(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඇතිවු ගැටුමින් රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරුන් තවත්  දෙදෙනෙකු අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එම රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ජේලර්වරයෙකු ඇතුළු නියාමකවරුන් සිව් දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සි මට්ටුවේ රඳවා සිටි සැඳවියන් දෙදෙනකු හා බන්ධනාගාර නියාමකවරයකු අතර ආරවුලක් හේතුවෙන් තුවාලටත් රැඳවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවියා මියගොස් තිබිණි.