නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී න්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.
කලාපීය හා ජාත්‍යන්තර අවධානය යොමු වූ මැතිවරණයක් සාමකාමීව නිම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව ඇගයීය යුතු බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරන බවත් ඉන්දීය අගමැති මෝදී ප්‍රකාශ කළේය.
ජනතාව දුන් ඡන්දය ශ්‍රී ලංකාවට එක්සත් බව හා වෙනසක් ඇති කරනු ඇති බවත් මෝදී කීවේය.
ජනපතිගේ ජයග්‍රහණය අසල්වැසි රට හා සෑම අවස්ථාවකම සත්‍ය මිතුරෙකු වූ ශ්‍රී ලංකාවට ප්‍රතිසන්ධානය, සාමය හා සංවර්ධනය ගෙන එනු ඇතැයි ද ඒ සඳහා සෑම අවස්ථාවකම ඉන්දීයාවේ සහයෝගය දීමට සූදානම් බව ද ඉන්දීය අගමැති කීවේය.
සෑම ජන කොටසක්ම නියෝජනය වන පරිදි ඇමැති මණ්ඩලය පත් කිරීම ද මෝදි අගය කළේය.
දෙරටේ සංචාරයකට කළ ඇරැයුම නායකයන් දෙදෙනාම පිළිගත් බව ඉන්දියා මාධ්‍ය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන් ,ඔයා මොනවද දන්නේ? මාතර නෙමෙයි මුළු රටම හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි. (නි)
සත්‍යපාල නිවැරදියි (නි)
ඉන්දියාවට 13 අමතක වෙන්නෙම නැහැනේ. 13 ගැන ඇහුවත් කියන්න තියන්නේ 13ට වඩා 19 ශක්තිමත් කියලයි. (නි)
විශ්ව විද්‍යාලයේ කතාවක් තියනවා "හලෝ චෙරියෝ' කියලා. ඉන්දියාව කියන්නේ දැක්කහම හලෝ කියලා ගෙදරට ගන්නේ නැතුව ආශ්‍රය කරන්න ඕනෑ යාලුවෙක්. අතේදුරින් තියාගන්න තරමට වඩා හොඳයි. (නි)
මෙහෙමත් කීකරුකමක්! (නි)
කවුරුත් ඕනවට වඩා විශ්වාස කරන්නටවත් අනුන්ට චරිත සහතික දෙන්නටවත් හදන්න එපා. ලොකු අයියල එයාලගේ වැඩ කරගන්නේ එයාලට වාසි වෙන්න. පොඩි මල්ලිත් දැනගන්න ඕනේ තමනුත් හැමදාම අයියා අයියා කියමින් තොත්ත බබාලා නොවී ලොකු අයියලාගෙන් ලොසින්ජර ඉල්ලමින් නොසිට කොහොමද මස්සිනා කියන ගානට පෞර්ෂයක් ගොඩනගාගන්න. කරුණාකර ලොකු අයියා කියමින් මගේ රටේ අයගේ පෞර්ෂය බිඳ දමන එක දැන්වත් නවත්වන්න. අපි පොඩියි,දුර්වලයි,යටහත්,අපිට බෑ කියන තැනට ආපසු රට ගෙනයන්න එපා. ජාතියක් ලෙස අභිමානයක් ඇතිව ජීවත්වන්නට මිනිසුන්ගේ හිත් ශක්තිමත් කරන්න බලන්න. කාලයක් යුද්දය දිනන්න බෑ කියන තැනට අපි පත් කරෙත් මෙලෙසයි. කරුණාකර මේ වරද අදින් පසුවවත් නතරකරන්න. (නදී)
ලොකු අයියා කැමති නොවී කොහොමද ?. වැඩියෙන්ම බර ඇද්දේ එහෙන් නොවැ (නදී)
