IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක්) පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීමාවට පැමිණි සැක සහිත පාකිස්තාන බෝට්ටුවක තිබී අත් අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඉන්දීය වෙරළාරක්ෂකයන් සමත් වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

බෝට්ටුව සමඟ පකිස්තාන ජාතිකයන් 14 දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත් ද්‍රව්‍ය තොගය පාකිස්තාන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හජී අස්ලාම්ට අයත් බවට තොරතුරු ලැබුණු බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.අස්ලාම් ඉන්දියාව හරහා මත් ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද  මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැවැසුවේය.

එලෙස ඉන්දීය මුහුදු සීමාවට ගෙන මත් ද්‍රව්‍ය තොගය ඉන්දීය බෝට්ටුවකට පටවා තමිල්නාඩුවට රැගෙන යාමට සැලැසුම් කර තිබී ඇති බවත් පසුව එම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට බාර දීමට සැලසුම් කර ඇති බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.ජාවාරම්කරුවන් පකිස්තාන බෝට්ටුව අලී ලෙස හඳුන්වා ඇති බවත් එම මත්ද්‍රව්‍ය පැටවීමට නියමිතව තිබූ ඉන්දීය බෝට්ටුව හේඩර් ලෙස හඳුන්වා ඇති බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැවැසුවේය.

එම මත් ද්‍රව්‍ය කිලෝ 86 පැකට් 78 කට අසුරා තිබී ඇති බවත් එම මත් ද්‍රව්‍ය තොගය අයිස් ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය වර්ගයට අයත් බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (1)

ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි

wedage Monday, 29 April 2024 04:13 PM

පින්තූර දාන එක හොඳයි...!

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1406 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1476 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 271 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 1152 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 3186 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 484 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 790 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2342 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2009 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site