
(අංජුල මහික වීරරත්න)
රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ අගලවත්ත පිඹූර රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සෑම රෝහලක් ම සංවර්ධනය කිරීමේ දී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන, පරිසරයේ අලංකාරය ද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතා ද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබා දෙන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය දියූණු කිරිමට සැලසුම් සකස් කරන බව පැවසී ය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සැපයීමේ දී වැදගත් ම අංශයන් වන ද්විතීයික හා තෘතීයික රෝහල් 130 කින් යුත් සේවා පද්ධතියට අවශ්‍යකරණ, පහසුකම් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙම රෝහල් පද්ධතිය තුළ මෙරට සම්පූර්ණ රෝහල් පද්ධතිය තුළ වන ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 75 ක් ඇතුළත් වන බව ද සදහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටි අයගේ සායන දවසට ඒ අය පෝලිම් වල බාගෙට මැරෙනවා අයියෝ...!
මගේ පවුලේත් ඉන්නවා සෞඛ්‍ය සේවයට සම්බන්ධ අය. ඒ අය කියන්නේ සෞඛ්‍ය සේවයේ විශාල සේවක හිඟයක් තියෙනවා කියල, නිවාඩුවක් ගන්න බැරි තරමට සේවක හිඟයක්, මේකට හේතුව පළපුරුදු නිලධාරියෝ රට අතහැරලා ගිහින්. ඉතින් අමාරුවෙන් වැඩ කරගෙන යනකොට වැඩ අධිකකම නිසා මානසිකව වැටිලා ඉන්නේ. තරහා යනවා සෑහෙන්න. මේ ආණ්ඩුව කරන උනුත් මේ තත්වයට වගකියන්න ඕන.
අපේ පොහොසත් ලස්සන රට දුප්පත් වුනේ අපේම වරදින්. අපිම දැන් අපේ රට අළුතෙන් හදමු.
රෝගියාගේ රෝගය පිළිබඳ දැනුවත් කර බෙහෙත් පිළිබඳ දැනුවත් භාවය වෛද්‍ය සේවයේ දී රෝගියාට සලකන ආකාරය, කතා කරන ආකාරය රෝගියාට respect කළ යුතුයි.. ඒක සිද්ධ වෙනවා private බෙහෙත් ගන්න ගියාම... ආණ්ඩුවේ ඒවගේ සද්දේ ලොකුකම බලන්න ඕනි... මාන්නක්කාරකම.