
(අංජුල මහික වීරරත්න)
ආනයන,අපනයන සහ රේගු නිෂ්කාශන කඩදාසි භාවිතයෙන් තොරව, විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ Paperless Document Processing වැඩසටහන වේගවත් කිරීම සඳහා වන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) පැවැත්විණි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධාන, ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු සහ අනෙකුත් පාර්ශ්ව වල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා රේගුව විසින් රේගු සටහන්කර සහ ලේඛන මාර්ගගතව භාර ගනු ලැබීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බැවින් ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන භාවිතයෙන් රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි.
ඉදිරියේදී සියලුම රේගු සටහන් සහ අදාළ ලේඛන කඩදාසි රහිතව විද්‍යුත් ක්‍රමවේදයෙන් පමණක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd