
(අංජුල මහික වීරරත්න)
පැරණි යන්ත්‍ර සූත්‍ර වෙනුවට නවීන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර තුළින් රෝහල් සේවා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය.
දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන මහල් හයකින් සහ ශල්‍යාගාර හයකින් සමන්විත කරාපිටිය මාතෘ ශික්ෂණ රෝහලේ (ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව මාතෘ රෝහල) නිරීක්ෂණයකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
ඇඳන් 600 කින් සමන්විත ශල්‍යාගාර හයක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු නවීන පහසුකම්වලින් යුක්ත රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ක්‍රියාත්මක සායන සහ මාතෘ ප්‍රතිකාර සේවාවන් හි ප්‍රගතිය සොයා බැලීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ අතර, රෝහලේ වත්මන් අවශ්‍යතා, පවතින මානව සහ භෞතික සම්පත් කළමණාකරණය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව ද කරුණු විමසා බැලීමට රෝහල් පාලනාධිකාරය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග රෝහල් ශ්‍රවණාගාරයේ දි විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට මෙහිදී කටයුතු කෙරිණි.
මෙහිදී 2027 වසර සඳහා සැළසුම් කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘති ලෙස වෛද්‍ය සහ හෙද ඇතුළු කාර්ය මණ්ඩල නිල නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කළ කරාපිටිය මාතෘ රෝහලේ අධ්‍යක්ෂ කේ.එමි සෝමරත්න මහතා රෝහලේ සංඛ්‍යාලේඛණ, මාතෘ මරණ අනුපාතය, ක්‍රියාත්මක ව්‍යාපෘති, පහසුකම් සහ සේවා, ක්‍රියාත්මක සායන, රෝගී තෘප්තිමත් වීම පිළිබඳ සමීක්ෂණ, මානව සහ භෞතික සම්පත් පිළිබඳවඳ පැහැදිලි කිරීමක් ද සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd