IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලෝක අධිකරණ පොජ්ජට යන්නට ආදිවාසී නායකයා සූදානම්

ශ‍්‍රී ලංකාවේ ආදිවාසී නායකයන් අතරින් අධිකරණයක මත ඇප ලැබූ  පළමු ආදිවාසී නායකයා තමා බවත්  ඒ ගැන කනගාටු නොවන බවත් එහෙත් වරිග පරම්පරාවේ  අයිතිවාසිකම් උදුරාගන්නා මිනිස්සුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට වුවත් යන්නට පසු නොබසින්නේ යැයි මහියංගන උසාවිබිමේ දී ඌරුවරිගෙ වන්නිලා ඇත්තන් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. ‘‘මේ ඇත්තෝ මේවාගේ උසාවි පොජ්ජකට මංගච්ඡලා කූඩු පොජ්ජක මන්දො වෙච්ච පළවෙනි වාර පොජ්ජ මේ. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජේ පළවෙනි පාර පොජ්ජ මේ. හැබැයි මේ ඇත්තේ දුක් පොජ්ජ මන්දො වෙනවා කොදොයි. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජ වෙනුවෙන් අධිකරණ පොජ්ජට මංගැච්ඡීම වෙනුවෙන්. අනිත් එක තමයි මේ ඇත්තන්ව බියකර දැම්මත්, අද දවස් පොජ්ජේ වනජිවී හුරලා මංගජ්ජලා පුච්චා දැමුවත් මේ ඇත්තෝ ලෝක පොජ්ජේ තියන හරි අධිකරණ පොජ්ජකට හරි මංගච්ඡන්න සුදානම් පොජ්ජ පරම්පරා පොජ්ජ වෙනුවෙන්. පරම්පරා පොජ්ජෙ අයිති පොජ්ජ වෙනුවෙන් ලෝක පොජ්ජේ උඩතැනටම හරි මංගච්ඡන්න සුදානම්’’ යැයිද ආදිවාසි නායකයා කිවේය. ආදිවාසී නායකයා ලෙස තමන් දඩයම් නොකළාට තම පරපුර යැපුණෙ දඩයමින් බවත් ඒ අයිතිය අද තමන්ට නැතිව තිබෙන බවත් කී ආදිවාසි නායකයා අහිමිවි ගිය තම අයිතිවාසිකම් රැක ගැනිමට දැන් අධිකරණයේ සහ ආදිවාසීන්ගේ පැවැත්මට හිතැති ජනතාවගේ පිහිට පතන බවද ඔහු කීවේය.



අදහස් (0)

ලෝක අධිකරණ පොජ්ජට යන්නට ආදිවාසී නායකයා සූදානම්

චන්ද්‍රා Saturday, 22 September 2012 01:06 PM

ලැජ්ජයි

:       0       0

චන්ද්‍රසිරි Saturday, 22 September 2012 01:01 PM

චන්දිමා, ඇත්තමයි භාෂාව ලස්සනයි (ස)

:       0       0

ඩොන් Saturday, 22 September 2012 02:13 AM

ආදිවාසීන්ට ‍මෙහෙම යනකොට කුකුල් මස් ෆාම් තමයි දාගන්න වෙන්නේ. (නි)

:       0       0

ඩියෝ Saturday, 22 September 2012 11:39 PM

නිලධාරීනුත් සද්දේ දාන්නේ පොඩි පොඩි අයට තමයි. (නි)

:       0       0

අශාන් Saturday, 22 September 2012 05:56 AM

අනේ අපේ අයටත් පුළුවං මේ වගේ අහිංසක අයව අල්ලන්න තමයි.. මහා පරිමානයෙන් ගස් කපන.. සතුන් මරණ ඇත් දල කපන ලොකු අය කරන වන විනාශය මේ අයට පේන්නේ නැහැ..!(නු)

:       0       0

පියල් Sunday, 23 September 2012 12:01 AM

හරි හරි. දැන් මස් කන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 22 September 2012 07:00 AM

කරැණාකර ඒ මිනිසුන් ගැනත් හොයා බලන්න..!(නු)

:       0       0

කුමුදු Saturday, 22 September 2012 03:27 PM

එයාලට නිදහසේ ඉන්න දෙනවනම් හොඳයි නේද ? (ස)

