පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ඇතැම් ප්‍රශ්න විභාගයට කළින් පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රදේශවලින් රහස් පොලීසියට තොරතුරු 22ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එම පැමිණිලි අනුව 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද හෙතෙම පවසයි. මේ සම්බන්ධ තොරතුරු ඇත්නම් රහස් පොලීසියට දුරකතනයෙන් දැනුම් දෙන ලෙසද, එලෙස දැනුම්දුන් පසු නිලධාරීන් අදාළ ප්‍රදේශයටම පැමිණ විස්තර ලබා ගන්නා බවද, තොරතුරු ලබා දීමට කොළඹ පැමිණීමේ අවශ්‍යතාවක් නොවන බවද, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය රකිනා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්දෙ කාලෙ ගහන මඩද කොහෙද? (ත)
අසාධාරණයක් වූ සිසුන්ට සාධාරණයක් කරන්න ඉදිරිපත් වන අයට පින්. (ත)
ඒකත් හරි එහෙනම්. ඒත් වගකීම් බාර ගන්න කවුරුත් නෑ. (ත)
පිට වී ඇති ප්‍රශ්නවල ලකුණු අත හැර, ලබා ගන්නා ලකුණු සියයට ප්‍රතිශතයක් ලෙස ගන්නේ නම් සාධාරණයි නේද?
අනේ අපොයි! ලංකාවේ විභාග වලට ගිය කලක්? (නි)
විභාග දෙපාර්තමේන්තුව බාලාංශයේ සිටම හැදිය යුතුයි. (ත)
කීදෙනෙක් දැන් අත්අඩංගුවට ගත්තද? (නි)
මම නම් කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයට හැම ළමයාටම ළකුණූ 90 බැගින් දිය යුතුයි. නැත්නම් මාස තුනක් ඇතුළත විභාගය නැවත පැවැත්විය යුතුයි. (නි)
මම හිතන විදියට කලින් පිටවුනේ නැති පලාත්වල ප්‍රශ්ණපත්තර පමණක් හරි වැරදි බලලා ඒ අනුව දරුවන් වර්ගීකරණය කළානම් හොදයි කියලා..!!(නු)
මොන මෝඩයෝද (දී)
එහෙනම් ඊයේ ප්‍රවෘත්ති වලට කිවුව දේ වැරදියි? (නි)