IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රාහුල් ද්‍රාවිඞ් ටෙස්ට් ලකුණු 13000 යි

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර මුම්බායි නුවරදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වු ඊයේ (24) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමුව ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තේය. ඒ අනුව ඉන්දීය ක‍්‍රීඩකයෝ, කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 309 ක් පිටුපසින් සිටිති. රාහුල් ද්‍රාවිඞ් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ ලකුණු 13,000 පසු කිරීමට ඊයේ සමත්විය. ලකුණු 13,061 ලබා සිටින ද්‍රාවිඞ් ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද වෙයි. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15,153 ක් ලබා පෙරමුණේ සිටියි. ද්‍රාවිඞ් පන්දු 148 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 82 ක් ලබා ගත්තේය. බටහිර ඉන්දිය කොදෙව් පිල පළමු ඉනිම 590 (ඒඩි‍්‍රයන් බරාත් 62, කැරිග් බ‍්‍රැත්වයිට් 68, කර්ක් එඞ්වඞ් 86, ඩැරන් බ‍්‍රාවෝ 166, කිරන් පෝල් 81, මාලන් සැමුවෙල්ස් 61, වරුන් අරොන් 106 /3, රවිචන්ද්‍රන් අශ්වින් 156/5) ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 3 ට 281 (ගෞතම් ගම්බීර් 55, විරෙන්ද්‍ර සෙවැග් 37, රාහුල් ද්‍රාවිඞ් 82, සචින් තෙන්ඩුල්කාර් නොදැවී 67, වී.වී.එස්.ලක්‍ෂමන් නොදැවී 32)



අදහස් (0)

රාහුල් ද්‍රාවිඞ් ටෙස්ට් ලකුණු 13000 යි

කමල් Friday, 25 November 2011 01:06 PM

දක්ෂ ක්‍රීඩකයෙක්. හොද මහත්මයෙක්. අපේ සංග වගේ

:       0       0

දිලිප් සපරමාදු Monday, 28 November 2011 02:49 PM

ඉන්දීය ක්‍රිකට් පිලේ මා දකින සුන්දරම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඉතාමත් සන්සුන් ක්‍රීඩකයකු වන රාහුල්, ලෝකයේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ටද හොඳ අදර්ශයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site