සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර මුම්බායි නුවරදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වු ඊයේ (24) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමුව ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තේය. ඒ අනුව ඉන්දීය ක‍්‍රීඩකයෝ, කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 309 ක් පිටුපසින් සිටිති.
රාහුල් ද්‍රාවිඞ් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ ලකුණු 13,000 පසු කිරීමට ඊයේ සමත්විය. ලකුණු 13,061 ලබා සිටින ද්‍රාවිඞ් ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද වෙයි. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15,153 ක් ලබා පෙරමුණේ සිටියි.
ද්‍රාවිඞ් පන්දු 148 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 82 ක් ලබා ගත්තේය.
බටහිර ඉන්දිය කොදෙව් පිල පළමු ඉනිම 590 (ඒඩි‍්‍රයන් බරාත් 62, කැරිග් බ‍්‍රැත්වයිට් 68, කර්ක් එඞ්වඞ් 86, ඩැරන් බ‍්‍රාවෝ 166, කිරන් පෝල් 81, මාලන් සැමුවෙල්ස් 61, වරුන් අරොන් 106 /3, රවිචන්ද්‍රන් අශ්වින් 156/5)
ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 3 ට 281 (ගෞතම් ගම්බීර් 55, විරෙන්ද්‍ර සෙවැග් 37, රාහුල් ද්‍රාවිඞ් 82, සචින් තෙන්ඩුල්කාර් නොදැවී 67, වී.වී.එස්.ලක්‍ෂමන් නොදැවී 32)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ ක්‍රීඩකයෙක්. හොද මහත්මයෙක්. අපේ සංග වගේ
ඉන්දීය ක්‍රිකට් පිලේ මා දකින සුන්දරම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඉතාමත් සන්සුන් ක්‍රීඩකයකු වන රාහුල්, ලෝකයේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ටද හොඳ අදර්ශයකි.