ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්‍රන් රැගෙන ගිය බව කියන ශ්‍රී ලාංකික කතුන් හත්දෙනකු ඉන්දියාවේ බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාවේ, බැංග්ලෝර්හි - කෙම්පෙගෝඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 65කට අධික බව ගුවන්තොටුපළ රේගුව කියයි.
කාන්තාවන් 6 දෙනකු රන් බිස්කට් සිය ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණ ඇති අතර එක් කාන්තාවක් රන් වළලු සිය හිසකෙස් අතර සඟවාගෙන පැමිණ ඇති බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ක්‍රමවේදයම මේවා සඟවන්න තෝරාගන්නේ. මේවා කොහොමද ආපසු පාවිච්චි කරන්නේ. (නි)
දසුනි, කොහේ හැංගුවත් රත්තරන් වල අගය බාලවෙන්නේ නැහැනේ. (නි)
ලංකාවේ කාන්තාවන් නිසා මට දුකකුත් තියනවා. එ්ත් ඊටත් වැඩිය ලැජ්ජයි (නි)
අපි බලමුකෝ මෙයාලා සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද කියලා (නි)
අනේ අපි මොනවා කියලා කියන්නද? (නි)