ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාරයේ දී මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනායේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද ඊට සභාභාගී විය. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඔලිම්පික් ගමේ සිය පුහුණු කටයුතු කැරගෙන යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ .... ඇයි එහෙම කියන්නේ
මා සිතන්නේ ජය පැරදුම කුමක් වුවත් වටිනාකම ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට සුදුසුකම් ලැබීමයි. මෙය කෙතරම් අසීරු දෙයක්දැයි පාසල් කාලයේ සිට ක‍්‍රීඩා කළ අය හොඳින් දනී. ලක්බිම වෙනුවෙන් ඔබ සැලූ දහඩිය දහස් වටී. ඔබ සැමට මගේ ප්‍රණාමය මෙන්ම ජයග්‍රහණයේ මාවතට සුභපැතුම්! (නි)
අපේ කණ්ඩායමේ සැමටම රන් පදක්කම් ගන්න ලැබේවා...!(ස)
ඔබ සැමටම ජයග්‍රහණය සදහා අවශ්‍ය ශක්තිය ලැබේවා (නි)
දැන් ඉතිං තියෙන්නේ සෙත් පතන්න විතරනේ. (නි)
ක්‍රීඩකයෝ ටිකයි, නිලධාරියෝ වැඩියි නේද ? (ස)
නිලධාරීන්ට සුභ පැතුවේ නැද්ද? (නි)
විකාර වැඩ.... (නි)
දැන් ඔක්කොටම රන් පදක්කම් හම්බ වේවි...!!(ස)
අපිත් සැමදා සෙත් පතනවා (දී)
පෙරමුණ ගත්ත අයට ගොඩක් ස්තූතියි....(ස)
ඔව් මමත් කැමති සෙත් පතන්න.. කිසිම වියදමක් යන්නෙ නැතිව ප්‍රසිද්ධියක් ලැබෙනවැඩක්නෙ..(නු)
ක්‍රීඩකයින් පහයි. නිලධාරීන් තිහයි..............?? (නි)
කෝ අපේ නිලධාරීන් ටික..(නු)
ලංකාවේ කණ්ඩායම දැක්කහම මට ඇඩෙනවා. බලන් යද්දී සුසන්තිකා කියන්නෙ රත්තරං කෙල්ලෙක්නේ. (නි)
මුළු කණ්ඩායමටම සුභ පැතුම් (දී)