(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (1) වනවිට 959ක් දක්වා පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මුලින්ම එක් දහස් අසූ තුනක් ලෙස පැවතුණු ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව ඊයේ (31) වනවිට එක් දහස් දෙකක් දක්වා පහත බැස තිබූ බව පැවසූ හම්දානි මහතා එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවද පැවසුවේය.
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමද ඉදිරි සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා පැවැසීය.
මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා තවත් මධ්‍යස්ථාන 259ක් අලුතින් පිහිටුවන ලදැයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් වල මෙතෙක් තිබූ ඇඳන් සංඛ්‍යාව 36,000කි.
එම ඇඳන් සංඛ්‍යාව 39109 ක් දක්වා වැඩි කරගෙන ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගය වැළඳුණු අය ගෙවල් වල නිරෝධායනය වෙනවා... ලොකුවට බලාගන්නේ නම් ගෙදර අය...
එහෙනම් ඔක්සිජන් ගේන්න යන සල්ලිත් ඉතුරුයි ආණ්ඩුවට...
ඔය පසුගිය පැය 24 තුළ තිබෙන 194 අයිති වෙන්නේ ඔක්සිජන් දීපු ලෙඩ්ඩු සෙට් එකට..., දවසකට ඔක්සිජන් දෙන ලෙඩ්ඩු 200ක් පමණ මැරෙනකොට සංඛ්‍යා ලේඛන වල ඔවුන් ඔටෝමැටිකලි අඩු වෙනවා.
ඔක්සිජන් දෙන එක අඩුකරලා වගේ.. හැමදාම කිව්වේ වැරැදි තොරතුරු...
කොරෝනා ඉවරද, ඉවර කරන්න අදහසක් නැහැ වගේ.
අවශ්‍ය නම් යුක්රේනයෙන් වැඩිකරගත හැකියි.