ජපානයේ චිබා නුවරදී මේ මස 25 වැනිදා ආරම්භවන ලෝක ශූරතා කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල හෙට (22) ජපානය බලා පිටත්ව යයි. තරගාවලිය නොවැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 17 න් පහළ පිල (බාලක/බාලිකා) කණ්ඩායම සහභාගිවේ. ක‍්‍රීඩකයන් අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් ශ්‍රී ලංකා පිලට ඇතුළත්වෙති. කණ්ඩායම් සහ විවෘත ඉසව් දෙකෙන්ම පැවැත්වෙන මෙම තරගාවලියේ මුලික වටයේදී චීනය සහ එංගලන්තය සමග ශ්‍රී ලංකාව තරග වදියි.
රටවල් 30 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවෙති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියට සහභාගීවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්‍ට මගේ උණුසුම් සුබ පැතුම් (ස)
දරුවනේ, දිනලා එන්න හොදේ. (නි)