(ගයාන් සූරියආරච්චි)

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී ඊයේ (22) අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්ත රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 98 ක් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.