ශ්රී ලංකාවේ ආදිවාසී නායකයන් අතරින් අධිකරණයක මත ඇප ලැබූ පළමු ආදිවාසී නායකයා තමා බවත් ඒ ගැන කනගාටු නොවන බවත් එහෙත් වරිග පරම්පරාවේ අයිතිවාසිකම් උදුරාගන්නා මිනිස්සුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට වුවත් යන්නට පසු නොබසින්නේ යැයි මහියංගන උසාවිබිමේ දී ඌරුවරිගෙ වන්නිලා ඇත්තන් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. ‘‘මේ ඇත්තෝ මේවාගේ උසාවි පොජ්ජකට මංගච්ඡලා කූඩු පොජ්ජක මන්දො වෙච්ච පළවෙනි වාර පොජ්ජ මේ. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජේ පළවෙනි පාර පොජ්ජ මේ. හැබැයි මේ ඇත්තේ දුක් පොජ්ජ මන්දො වෙනවා කොදොයි. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජ වෙනුවෙන් අධිකරණ පොජ්ජට මංගැච්ඡීම වෙනුවෙන්. අනිත් එක තමයි මේ ඇත්තන්ව බියකර දැම්මත්, අද දවස් පොජ්ජේ වනජිවී හුරලා මංගජ්ජලා පුච්චා දැමුවත් මේ ඇත්තෝ ලෝක පොජ්ජේ තියන හරි අධිකරණ පොජ්ජකට හරි මංගච්ඡන්න සුදානම් පොජ්ජ පරම්පරා පොජ්ජ වෙනුවෙන්. පරම්පරා පොජ්ජෙ අයිති පොජ්ජ වෙනුවෙන් ලෝක පොජ්ජේ උඩතැනටම හරි මංගච්ඡන්න සුදානම්’’ යැයිද ආදිවාසි නායකයා කිවේය. ආදිවාසී නායකයා ලෙස තමන් දඩයම් නොකළාට තම පරපුර යැපුණෙ දඩයමින් බවත් ඒ අයිතිය අද තමන්ට නැතිව තිබෙන බවත් කී ආදිවාසි නායකයා අහිමිවි ගිය තම අයිතිවාසිකම් රැක ගැනිමට දැන් අධිකරණයේ සහ ආදිවාසීන්ගේ පැවැත්මට හිතැති ජනතාවගේ පිහිට පතන බවද ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටීවී පොජ්ජේ විමසුම් පොජ්ජෙන් හොඳවයින් දෙකක් අහගන්න වගෙයි වලිකන්නේ. හෙට පොජ්ජ වෙනකොට තමුන්නැහෙත් මේ රටේ ආණ්ඩු පොජ්ජේ නොවන සියලුම සමාජ ක්‍රියාකාරික ඇත්තන්ලා එක්ක එක එකට පේලි පොජ්ජේ වඩා හිඳුවාලා තියෙයි. ඔහොම මංගච්චමුකෝ.. (ස)
සුලුජාතීන්‍ගේ ගැටලු ආදිවාසීන්ට තේරුණත් අපේ ලොකු ඇත්තෝ පොජ්ජලාට නොතේරෙන එකනේ කණගාටුව. (නි)
අයියෝ සල්ලි
ලොක් අධිකරණ පොජ්ජට මංගච්චලා, මතක පොජ්ජ නැතිවුණා ආතති පොජ්ජක් ඇති වුණා කියලා කියයිද දන්නේ නෑ.
පහත් තැනින් යයි ගලා ජලේ... (නි)
හරි හරි. දැන් මස් කන්න ඕනෑ නැහැ. (නි)
නිලධාරීනුත් සද්දේ දාන්නේ පොඩි පොඩි අයට තමයි. (නි)
ආදිවාසීන් අපගේ නීතියට යටත් කිරීම අසාධාරනයක්.මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් .බලය ඇත්තා දුබලයාව යටත් කරගැනීමක්. අප ඔවුන්ගේ රට අයිතිකරගත්තා මිස ඔවුන් අපෙන් කිසිවක් පැහැරගෙන නැහැ.(ස)
එයාලට නිදහසේ ඉන්න දෙනවනම් හොඳයි නේද ? (ස)
චන්දිමා, ඇත්තමයි භාෂාව ලස්සනයි (ස)
ලැජ්ජයි
නීති පොතේ නීති තිබුන පලියට වැදි ජනතාවගේ පාරම්පරික අයිතීන් උදුරාගැනීම වැරදියි. අනික අපේ රටේ නීතිය හැමෝටම පොදුයිද?. (ස)
නියම ආදිවාසී අයට පමණක් දුන්නොත් මොකද? (නි)
පරම්පරා පොජ්ජ රැකගන්න මංචන්න හදන ඔය ඇත්තොන්ගේ කකුල් පොජ්ජට කැළේ දෙවියන්ගේ පිහිට ලැබෙනවා ඇත්තෝ. (නි)
හරි හරි. දැන් එක පෙළට මංගච්චන්නකෝ. (නි)
අපි අපිව තේරුම් ගමු .එතකොට ප්‍රශ්න අඩුයි . (ස)
අනේ වැද්දන්ටවත් පාඩුවේ ඉන්න දෙන්න..(ස)
උසාවියට යද්දී පැණී ටිකකුයි, දඩමස් පොජ්ජකුයි ඇන්න ගියානම් අහවරයිනේ අපේ ඇත්තෝ. (නි)
කරැණාකර ඒ මිනිසුන් ගැනත් හොයා බලන්න..!(නු)
අනේ අපේ අයටත් පුළුවං මේ වගේ අහිංසක අයව අල්ලන්න තමයි.. මහා පරිමානයෙන් ගස් කපන.. සතුන් මරණ ඇත් දල කපන ලොකු අය කරන වන විනාශය මේ අයට පේන්නේ නැහැ..!(නු)
ආදිවාසීන්ට මෙහෙම යනකොට කුකුල් මස් ෆාම් තමයි දාගන්න වෙන්නේ. (නි)
ඔක්කොම කචල් ලංකාවේ තමයි. අනේ මෙහෙම ලංකාවක්? (නි)
මොනවා කරන්නද හූරා? මේක තමයි අපේ දියුණුව. (නි)
දැන් බත් කාලා මස් නොකා ඉන්න..(ස)
නායක හූරාගේ සහය පොජ්ජට අපි එනවා. උඩතැනටම මංගච්චන්න නායක හූරේ. (නි)
නියමයි ලොක්කා. (නි)
මේ භාෂාව හරීම ලස්සනයි. (නි)