යුරෝපයේ විහාරස්ථානයක ප්‍රථම වරට කිරි අම්මාවරුන් උදෙසා දානයක් ලබන ඉරිදා උදේ 06 සිට පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේදි පැවැත්වීමට යයි. පවුල් 21 කට විසින් කිරි අම්මාවරු 21 දෙනක් මේ සදහා සහභාගි වෙති.
පොසොන් පෝය වෙනුවෙන් පෙහෙවස් සමාදන් වීමේ පිංකමක්ද පැවසේ. විහාරාධිපති තලංගල්ලේ සුමංගල, විලච්චියේ ධම්මවිජය, බෝපේ චන්දනන්ද හා කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිංකම් මාලාව සිදු කැරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් බේධයකින් තොරව, මේ උතුම් කටයුත්ත සාර්ථක වේවායි පතමි. ගෙදර බුදුන් අම්මාට මෙය උපහාරයක් වේවා..(කේ)
මේ කතෝලික රටක මොන කිරි අම්මලාද? (ර)
මේ උතුම් කටයුත්ත සාර්ථක වේවායි පතමි. සියලුම කිරි අම්මලාට මෙය උපහාරයක් වේවා. (නදී)
වැඩේ නරක නෑ. හැබැට කිරි අම්මල ප්‍රංශ අයද.? (ර)
එහෙම කියන්න එපෝ. අපි පුළුවන් විහිදිහට කරනවා. (ර)
ලංකාවේ වගේම හොද අම්මාවරු ලෝකයේ හැමතැනකම ඉන්නවා , ඒ හැම අම්ම කෙනෙකුටම කරන උපහාරයක් වශයෙන් කරන මෙවැනි සත් ක්‍රියාවන් අගය කිරීම මිස විවේචනය කිරීම හොද දෙයක් නෙමෙයි (කේ)
පැරිසියේ කිරි අම්මලාට සුභ මංගල්‍යයක්ම වේවා! (නි)
රට රටවල සංස්කෘතියට ආවේණිකව පවත්නා අංග ඇත. වෙනත් රටවල සංස්කෘතික අංග කිරීමේදී ඇතිවන්නේ ප්‍රදර්ශනයක් විතරයි. හරියට අවුරුදු උත්සවයට ලංකාවේ පොල්ගෑම , පොල් අතු විවීම වුණත් ප්‍රදර්ශනයක් පමණයි. සම්ප්‍රදායික කිරි අම්මාවරුන්ගේ දානයට කිරි අම්මලා හත් දෙනෙක් සහ කුඩා දරුවෙක් පමණයි යොදාගන්නේ. (නි)
මම හිතන විදිහට මෙය කරන්නේ පැරිසියේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව.මෙවන් කටයුතු අපි අගය කළයුතු අතර අඩුපාඩු ඇත්නම් සද්භාවයෙන් ඒවා පෙන්වා දියයුතුයි.භක්තිමත් කතෝලිකයෙකු හැටියට මා මෙම කටයුත්තට සුබ පතනවා (නි)