මෙනින්ජකොකල් නමැති බැක්ටීරියාවක් ආසාදනය වී ලේ විෂවීමේ සෙප්ටසීමියා තත්ත්වයට ගොදුරුවී කරාපිටිය රෝහලේදී සිව් හැවිරිදි දැරියක මියගියාය. මියයාමෙන් පසු රෝහල් දැරිය ප්‍රතිකාර ලබමින් සිටි ඒකකයේ සේවක සේවිකාවන්ට, දැරිය බැලීමට පැමිණි ඥාති හිතවතුන්ට හා ළදරු පාසලේ දරුවන්ට රෝගය පැතිරීම වැළැක්වීමේ මූළික ප්‍රතිකාර ලබා දී ඇත. වමනය සමඟ උණ ඇතවීම හේතුවෙන් මෙම දැරිය ඊයේ සවස රෝහල් ගත කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේදී මෙම මරණය සිදුව තිබේ. දැරියගේ මරණයට හේතුවූවායැයි සිතන මෙනින්ජකොකල් බැක්ටීරියාව ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් එය වසංගතයක් සේ පැතිරීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. අක්මීමණ යක්ගහ පදිංචිව සිටි මෙම දැරියගේ දේහය මාපියන්ට භාරදුන්න ද අවසන් කටයුතු සිදුවනතෙක් මුද්‍රා තැබීමටත් පැය විසිහතරක් ඇතුලත අවසන් කටයුතු සිදුකිරීමටත් සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නේය. වසංගත රෝග ඒකකයේ ප්‍රධානී පබා පලිහවඩන මහත්මිය පවසන්නේ දැරියගේ සිරුරේ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කොළඹට එවා ඇති බවයි. මරණයට හේතුව මෙනින්ජකොකල් බැක්ටීරියාව යැයි සැකකරන බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගත් බවත් අදාල වාර්තා ලැබුණු පසු ස්ථිර නිගමනයකට එළඹිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. උණ, හිසරදය, වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇත්නම් ගොඩ වෙදකම් නොකර සුදුසුකම් ලත් වෛද්‍ය වරයයකුගේ ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලේ විස වී දැරියක මරුට
සිල්වා Tuesday, 25 September 2012 11:35 PM
නිතර නිතර ජනතාව දැනුවත් කරන්න මාධ්‍ය තුලින්..(ස)
නලින් Wednesday, 26 September 2012 01:59 AM
එම දැරියට නිවන්සුව පතමි.(ස)
රත්න Wednesday, 26 September 2012 01:36 PM
චුටි දුවට නිවන්සුව ලැබේවා. මතු උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)
රන්ජිත් Wednesday, 26 September 2012 05:23 AM
මේ බැක්ටීරියාව ආවේ කොහෙන්ද කොහොමද කියලා හොයලා බලන්න ඕනි නේද . ලංකාවේ මේවා තියෙනවද ? (ස)
වරුණ Wednesday, 26 September 2012 07:26 AM
දුක තමයි... (නි)
සරත් Wednesday, 26 September 2012 03:24 PM
ක්‍රවුන් , ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි..(ස)
අමිල කටුනායක Wednesday, 26 September 2012 07:48 AM
පවු ඒ චූටි දූ.... (නි)
අානන්ද පිටබැද්දර Wednesday, 26 September 2012 08:19 AM
සිව් වසරක් අපට දරු සුරතල් පෙන්නා නොදැනම ඇවිත් මරුවා මහ ගිණි දුන්නා දුක් වේදනා හද වෙත පැන පැන ඒන්නා සුදු දියණියේ ආයෙත් අප වෙත එන්න............ ඔබට අමා මහ නිවනම අත්වේවා (ස)
කුමාර Wednesday, 26 September 2012 08:30 AM
නිවන් සුව පතමි. (නි)
සරත් Wednesday, 26 September 2012 08:33 AM
ඔබට නිවන්සුව චූටි දුවේ...... (ස)
නිරන්දන් Wednesday, 26 September 2012 09:13 AM
ඒ දුවට නිවන්සුව , අනේ අපේ අනෙක් පැටවු ටික ආරක්ෂාකරගන්න පුලුවන් හැම පියවරක්ම ඉක්මනින් ගන්න..(ස)
චතුර Wednesday, 26 September 2012 09:16 AM
කරුමේ තමයි ඉතින් (ස)
සුනිල් Wednesday, 26 September 2012 09:28 AM
අයියෝ සල්ලි කනගාටුයි
චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:54 PM
දුකයි. (නි)
සජී Wednesday, 26 September 2012 10:23 AM
අනේ දුකයි තමයි . ඒත් මොනවා කරන්නද ? ජීවිතේ හැටි ඔහොම තමයි (ස)
මධු Wednesday, 26 September 2012 05:12 PM
ඔබට නිවන් සුවත් මෙවන් අකල් මරණයක් මතු ආත්මයකදී නොවේවා කියාත් පතමි. (නි)
මධූ Wednesday, 26 September 2012 05:18 PM
ඔබට නිවන් සුව..මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරමි.(ස)
රූපවතී Tuesday, 25 September 2012 09:23 PM
ඇත්තටම ඔයාලා අතින් බෙහෙතක් එහෙම විෂ වෙලා නෙවෙයිනේ. (ස)
දුෂ්‍යන්ත යග්ගහවිට Tuesday, 25 September 2012 09:35 PM
නරක පුවතක්..!(නු)
ක්‍රවුන් Wednesday, 26 September 2012 11:32 AM
( http://www.betterhealth.vic.gov.au/bhcv2/bhcarticles.nsf/pages/Meningococcal_disease )
ජනිත Wednesday, 26 September 2012 06:11 PM
දරා ගත නොහැකි වේදනාවක්. ඹබගේ මවගේ මවු ගුණය ඹබගේ පියාගේ පිය ගුණය විදින්නට මත්තෙන් දිවියෙන් සමුගත් දියණියනි ඔබට නිවන් සුවයම පතමි. (නි)