
(නිමල් ජයරත්න )
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය වනජීවී කාර්යාලය අසලදි අද(03 ) ඇඟලුම් කර්මාන්ත ශාලා සේවයකින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ගොයම් කපන යන්ත්‍රයක් මූණට මූහුණ ගැටී සිදු වූ අනතුරෙන් ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් සිව් දෙනකු ඇතුළු හත්දෙනකු තුවාල ලබා හබරණ සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.
මෙම අනතුරින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සිව් දෙනෙකු සහ ගොයම් කපන යන්ත්‍රය පටවාගෙන ගිය ට්‍රැක්ටර් රථයේ පැමිණි පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ඇඟලුම් කර්මාන්ත බස් රථ රියැදුරාගේ අපරික්ෂාකාරී ධාවනය නිසා මෙම අනතුර සිදුවී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd