ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පළමු වසරේ උගෙන ගන්නා මාතර තෙලිජ්ජවිල කසුන් චාමරට උපතින්ම මාංශපේශී හරිහැටි නොවැඩීම හේතුවෙන් දෙපයින් නැගී සිටීමට නොහැකිය. ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ ඉහලින්ම සමත් විය.
ඔහුගේ පියා විශ්වවිද්‍යාලයේ රියැදුරෙකි. මවට රැකියාවක් නැත. මේ දෙදෙනාට තවත් දරු දෙදෙනෙක් සිටිති. පවුලේ වැඩිමහල් දරුවා වන කසුන් කුඩා කාලයේ සිටම ඉගෙනුමට ඉතා දක්ෂ බවත් ඕනෑම දෙයක් හොඳින් මතක තබා ගැනීමට දක්ෂ බවත් දෙමව්පියෝ කියති.
විශ්වවිද්‍යාලය අසල කාමරයක් කුලියටගෙන මාසයකට රුපියල් 7500 බැගින් ගෙවමින් චාමර තම මව සමග එහි සිටිති. අනෙකුත් සහෝදරයන් දෙදෙනාගේ කටයුතු සියල්ලමත් රියැදුරු පියාගේ මාසික වේතනයෙන් ගෙවීමට සිදුවී ඇත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වානිජ පීඨාධිපති මහාචාර්ය සම්පත් අරමතුංග එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකයන් හවුල් කරගෙන ඔහුට පිහිටවීමට යයි.
ආදි විද්‍යාර්ථීන්ගේ සංමයේ සාමාජිකයන් පිරිසක් විශ්වවිද්‍යාලයට පැමිණ කසුන් චාමර ශිෂ්‍යයා සමග කතාබහ කළහ.
මම ඉගෙන ගන්න හරි ආසයි. මා මේ තත්ත්වයට ගේන්න මගේ අම්මා, තාත්තා ලොකු කැපකිරීමක් කළා. අම්මා හැමදාම මා වඩාගෙන ඇවිත් විශ්වවිද්‍යාලයේ පංති කාමර ළගටම අරන් එනවා. ඒ වගේමයි මාත් එක්ක ඉන්න යාළුවන් මට උදව් කරනවා. මට ගොඩාක් ආර්ථීක ප්‍රශ්න තිබුණත් මම කොහොම හරි පළමු පන්තියේ ගෞරව උපධියක් ගන්නවාමයි. ඒ සඳහා උපකාර කරන ඔක්කොටම පිංසිද්ධ වෙනවා.
පීඨාධිපති මහාචාර්ය සම්පත් අමරතුංගගේ 0714191558 යන දුරකථනයට ඇමතීමෙන් මේ දිරිය උපාධි අපේක්ෂකයා ගැන තොරතුරු දැනගත හැකිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා බුදු වේවා..!(නු)
ඔබට ජය නියතයි මල්ලියා. (නි)
මල්ලියා, සුබ අනාගතයක්! (නි)
මුළු මහත් සමාජයේම දුක්විදින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන්නේ අන්තරයයි (නි)
අප දැනුවත් කල ලංකාදීපයට තුති !!!
මෙම පුතා වෙනුවෙන් ජනාධිපති අරමුදලින් යම් පහසුකමක් සළසන ලෙස නෙත පිරි කදුලින් අයැදිමි. (නි)
අම්මා බුදු වේවා !!.ඔබගේ ධෛර්යය අනෙක් අතපය හොදට තියෙන මිනිසුන්ට හොද ආදර්ශයක්.. ජයෙන් ජය.. (ස)
බණ්ඩාර, එයාලා හරියට වැඩ කළා නම් අද අපි මෙහෙම දුක් විදින්නේ නැහැ. (නි)
ඔයාට තෙරුවන් සරණයි මල්ලියේ (ස)
අම්මේ ඔබෙ සෙවණේ රැදෙන පැයේ ළතැවුල් නිවී මා සිත හසරැල් නැගේ... (නි)
මේ අම්මා කරන්නේ මොනතරම් ලොකු කැපකිරීමක්ද? මෙම මල්ලියාගේ අරමුණු සියල්ලම ඉෂ්ට වේවා! (නි)
උත්සාහවන්තයා ජයගනී. ඔබට ජය නියතයි. (නි)
මගේ ප්‍රාර්ථනයත් සිල්වාගෙ එකමයි! (නි)
අම්මා බුදුවේවා..!(නු)
පුලුවන් නම් තමන්ටම පැදගෙන යා හැකි රෝද පුටුවක් අරගෙන දෙන්න. (නි)
අම්මේ, ඔබ බුදු වේවා! (නි)
ඔබගේ ධෛර්යය අනෙක් අතපය හොදට තියෙන මිනිසුන්ට හොද ආදර්ශයක්.. ජයෙන් ජය.!(නු)
ඉතා හොද වැඩක්
ඉතාලියෙ පච්ච කොටාගෙන ඉන්න එක්කෙනාට දෑස පෑදේවා මේවගේ උතුම් දේකට උදව් කරන්න..!(නු)
හොඳ මොලයක් . ආරක්ෂා කරන්න (ස)
හුගක් දේවල් තිබිලා මොනවත්ම නැහැ කියලා දුක්වෙන අපිට ඔබ මහත් ආදර්ශයක්.. ලොවම දන්න දක්ෂයෙක්ව හැදූ මව්නි පියතුමනි ඔබ මතු බුදු වෙනවාමයි.!(නු)
ඔබේ අධිෂ්ටානය හරි ඉහලයි (ස)
අන්තරේ අයට මේවා පේන්නේ නැද්ද.. පෝස්ටර් වලට යොදවන සල්ලි මේ වගේ අහිංසක සිසුන්ට යෙදෙව්වානම් මොකද?(නු)
නියම වැඩක් සර් (ස)
විශ්වයට පහළවූ දිරිය පුතුනි ඔබට විශ්වයේ ආශිර්වාදයක් වනු නොඅනුමානය...!(නු)
මගේ නෙතට කදුලක් නැගුණි.. සොයුරාණෙනි ඔබේ දෛර්ය සහ අධිෂ්ඨානය ඔබව ඉහළටම ගෙන යනවා සිකුරුයි.. ඔබට දෙවි පිහිටයි..!(නු)