කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව රහස් පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන සහ සැරයන් සොමරත්න මහත්වරු මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරංගා කනංකේ මහත්මියට අද දැන්වූවාය.
ඝාතනය සඳහා යොදා ගත් බව කියන ගිනි අවිය ගැන පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් වෙන්වෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ ඝාතනයට ඔත්තු බැලූ බව කියමින් අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රිය මුදා හරින ලෙසයි. එවිට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පැවසුවේ තමාට එය සිදු කළ නොහැකි බවයි. ඊළඟ නඩු දිනයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ එම ඉල්ලීම කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාවරිය පැවසුවාය.
සූජීව රංග කුමාර පෙරේරා, අයේෂ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන සැකකරුවෝ මැයි 2 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
නඩුවේ රජයේ සාක්කිකාරයන් වීම නිසා ඇප මත මුදා හළ සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පුරු සරත් සහ ඩබ් පී සමන් නිෂාමන් ද අද අධිකරණයේ පෙනී සිටියහ. ඔවුහු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුය.
මැයි 2 නැවත නඩුව කැඳවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රහස් පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි
මහේන්දු Thursday, 18 April 2013 05:52 PM
ඒ අයත් නිදහස්. උපදෙස් දුන්නු අයත් නිදහස්.(නදී),
රකිත් Friday, 19 April 2013 05:00 AM
සෑම විත්තිකරුවෙකුටම මම කියන්නේ මිට පස්සේ වහාම අධිකරණයට දැනුම් දෙන්න රජයේ සාක්කිකාරයෙක් කියලා. අත උඩින් නිදහස්.(නදී)
විරාජ් Thursday, 18 April 2013 06:10 PM
අර හැමදේටම මගේ රටට දළදා හිමි සරණයි කියන කට්ටිය කෝ? ඔයාල හැමදාම කියන දෙය මෙතෙන්ටත් කියන්න. ඉතින් ඔය කොයි කවුරුත් තේරුම් ගන්න ඕනෑ, අවනීතියට සහය දෙන්න එපා. තමන්ටත් ඒටික සිදුවෙනවා කියලා (නි)
අරුණ Thursday, 18 April 2013 06:21 PM
මම මේ දන්නේ නැති නිසි අහන්නේ.මිනීමරුවෝ රජයේ සාක්කි කාරයෝ වෙනවද?(නදී)
ප්‍රියංක Thursday, 18 April 2013 06:38 PM
හසිත ඔබට නිවන් සුව! කරපු අයව දැන් රටම දන්නවා. දිට්ට ධම්ම වේදනීය කර්මය ඔවුන්ට හිමිවේවා! (නි)
ලන්කා Thursday, 18 April 2013 02:01 PM
දැන් මොකා මරල හරි රජයේ සාක්කි කරය උනාම නිදහස් කරනවද? නීතිපති කරුණු මදි නිසා ඔක්කොම නිදහස් කරයිද? නීතිපති ඇත්තටම කරුණු කියවලාවත් බලයිද?(නදී)
සදරුවන් Thursday, 18 April 2013 02:04 PM
ඔන්න ඔහේ එයාලව නිදහස් කරන්න (නි)
ධමිත් Thursday, 18 April 2013 02:05 PM
කාලයට ඉඩ දෙන්න ,කාලකන්නි එක එක එලියට ගන්න, ඡන්දයට පෙර ඉතුරු වැඩ ටික කරවගන්න. (ස)
නිත්‍යා Thursday, 18 April 2013 02:07 PM
එයාලත නීතිපති උපදේශ මත නිදහස් වේවිද? එහෙම වුණොත් නම් හරි ෂෝක්. (නි)