මේවා හොද දේවල්. අසල් වැසි රටවල් එක්ක හොඳ සහයෝකගයකින් වැඩ කළ යුතුයි. සුබ අනාගතයක් ශ්‍රී ලංකාවට (නදී)
“මම කියන දේ අහනවද? “ඔව්..” එහෙනම්.... ?? (නි)
මෙතැන අදහස් දක්වා ඇති අය විදෙස් සම්බන්ධතා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. (නි)
අපි කොච්චර බැන්නත් එක දෙයක් ඇත්ත. මාතර අද තියෙන සංවර්දනයට මුල මෙයා තමයි. ගාල්ල දකුණේ අග නගරය වෙලත් මාතර තරම් දියුණු නැහැ. හරි බඩුවක් මුට්ටුවක් ගන්න, රජයේ වැඩක් කරගන්න මාතරටම එන්න ඕනා. (නදී)
ලොකු අයියා උනේ කොහොමද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)
අනේ කරුණාකරලා දැන්වත් නිදහස් වෙමු. ඉන්දියාවට තියෙන ගැතිකම් අත් හරිමු. නිදහස් නිවහල් රටක් ජාතියක් විදිහට හිතන්න පුරුදු වෙමු. (නදී)
මේවා දකින , අහන අපිටම බැනගන්න ඕනෑ. දේශපාලනයේ ඇත්ත තමා ඔය දකින්නේ. රටේ අභිමානය අපි අපිම නැතිකරගන්න නරකයි (නි)
මැති ඇමැතිවරුන් ඕන රටකට ගියත් පදිංචි උනත් කමක් නැහැ.මේක නිදහස් නිවහල් රටක්.(දිල්)
මේ හැමදෙයකම ප්‍රතිපල ශ්‍රී ලංකික අපි හැමෝටම අනාගතයේ අමතක නොවන්න. වගේම කරගන්න මෝඩකම් වලට පරම්පරා ගණනකට දුක් වෙන්න (දිල්)
මින් ඉදිරියට ලංකාව පාලනය වෙන්නේ අල්ලපු රටේ ලොකු අයියාට ඕනේ විදිහට තමයි. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.(හේ)
මංගල ගියා කියන්නෙ ඕනෑම වැඩක් ගොඩ කියන එකනෙ. (ස)
අපි කවදාද මේ ගැතිකම් අතහැර නිදහස් රටක් වෙන්නේ (නි)
අනේ ඇත්තට එක්කෙනෙක් ඉන්දියාවෙ කෝවිල් ගානෙ ගිහින් නැත්තට නැති උනා. මෙයාලත් ඔන්න පටන් ගත්තා. කරුණාකරලා සිංහල ජනතාවගේ ඡන්ද බාල්දු කරන්න එපා. කොහොමත් මේ යූඑන්පී සහ ශ්‍රීලංකා යන පක්ෂ දෙකේම අයගේ තියෙන ගැතිකම් නම් තවම ඇරිලා නැහැ. ඉන්දියාව 1505න් පස්සේ ලංකාවට කිසිම අතකින් උදව් වෙලා නැහැ. උඩින් මිතුරු යටින් හතුරු මිසක්. (නදී)
ලොකු අයියා සතුටෙන් පිනාගිහින්. (නි)
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි?ඔය ලොකු අයියා එන්නේ අපිට ආදරේට නම් නොවෙයි?13 සාක්කුවේ දාගෙන ඇති? (බ)
මංගල මහත්තයා අව්වේ ඉදලම කලු වෙලා (නදී)
නරේන්ද්‍ර මෝඩි අගමැති හිටපු මන මෝහන් සින්ග් වාගේ නොවෙයි කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්. ඔහුගෙන් ලංකාවට යහපතක් මිස අවැඩැක් වෙන්නේ නැහැ.(නදී)
ඉන්දියාව අපි දියුණු වෙනවට කැමති නැහැ. ඒ නිසයි එයාලා මහින්ද මහත්තයාට අකමැති. දැන් ඔලුව අතගෑවට ප්‍රවේශමෙන්! (නි)