(විමුක්ති එස් රුද්‍රිගු)

වයිල්ඩ්බෙරීස් ගබඩා දෙකකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර එය මෙතෙක් රුසියාව යුක්රේනයට එල්ල කළ ප්‍රබලතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැළකෙයි.

ප්‍රහාරය සඳහා විවිධ වර්ගයේ මිසයිල 40ක් ඩ්‍රෝන 120 ක් යොදා ගත් බවත් ප්‍රධාන ඉලක්කය කියෙව් අගනගරය වූ බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය.

ඩ්‍රෝන සහ මිසයිල 160න් 126ක් විනාශ කර දැමීමට ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකියාව ලැබුන නමුත් මිසයිල 23ක් සහ ඩ්‍රෝන 10ක් ස්ථාන 20කට එල්ල වූ බව යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.

එම ප්‍රහාර අගනගරයේ දිස්ත්‍රික්ක 5 වෙතම එල්ල වූ බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම ප්‍රහාරවලින් එක් අයෙකු මියගොස් තවත් 16ක් තුවාල ලබා ඇති බවද පැවැසෙයි.

එසේම ප්‍රහාරයන්ගෙන් නගරයේ විශාල ආවාටයක් සැදී ඇති බවද සඳහන් වේ.