ජීවන්ත Thursday, 18 April 2013 02:09 PM
මොනවා අහන්නද? ගිනිඅවියත් රජයේ සාක්කි කාරයෙක් කරලා දාමු. හසිත ඔය ගිනි අවියට බලපෑම් කරලා වෙඩි තියාගෙනනේ.(නදී)
රණ රාල Thursday, 18 April 2013 02:13 PM
ඇමතිතුමා අපහසුවට පත්කරන්න අර පොල් ගෙඩියයි, ඔය ත්‍රි රෝද රථයයි, ටී 56 යි එකතුවෙලා තමා මිනීමරලා තියෙන්නේ. සමාව නම් දෙන්න එපා. අනෙක් අය අහිංසකයි. (නි)
ජගත් Thursday, 18 April 2013 02:16 PM
ඕන්න ආයිත් "සාක්ෂි" නැති වෙන්න යනවා. (ස)
සමන් Thursday, 18 April 2013 07:32 PM
මර්වින් සිල්වා ඇමති තුමා මේ ගැන මොකුත්ම දන්නේ නැහැ ඔක්කොම නිදහස් කරන්න.(නදී)
වරුණ Thursday, 18 April 2013 02:50 PM
ඉක්මනට නිදහස ලැබේවි.. (ස)
ලාල් Thursday, 18 April 2013 02:52 PM
නීතිපති නියමයෙන් ඒ අය නිදහස් වේවිද? (නි)
චතුල වෙරෝනා Thursday, 18 April 2013 02:54 PM
ඇයි මීට කලින් මේ වගේ උපදෙස් නීතිපතිගෙන් ගන්නවා දැකලා නැද්ද? අපේ වැඩක් බලාගෙන අපිම යන්නම් කියලා තමා කියන්න තියෙන්නෙ (නි)
කමල් Thursday, 18 April 2013 02:59 PM
මට නම් හොදටම විශ්වාසයි එතුමාම තමයි වෙඩි තියාගන්න ඇත්තේ කියලා (නි)
සිදත් Thursday, 18 April 2013 03:00 PM
රජයේ සාක්ෂිකරුවන් වීම නව ක්‍රීඩාවක් වෙයිද?(නදී)
සමන් Thursday, 18 April 2013 03:07 PM
සිවිල් පුරවසියක් වශයෙන් මම සාදාරණ නඩු තීන්දුවක් බලාපොරත්තු වෙමි. (ස)
නන්දික Thursday, 18 April 2013 03:33 PM
එකත් ජයසිරි මංගලම් ............ (ස)
සෙන්තිල් Thursday, 18 April 2013 03:57 PM
කොහොමහරි අපරාධකරුවන්ව උසාවිය ගෙනැල්ලා, නඩුව විභාග කරලා සුදුසු දඬුවම ලබාදිය යුතුයි. (නි)
පෙරුමාල් Thursday, 18 April 2013 04:01 PM
ලැබෙන්න යන උපදෙස් කලින්ම දෙන්නද? නිදහස් කරල දාන්න.(නදී)
රූපවතී Friday, 19 April 2013 12:02 PM
නිතිය කෙසේවෙතත් අපි උසාවියකට ගියාම සංවරව ඉන්න ලස්සන දැක්කම මට නම් හිතාගන්නත් අමාරුයි මෙහෙම දෙවල් අපේ රටේ වෙනවද කියලා (නි)
බුද්ධික Thursday, 18 April 2013 04:06 PM
හරි හරි එයත් එලියට යන්න ලේස්ති වෙන්ක. ඊලගට දුමින්ද, ඊලග සරුව සුනිල්, ඊලග ජුලම්පිටිය අමරේ, ඊලග තංගල්ල සභාපති , නඩු අහන්න උසාවි ඕන නැ, අපරාදේ ඕක වහල දාන්න,අයියෝ සල්ලි,බල්ලටම ගිහිල්ලා.(නදී)
සෑම් Thursday, 18 April 2013 04:07 PM
සාක්කි නැති නිසා සියල්ලෝම නිදහස් වේවිද? (නි)
මුරුගන් Thursday, 18 April 2013 04:21 PM
අනේ මිනිසුනේ, බෝට්ටුවක හරි එල්ලිලා මෙහෙන් තොලොංචි වෙමුකෝ. (නි)
කමල් Thursday, 18 April 2013 04:38 PM
උගත් පාඩම් ක්‍රියාත්මක වේවි කියා මම විශ්වාස කරනවා. (නි)
කීර්ති Thursday, 18 April 2013 04:59 PM
අපරාධකරුවන්ට රටේ අනන්‍යතාවය විනාශ කරන්න ඉඩ දෙනවා නම් අදිකරණය පිළිබද විශ්වාසනියත්වය වළලා දැම්මාට කමක් නැත. ඒ වගේම රට මෙවැනි ව්‍යයසනයකට පත් නොකර සැකසිය හැක්කේත් අධිකරනයටම පමණි. (නි)
සුනිල් Friday, 19 April 2013 03:51 AM
අධිකරණය ගැන රටේ ජනතාවගේ විශ්වාසයක් දැන් නැතිවෙලා ගිහිල්ලා ඉවරයි. (නි)