:       0       0

නිශා Saturday, 22 September 2012 03:39 PM

ආදිවාසීන් අපගේ නීතියට යටත් කිරීම අසාධාරනයක්.මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් .බලය ඇත්තා දුබලයාව යටත් කරගැනීමක්. අප ඔවුන්ගේ රට අයිතිකරගත්තා මිස ඔවුන් අපෙන් කිසිවක් පැහැරගෙන නැහැ.(ස)

:       0       0

කුරේ නාවලගේ Saturday, 22 September 2012 08:13 AM

උසාවියට යද්දී පැණී ටිකකුයි, දඩමස් පොජ්ජකුයි ඇන්න ගියානම් අහවරයිනේ අපේ ඇත්තෝ. (නි)

:       0       0

නාරද Sunday, 23 September 2012 08:02 AM

පහත් තැනින් යයි ගලා ජලේ... (නි)

:       0       0

ගයා Sunday, 23 September 2012 09:03 AM

ලොක් අධිකරණ පොජ්ජට මංගච්චලා, මතක පොජ්ජ නැතිවුණා ආතති පොජ්ජක් ඇති වුණා කියලා කියයිද දන්නේ නෑ.

:       0       0

ජනිත් Saturday, 22 September 2012 09:13 AM

අනේ වැද්දන්ටවත් පාඩුවේ ඉන්න දෙන්න..(ස)

:       0       0

අමිල කටුනායක Friday, 21 September 2012 07:26 PM

හරි හරි. දැන් එක පෙළට මංගච්චන්නකෝ. (නි)

:       0       0

සරත් Saturday, 22 September 2012 10:03 AM

අපි අපිව තේරුම් ගමු‍ ‍.එතකොට ප්‍රශ්න අඩුයි . (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 22 September 2012 10:15 AM

ටීවී පොජ්ජේ විමසුම් පොජ්ජෙන් හොඳවයින් දෙකක් අහගන්න වගෙයි වලිකන්නේ. හෙට පොජ්ජ වෙනකොට තමුන්නැහෙත් මේ රටේ ආණ්ඩු පොජ්ජේ නොවන සියලුම සමාජ ක්‍රියාකාරික ඇත්තන්ලා එක්ක එක එකට පේලි පොජ්ජේ වඩා හිඳුවාලා තියෙයි. ඔහොම මංගච්චමුකෝ.. (ස)

:       0       0

චන්දිම Friday, 21 September 2012 08:26 PM

මේ භාෂාව හරීම ලස්සනයි. (නි)

:       0       0

දිලන්ක Friday, 21 September 2012 08:41 PM

නියමයි ලොක්කා. (නි)

:       0       0

ශාන් Sunday, 23 September 2012 11:38 AM

අයියෝ සල්ලි

:       0       0

මනම්පේරි Saturday, 22 September 2012 11:13 AM

පරම්පරා පොජ්ජ රැකගන්න මංචන්න හදන ඔය ඇත්තොන්ගේ කකුල් පොජ්ජට කැළේ දෙවියන්ගේ පිහිට ලැබෙනවා ඇත්තෝ. (නි)

:       0       0

දුම්බර සෙනෙවි Friday, 21 September 2012 08:59 PM

නායක හූරාගේ සහය පොජ්ජට අපි එනවා. උඩතැනටම මංගච්චන්න නායක හූරේ. (නි)

:       0       0

විමල් Friday, 21 September 2012 09:46 PM

දැන් බත් කාලා මස් නොකා ඉන්න..(ස)

:       0       0

ඩයස් Saturday, 22 September 2012 12:09 PM

නියම ආදිවාසී අයට පමණක් දුන්නොත් මොකද? (නි)

:       0       0

චන්ද්‍රපාල Friday, 21 September 2012 10:14 PM

මොනවා කරන්නද හූරා? මේක තමයි අ‍පේ දියුණුව. (නි)

:       0       0

රාජා Saturday, 22 September 2012 12:18 PM

නීති පොතේ නීති තිබුන පලියට වැදි ජනතාවගේ පාරම්පරික අයිතීන් උදුරාගැනීම වැරදියි. අනික අපේ රටේ නීතිය හැමෝටම පොදුයිද?. (ස)

:       0       0

අසිත Sunday, 23 September 2012 02:04 PM

සුලුජාතීන්‍ගේ ගැටලු ආදිවාසීන්ට තේරුණත් අපේ ලොකු ඇත්තෝ පොජ්ජලාට නොතේරෙන එකනේ කණගාටුව. (නි)

:       0       0

රණතුංග Friday, 21 September 2012 10:52 PM

ඔක්කොම කචල් ලංකාවේ තමයි. අනේ මෙහෙම ලංකාවක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site