IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘රහස් පොලීසිය හැඳි දෙකකින් බෙදනවා‘

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන පරීක්ෂණයේදී රහස් පොලීසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරතියි සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජගත් අබේනායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා හමුවේ ප්‍රකාශ කළේය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ පොලිස් ආරක්ෂකයා වූ ආර් ඝාමිණීට එක හැන්දකිනුත් තවත් සැකකරුවකුට තව හැන්දකිනුත් බෙදතියි ඔහු කීවේය. රිමාන්ඩ් බාරයේ සිටින ගාමිණීගේ ඇසක් ඉවත් කැර බොරු ඇසක් දමා ඇතැයි ද වෛද්‍ය උපදෙස් නොමැතිව ඔහු බන්ධනාගාර රෝහලෙන් ඉවත් නොකළ යුතුයැයි විශේෂඥවෛද්‍යවරයා කියා ඇතත්, බන්ධනාගාර වෛද්‍යවරයා ඒ උපදෙස් කඩකරමින් ඔහු රිමාන්ඩ් සිරමැරිදයකට දමා ඇතැයි ද නීතීඥවරයා කීවේය. අනෙක් අතට තවත් සැකකරුවකුට සිංගප්පූරුවේ තරු පහේ හෝටලයක් වැනි රෝහලක ප්‍රතිකාර ගැනීමට ඉඩ දී ඇතැයි ද, දේශපාලන බලය හා සමාජ තත්ත්වය අනුව එසේ වන්නට ඇතැයිද ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වා සිංගප්පූරු ගෙන ගියේ සැකකරුවකු වීමට කලින් බවයි. ප්ලාස්ටික් හිස්කබලක් පෙන්වමින් ඔහු කියා සිටියේ වෙඩි පහරින් දුමින්ද සිල්වාගේ හිසේ කෑලි කැඩී ඇති බවයි. එම කෑලි වෙනුවට ප්ලාස්ටික් කැබලි යොදා සැත්කම් කර ඇතැයි ද, මෙවැනි බරපතල තුවාල ලබා සිටියදීද ඔහු ජීවත් වීම ගැන විශේෂඥ වෛද්‍යවරු පවා පුදුමයට පත් වී සිටින බව ඔහු කීවේය. දුමින්ද සිල්වා මහතාට උසාවියට පැමිණීමට හැකි විගස උසාවි එන බවත් පැවසීය. සැකකරුවකු වන ධනංජය මධුසංඛ සිල්වා කියා සිටියේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවයි. විශේෂඥ වෛද්‍ය උපදෙස් නොතකාහළේ ඇයිදැයි කරුණු දක්වන ලෙස බන්ධනාගාර අධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත් පොලිස් පරීක්ෂණ වර්තා නීතිපතිට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට ද නියෝග කළේය. සැකකරුවෝ ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

‘රහස් පොලීසිය හැඳි දෙකකින් බෙදනවා‘

හේමන්ත Wednesday, 17 October 2012 08:59 AM

කවුද මේ දුමින්ද කියන්නෙ. මට මතක නැහැ. (නි)

:       0       0

ජනක Wednesday, 17 October 2012 09:11 AM

මේවා තමා ලංකාවේ පිරිහීම පෙන්නන තැන්, (නි)

:       0       0

නාමල් Tuesday, 16 October 2012 09:05 PM

දැන්මොකක්ද ප්‍රශ්නේ? (නි)

:       0       0

එන්.සජීවනී Wednesday, 17 October 2012 09:47 AM

හැමතැනම තියෙන්නෙ ඔය ක්‍රමයනේ. හරි දේට ඉඩක් නැහැ. වැරදි කරන අය ආරක්ෂා කරන එකයි අද දේශපාලකයින්ගෙ රාජකාරිය. ආණ්ඩුවට ඡන්දෙ දෙන අයගෙ බලාපොරොත්තුවත් වැරදි කරලා ආරක්ෂා වීමනේ. ඉතිං මොකටද බය වෙන්නෙ. (නි)

:       0       0

නිරාන් Wednesday, 17 October 2012 10:50 AM

අනේක අය ගැන ඉතින් කවද කතාද? (නි)

:       0       0

හේලන්ද Tuesday, 16 October 2012 10:50 PM

මොකක්ද ඔය කියන නඩුව.(නදී)

:       0       0

Lamaka Tuesday, 16 October 2012 04:24 PM

එකනේ හොරා රහස් පොලිස් කියන්නේ, අපේ සීයා කියල තියෙනවා අම්ම තාත්ත උනත් පොලිසියේ නම් විස්වාස කරන්න එපා කියල

:       0       0

වරුණ Tuesday, 16 October 2012 04:28 PM

බලමු සාධාරණයක් ඉටුවේවිද කියලා (නි)

:       0       0

සමනලී Tuesday, 16 October 2012 04:27 PM

අයියෝ...අනේ මන්දා (ස)

