවසේ. විහාරාධිපති තලංගල්ලේ සුමංගල, විලච්චියේ ධම්මවිජය, බෝපේ චන්දනන්ද හා කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිංකම් මාලාව සිදු කැරේ.

 



අදහස් (0)

ලක් කිරි අම්මා ඉරිදා පැරිසියේ

හිමාෂ Friday, 05 June 2015 06:46 PM

ආගම් බේධයකින් තොරව, මේ උතුම් කටයුත්ත සාර්ථක වේවායි පතමි. ගෙදර බුදුන් අම්මාට මෙය උපහාරයක් වේවා..(කේ)

:       0       0

පියලාල් Thursday, 04 June 2015 04:02 PM

මේ කතෝලික රටක මොන කිරි අම්මලාද? (ර)

:       0       0

සේමිණී Friday, 05 June 2015 07:33 PM

මේ උතුම් කටයුත්ත සාර්ථක වේවායි පතමි. සියලුම කිරි අම්මලාට මෙය උපහාරයක් වේවා. (නදී)

:       0       0

සිංහබාහු Thursday, 04 June 2015 05:18 PM

වැඩේ නරක නෑ. හැබැට කිරි අම්මල ප්‍රංශ අයද.? (ර)

:       0       0

ලක්ෂිත - පැරිසිය Thursday, 04 June 2015 06:23 PM

එහෙම කියන්න එපෝ. අපි පුළුවන් විහිදිහට කරනවා. (ර)

:       0       0

සංක Thursday, 04 June 2015 08:51 PM

ලංකාවේ වගේම හොද අම්මාවරු ලෝකයේ හැමතැනකම ඉන්නවා , ඒ හැම අම්ම කෙනෙකුටම කරන උපහාරයක් වශයෙන් කරන මෙවැනි සත් ක්‍රියාවන් අගය කිරීම මිස විවේචනය කිරීම හොද දෙයක් නෙමෙයි (කේ)

:       0       0

සත්‍යයා Friday, 05 June 2015 12:05 AM

පැරිසියේ කිරි අම්මලාට සුභ මංගල්‍යයක්ම වේවා! (නි)

:       0       0

සමන්ති Friday, 05 June 2015 12:59 AM

රට රටවල සංස්කෘතියට ආවේණිකව පවත්නා අංග ඇත. වෙනත් රටවල සංස්කෘතික අංග කිරීමේදී ඇතිවන්නේ ප්‍රදර්ශනයක් විතරයි. හරියට අවුරුදු උත්සවයට ලංකාවේ පොල්ගෑම , පොල් අතු විවීම වුණත් ප්‍රදර්ශනයක් පමණයි. සම්ප්‍රදායික කිරි අම්මාවරුන්ගේ දානයට කිරි අම්මලා හත් දෙනෙක් සහ කුඩා දරුවෙක් පමණයි යොදාගන්නේ. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 05 June 2015 05:21 AM

මම හිතන විදිහට මෙය කරන්නේ පැරිසියේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව.මෙවන් කටයුතු අපි අගය කළයුතු අතර අඩුපාඩු ඇත්නම් සද්භාවයෙන් ඒවා පෙන්වා දියයුතුයි.භක්තිමත් කතෝලිකයෙකු හැටියට මා මෙම කටයුත්තට සුබ පතනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site