(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලදී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් මෙය ඉල්ලා ලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදුකළ බව ඇතුළු චෝදනා 16 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවේ අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කරමින් නියෝගයක් පැනවු විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමටද නියම කළේය.
දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස යන අයට එසේ ඇප නියම කෙරිණි.
2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පන්චිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අල්ලස් සඳහා දෙන දඬුවම් අනුව නම් ශතවර්ෂයකට එහා අච්චු කරයි. මේ රට හදන්න නම් දැඩි දඬුවම් දීම අනිවාර්යයි.
ඕක ශේප් වෙනවා මොනවාද ඔට්ටු
ලංකාවේ රේගුව අල්ලස් ගන්න එදා ඉඳලම කප් ගහලනේ ඉන්නේ. මියගිය කෙනෙකුට ඇප නියම කරපු කතාව නම් ඇහුවමයි. එතුමාට නිවන් සුව ලැබේවා!
අල්ලස් ගැනීමත් මත්පැන් බීම වගේ නවතා ගන්න බැරි දෙයක් බැරිද අල්ලස් ගැනීම් රජයට ආදායම් මාර්ගයක් කර ගන්න.
දඬුවම් දෙන්නේ කොහොමද අධිකරණ පද්දතියත් බොහෝ අය නිසා දුෂණයට පත්වෙලා බලන්න අරාබිරටවල නීතිය, රජ මවුල් කියක් නම් හිරේ ඉන්නවද දේපල හැමදේමත් රාජසන්තක කර බිලියන 400 මුදල රජයට ගන්න නියෝග දුන්නේ මේ කුමරවරුන්ගේම නායකයා {සෞදි } අපේ හිටපු නායකයෝ ...... අවාසනාවන්තයි අපි මේ නායකයන් අතර ඉපදීම.