:       0       0

ලාල් Tuesday, 16 October 2012 11:38 PM

අනේ ඔයාලගේ බොරු සද්දේ විතරයි.(නදී)

:       0       0

දම්මික Tuesday, 16 October 2012 04:33 PM

අපි නොදන්නවයැ....අපිත් ඉතාලියේ හිටියනේ (ස)

:       0       0

මොහමඩ් Tuesday, 16 October 2012 04:56 PM

සැමදා අපේ සිත්වල ඔබගේ ම්තකය රැදී ඇත (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 16 October 2012 11:58 PM

අනේ මට මතක නෑනේ? ඔබට මතක නැතිවුණාට අදවාගේ මතකයි මට. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 16 October 2012 04:57 PM

මොනවද කිවුවේ? මට මතක නැහැනේ. (නි)

:       0       0

නසාර් Wednesday, 17 October 2012 12:15 PM

පොලිසියට දරු සෙනෙහස වැටහේවා! (නි)

:       0       0

චානක Tuesday, 16 October 2012 05:16 PM

අනේ මේ අර අපේ අහිංසකයා නේද? (නි)

:       0       0

අහමඩ් Tuesday, 16 October 2012 05:23 PM

පෙරකදොරුවන් මේ අයුරින් නින්දිත ලෙස අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ඉතා පහත් තත්වයක්. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 October 2012 05:38 PM

ඇමති පුතෙක් නොවුණහම ඔහොම වෙනවා. (නි)

:       0       0

ෆාරු Tuesday, 16 October 2012 05:39 PM

මට නම් මේවට හිනායනවා (නි)

:       0       0

නිරාන් Tuesday, 16 October 2012 05:49 PM

දැන් කශේරුවක් කෙළින් තබාගෙන වැඩ කරන ඇත්තෝ බොහොම අඩුයි (නි)

:       0       0

පහන් Tuesday, 16 October 2012 05:53 PM

බොරුව ඇත්ත කරන බහුතරයකට දාව උපදින දරුවෝ මන්ද බුද්ධිකයි (නි)

:       0       0

රජිත් Wednesday, 17 October 2012 02:03 AM

කවුද රජා..!(නු)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 06:13 PM

මේජර් මොනවා වුණත් පෙර පින් කරලා තියෙනවා (නි)

:       0       0

හිරු Wednesday, 17 October 2012 01:14 PM

තව ටික දවසකින් මොනවා වෙයිද? (නි)

:       0       0

රෝහණ Tuesday, 16 October 2012 06:23 PM

මේවා මට නම් විකාර වගෙයි. (නි)

:       0       0

දයා, සෞදි Tuesday, 16 October 2012 06:24 PM

අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. සියල්ල අවුල් වෙලා වගෙයි (නි)

:       0       0

පිටිගල Tuesday, 16 October 2012 06:33 PM

හැදි දෙකෙන් එකක තියෙන්නේ මතකය නැතිවෙන බෙහෙතක් (නි)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 06:30 PM

අද හැමදේම පාහේ රදා පවතින්නේ දේශපාලන බල පුළුවන්කාරකම් මයි (නි)

:       0       0

සුනිල් Tuesday, 16 October 2012 06:30 PM

මට නම් මතක නැහැ මේ ගැන. (නි)

:       0       0

මේරි Wednesday, 17 October 2012 01:17 PM

මේවා අහලා මටත් දැන් කම්පනය වගෙයි (නි)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 17 October 2012 04:04 AM

ඒ විතරක් නොවේ. සමහරුන්ට රජයේ වියදමින් ප්‍රතිකාරත් ලබා දෙනවා. (නි)

:       0       0

නදී Wednesday, 17 October 2012 01:32 PM

ඇත්ත දන්නේ මියගිය කෙනා නේද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 17 October 2012 05:06 AM

මේ හැම දෙයක්ම මෙහෙම වෙන්නේ ඇයි කියල සහ කවුද මේවට වග කියන්න ඕන කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 October 2012 06:59 PM

අනේ අපේ ගමේ පොලිසිය නම් ඕවට ගාව ගන්න එපා. එයාලා අවංක අය. (නි)

:       0       0

වජිර Wednesday, 17 October 2012 01:52 PM

මට නම් මතක නැහැ (නි)

:       0       0

චාමික Wednesday, 17 October 2012 07:33 AM

අඩු කෝප්පේ වැලි කිව්වලු (දී)

:       0       0

ශ්‍රියා Wednesday, 17 October 2012 08:45 AM

ඔව් ඉතින් ඔළුව කෑලි කැඩිලා දැන් අවුරුද්දකට වැඩියිනේ. අර ඉස්සර කව්ද ගොයම් කොලයක් පෙන්නලත් නඩුවක් කැඩුවළු. ඒත් දැන් අධ්‍යාපනේ දැන් ඊට වඩා දියුනුයි. එහෙම ලේසියෙන් දැන් නඩු කඩන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site