
(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල රිදී විහාරය ආශ්රිත සංචාරක ගමනාන්තය සඳහා මසකට විදේශ සංචාරකයන් 5000ක් පමණ ගෙන්වා ගැනීමට ඉලක්ක සකසා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය දිනාගත් රිදී විහාරය එහි පෞරාණික වටිනාකම් රැකගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සහ අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. එමගින් සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .
යෝගී භාවනා වැඩසටහන් ඇතුළු අධ්‍යාත්මික වැඩසටහන් තුළින් මෙම විහාරස්ථානය ජාත්‍යන්තර අවධානය දිනාගත හැකි ස්ථානයක් බවට, පත් කළ හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd