IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලක් ඉංජිනේරුවා නයිජීරියා කැලේ : මුදා හරින්න කෝටි පනහක් ඉල්ලයි

රුපියල් කෝටි පනහක කප්පම් ඉල්ලා නයිජීරියාවේදි පැහැරගෙන ගොස්  ඇත්තේ වේයන්ගොඩ මොට්ටුවත්තේ පදිංචි ඩී.ඒ.කරුණාදාස (68) නැමැති  ඉංජිනේරුවරයෙකි.

වසර තිස් පහකට  පමණ පෙර  ඉතාලි  ඉදිකිරිම්  සමාගමක ඉංජිනේරුවරයෙකු  වශයෙන්  නයිජිරියාවේ සේවයට ගිය ඔහු  එක්  දරු පියෙකි.

කරුණාදාස මහතාගේ (මස්සිනා) ඩබ්ලිව්.එල්.එම් චන්ද්‍රදාස (73) මහතා මෙසේ  කියයි.

කරුණාදාස මල්ලි  ඉංජිනේරුවරයෙක්. ඔහු  විවාහ වී  සිටින්නේ  මගේ  නෝනාගේ නංගි සමඟයි. මල්ලී වේයන්ගොඩ  බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන්  උසස් පෙළ සමත්වී  පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලබා ගත්තට පස්සේ ලංකාවේ ස්ථාන කිහිපයකම  රැකියාව කළා.

මල්ලි එහෙ රැකියාව කරන අතරේ  දැනට  අවුරුදු  විසිපහකට පෙර මගේ නෝනාගේ නංගි  සමඟ විවාහ වුණා.

මාස හයකට වතාවක් ඔහු ලංකාවට එනවා මල්ලිගේ  නෝනයි දුවයි බලන්න. දැනට  අවුරදු  දෙකකට පෙර දුවයි එයාගේ නෝනයි  නයිජීරියාවේ සිට ලංකාවට  ආවා දුව දැන්  මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ  ඉගෙන ගන්නවා.

එදා  පසුගිය 18 වැනිදා තමයි  මල්ලී ඕගී හා ඔන්ඩෝ නගර සිමාවේදී  වාහනයට  වෙඩි තියලා පැහැරගෙන ගොස්  තියෙන්නේ. මල්ලිගේ  හා  රියදුරාට වෙඩි  වැදි  බරපතල තුවාල සිදුවි  පොලිස්  නිලධාරියා මිය ගොස්  තිබෙනවා.

ලංකාවේ මුදලින් රුපියල් කෝටි පනහක කප්පමක් ඉල්ලා තමයි පැහැර ගෙන තිබෙන්නේ ඔහු නයිජිරියාවේ  වනාන්තරයක හිරකර ගෙන සිටින බව ආරංචිය.

දවසට  සැරයක්  මල්ලි එයාගේ  නෝනාට  කතා  කරනවා. කරදරයක්  නැතිව ඉන්නවා  කියලත්  කියනවා. ඉදිකිරිම්  සමාගම කෝටි  පනහක කප්පම දිලා  බේරා ගන්නා බව විශ්වාස කරන බවද මල්ලී  කියා  තිබෙනවා.

මල්ලි පසුගිය අප්‍රේල්  මාස 20 වැනිදා ලංකාවට  ආවා. ඒ  වේලාවේ  එයාගේ  දුව කිව්වා තාත්තා ආපහු  නයිජිරියාවට යන්න එපා. “එහෙ  කප්පම්  කල්ලි  මිනිස්සුන්ව පැහැර  ගන්නවා කියලා. ඒ  වෙලාවේ  මල්ලි  හිනාවුණා  විතරයි  වෙනත්  කිසිම දෙයක්  කිව්වේ  නැහැ.”

මෙයට  පෙරත්  නයිජිරියාවේ කප්පම්  කල්ලිවලින්  ඔහුට තර්ජනයක්  ඇති වි තිබුණා. නමුත් මල්ලී  ඒවා  ගණන්  ගත්තේ  නැහැ. ඉංජිනේරුවරයාගේ  බිරිඳ වන කේ.ඒ.යසවතී  (64) මහත්මිය දුරකථනයෙන් ඇය මෙසේ  කියා  සිටියාය.

මහත්තයා පැහැර  ගෙන ගිය  දවසේ  සිට දිනකට  එක පාරක්  දුරකථනයෙන්  කතා  කරනවා  එයාට  කරදරයක්  නැහැ කියලා  තමයි කියන්නේ. මහත්තයාගේ  ආරක්ෂක පොලිස්  නිලධාරියා  එහි  වෙඩි  ප්‍රහාරයෙන් මියගිය බවද එයාගෙ රියදුරා  තුවාල ලබා  රෝහල්  ගත කොට  සිටින බවත්  කිව්වා.

මගේ  දුව සෙනාලි කෑම කන්නේ  නැහැ අඬ අඬා  ඉන්නවා. මහත්තයා දැනට  මාසයකට  පෙර ලංකාවට  ආපු  වේලාවේ දුව කිව්වා  අනේ  තාත්තේ  ආයේ නයිජිරියාවේ  යන්න එපා  කියලා  නමුත්  මහත්තයා  හිනාවෙලා  ආපසු  ගියා කියා  සිටියා.

මහත්තයා සේවය කරන සමාගම මැදිහත් වී  මේ  ප්‍රශ්නය විසඳලා  මහත්තයාව නිදහස්  කර  ගැනිවි  කියලා  විශ්වාසයක්  තියනවා.

තම සැමියා  බේරා  ගැනිමට මැදිහත්  වන ලෙස විදේශ අමාත්‍යංශයෙන්  හා  ශ්‍රී ලංකා රජයෙන්  ඉල්ලා   සිටින බවද යසවති  මහත්මිය කීයන්නීය.

 

ඉංජිනේරුවරයාගේ  බිරිඳගේ  අක්කා  කේ.ඒ.ලීලාවතී (69) මහත්මිය 

DSCN0261[1]

පැහැරගෙන ගොස්  ඇති ඩි.ඒ.කරුණාදාස (68) මහතා  බිරිඳ හා දියණිය සමඟ

DSCN0257[1]

 ( මස්සිනා) ඩබ්.ඒල්.ඇම්.වනුදාස (73) මහතා

DSCN0259[1]



අදහස් (0)

ලක් ඉංජිනේරුවා නයිජීරියා කැලේ : මුදා හරින්න කෝටි පනහක් ඉල්ලයි

කල්පනී Saturday, 23 May 2015 05:08 AM

ජීවිතයක වටිනාකම මුදලට යටකරන්න එපා (නි)

:       0       0

ආනන්ද Saturday, 23 May 2015 04:49 PM

මෙතුමාට කරදරයක් නැතුව නිදහස් වෙන්නට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා! (නි)

:       0       0

ශීලා Saturday, 23 May 2015 08:20 AM

ලංකාවේ රස්සා තියනවා නම් මෙහෙම අපේ අය රට පට වන්ට වෙයිද. දේසපාලන මයිනෝ මේවට වක්‍රාකාරයෙන් වග කියන්ට ඕනා. මොකෝ උන්නේ වැඩ කෙරිල්ල පැත්තකින් තියල අපේ සල්ලි වලින් ජෝගි නටන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site