ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා සයිප්‍රස් ජනාධිපති දිමෙත්ත්‍රිස් ක්‍රිස්ටොපියස් ඉදිරියේ එරට වැඩ බලන තානාපති වශයෙන් දිව්රුම් දුන්නේය. නිකෝෂියා ලනාතා ලිමොසිල් හා තාවෝක් නගරවලට ගිය තානාපති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ද එරට කම්කරු විදේශ හා අභ්‍යන්තර කටයුතු ඇමැතිවරුන් හමුවිය. වියට්නාමයෙන් එන ගෘහ සේවිකාවන් සයිප්‍රසයේ දී ගණිකා වැඩ කරතියි කියමින් සයිප්‍රසය එරටින් කතුන් නොගෙන්වීමට කැර ඇති තීරණය ශ්‍රී ලංකා කාන්තාවන්ට බලනොපාන බව ද, ශ්‍රී ලාංකික කතුනට වැඩි ඉඩක් දීමට අභ්‍යන්තර හා විදේශ ඇමැතිවරුන් පොරොන්දු වූ බව ද තානාපති කියයි. ශ්‍රි ලංකා කාන්තාවන් ද වැඩිපුර මුදල් ඉපැයිම සඳහා දහවල් ගෘහ සේවා රැකියාවට අමතරව රාත්‍රියට ලොව පැරණිම රැකියාවට වීදි බසිතියි ශ්‍රී ලංකා ශ්‍රමිකයෝ පිරිසක් තානාපතිට කීහ. එවැනි දේ වර්ධනය වුවහොත් වියට්නාම ගෘහ සේවිකාවට මෙන් ම ශ්‍රි ලාංකික කාන්තාවනට ද සයිප්‍රස් දොරටුව වැසී යෑමට ඉඩ ඇතැයි තානාපති පවසයි. සයිප්‍රස් ශ්‍රි ලාංකාක ශ්‍රමිකයන්ගේ ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස නිකෝෂිය අගනුවර පිහිටි ශ්‍රී ලාංකා කොන්සියුලර් කාර්යාලය පෙබරවාරියේ ඉදිරිදා දිනයන් හිදි විවෘත කැරෙයි. එරට ශ්‍රී ලාංකිකයෝ විසිහය දාහක් සිටිති. ඉන් සියයට 90ක්ම ගෘහ සේවිකාවෝය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය විශේෂයෙන් කාන්තා පක්ෂය අපේ රටේ නම්බුව විතරක් නෙමෙයි තමන්ගෙ නම්බුවත් දෙකම නැති කරනවා