
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1979-01-01 දින සිට ක්‍රියාත්මක රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ලංකා උකස් බැංකුව හා කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාව ඒකාබද්ධ කිරීමෙන්, 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත මඟින් පිහිටුවා ඇත.
දැනට ක්‍රියාත්මක පනතේ ඇතැම් සීමාවන් හේතුවෙන්, බැංකුවේ ඉලක්ක අපේක්ෂිත මට්ටමට සපුරා ගැනීමට සහ අපේක්ෂිත ලාභය පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. එබැවින්, වත්මන් ව්‍යාපාරික පරිසරයට ගැලපෙන පරිදි සහ අපේක්ෂිත ඉලක්ක සහ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන පරිදි පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික සහ ක්‍රම සම්පාදන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd