
(විමුක්ති එස්. රුද්‍රිගු)
මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් නෞකාවලට සේවය සපයන සමාගම්වල ලංකාවේ නෞකා දෙකක් දෙවැනි වටයේ සම්බාධක හේතුවෙන් අසාදුලේඛනගතවී ඇතැයි ආරංචි මාර්ග අද (02) ප්‍රකාශ කළේය.
මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවලට සැපයුම් ලබාදීම හේතුවෙන් අසාදු ලේඛනගත වූ (බ්ලැක්ලිස්ට්) මෙම නෞකාවලට මින් ඉදිරියට කිසිම වෙළෙඳ නෞකාවකට සැපයුම් ලබාදීමට නොහැකි වනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉරාන නෞකා සම්බන්ධව තොරතුරු ඉල්ලා තිබෙන බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
ඉරාන නෞකාවලට කෑම හිඟයක් තිබිය හැකි බවත් එම නෞකාවල හාල් තිබුණත් එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය හිඟ විය හැකි බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙම තත්වය මත සැපයුම් සහ සේවා ලබාදීමේදී සැලකිලිමත් වන ලෙස වරාය අධිකාරිය ද වාචිකව මෙරට නැව් නියෝජිතයන් දැනුවත් කර තිබූ බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
එහිදී ඉරාන නෞකාවලට සේවා සහ සැපයුම් ලබාදීමට ගොස් සියලු දේ නැතිකර නොගන්නා ලෙස මෙරට නැව් නියෝජිතයන් වාචිකව දැනුවත් කළ බවද නැව් සමාගම් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් දැනුම් දීම කළ බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
ද්විතීයික සම්බාධක එසේත් නැතිනම් දෙවැනි වටයේ සම්බාධක යනු සම්බාධක පනවා ඇති රටක් හෝ ආයතනයක් සමග ව්‍යාපාරික කටයුතු කරන තුන්වැනි පාර්ශ්වයේ පුද්ගලයන්, සමාගම් හෝ බැංකුවලට හෝ රජයක් විසින් පනවනු ලබන දඬුවම් හෝ සීමා වේ.
මෙවැනි සම්බාධක එම රටේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෘජු සම්බන්ධතාවක් නොමැති විදේශීය පුද්ගලයන් හෝ සමාගම්වලට ද අදාළ විය හැකිය.
ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපයේ පාවෙමින් තිබෙන එම ඉරාන තෙල් නෞකාවලට ආහාර, ඉන්ධන සහ අනෙකුත් සේවා සපයන මෙරට දේශීය සමාගම්වලට සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඒ හේතුවෙන් ඉරාන නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් මෙරට රජයට පීඩනයක් එල්ල කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙරේදා (01) වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd