
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය කාබාසිනියා කරමින් පාඩු ලබන්නට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මේ වන විට භාණ්ඩාගාරය හිස් කරමින්, වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී රාජ්‍යය දක්වන අසමත් කළමනාකරණය බවද තෙන්නකෝන් මහතා කියයි.
සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන්විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, වැවිලි සංස්ථාව, ජනවසම, සතොස, ධීවර වරාය නීතිගත සංස්ථාව රටේ බදු මුදල් ගිලිමින් සිටින්නේ යැයිද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට අනුව 2023 දී ආර්ථික අර්බුදය සමයේ දී රු.බි. 75 ක් ලාභ ලැබූ රජය සතු ව්‍යවසාය ආයතනවල (SOE) ලාභය 2025 දී රු.බි. 56 දක්වා පහත වැටී තිබෙන්නේ යැයි ද නිවේදනයක් නිකුත් කරමින් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා මහ බැංකුව බැදුම් කර වංචා කරන විට, ඔහුගේ රනිල් පින් ජනාධිපති දුරය දරන විට අසීමිත උපදේශකලා පත් කරමින් මහජන මුදල් නාස්ති කරන විට, ඔහු මහජන මුදලින් එංගලන්තයට පුද්ගලික සවාරි යන විට, එදා බොරු තොරතුරු ඉදිරපත් කරලා වන්දි ලබා ගන්න විට, ඇයි ඔයාගේ මේ කේන්ද්‍රයට වලක්වා ගන්න බැරි වුනේ? ඔයා කොහෙද හිටියේ?