
(මනෝප්රිය ගුණසේකර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් අත්තනෝමතිකව හා අනීතික අන්දමින් ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, කොරියානු සමාගමකට බද්දට දී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
2012 ජූනි 12 වැනිදාත් අගෝස්තු 06 වැනිදාත් අතර කාලයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර දේශීය වෙළෙඳ පොළට විකිණීමේ කාර්යය සඳහා කොරියානු සමාගමක් තෝරාගෙන ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, අත්තනෝමතිකව හා අනීතික අන්දමින් එම සමාගමට බද්දට දී රජයට පාඩු කිරීමෙන් ”දූෂණය” නමැති වරද කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා 05ක් යටතේ නඩු පවරා ඇත.
අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් ‘දූෂණය’ නැමති වරද කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 13 දෙනෙකු කැඳවීමට සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛණ 25ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරනයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd