IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රාහුලේ දිරිය පුතාට විදුදය මහැදුරු අරමුදලක් අරඹයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පළමු වසරේ උගෙන ගන්නා මාතර තෙලිජ්ජවිල කසුන් චාමරට උපතින්ම මාංශපේශී හරිහැටි නොවැඩීම හේතුවෙන් දෙපයින් නැගී සිටීමට නොහැකිය. ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ ඉහලින්ම සමත් විය. ඔහුගේ පියා විශ්වවිද්‍යාලයේ රියැදුරෙකි. මවට රැකියාවක් නැත. මේ දෙදෙනාට තවත් දරු දෙදෙනෙක් සිටිති. පවුලේ වැඩිමහල් දරුවා වන කසුන් කුඩා කාලයේ සිටම ඉගෙනුමට ඉතා දක්ෂ බවත් ඕනෑම දෙයක් හොඳින් මතක තබා ගැනීමට දක්ෂ බවත් දෙමව්පියෝ කියති. විශ්වවිද්‍යාලය අසල කාමරයක් කුලියටගෙන මාසයකට රුපියල් 7500 බැගින් ගෙවමින් චාමර තම මව සමග එහි සිටිති. අනෙකුත් සහෝදරයන් දෙදෙනාගේ කටයුතු සියල්ලමත් රියැදුරු පියාගේ මාසික වේතනයෙන් ගෙවීමට සිදුවී ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වානිජ පීඨාධිපති මහාචාර්ය සම්පත් අරමතුංග එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකයන් හවුල් කරගෙන ඔහුට පිහිටවීමට යයි. ආදි විද්‍යාර්ථීන්ගේ සංමයේ සාමාජිකයන් පිරිසක් විශ්වවිද්‍යාලයට පැමිණ කසුන් චාමර  ශිෂ්‍යයා සමග කතාබහ කළහ. මම ඉගෙන ගන්න හරි ආසයි. මා මේ තත්ත්වයට ගේන්න මගේ අම්මා, තාත්තා ලොකු කැපකිරීමක් කළා. අම්මා හැමදාම මා වඩාගෙන ඇවිත් විශ්වවිද්‍යාලයේ පංති කාමර ළගටම අරන් එනවා. ඒ වගේමයි මාත් එක්ක ඉන්න යාළුවන් මට උදව් කරනවා. මට ගොඩාක් ආර්ථීක ප්‍රශ්න තිබුණත් මම කොහොම හරි පළමු පන්තියේ  ගෞරව උපධියක් ගන්නවාමයි. ඒ සඳහා උපකාර කරන ඔක්කොටම පිංසිද්ධ වෙනවා. පීඨාධිපති මහාචාර්ය සම්පත් අමරතුංගගේ  0714191558 යන දුරකථනයට ඇමතීමෙන් මේ දිරිය උපාධි අපේක්ෂකයා ගැන තොරතුරු දැනගත හැකිය.



අදහස් (0)

රාහුලේ දිරිය පුතාට විදුදය මහැදුරු අරමුදලක් අරඹයි

දුමිත් Wednesday, 24 October 2012 06:53 AM

මේ අම්මා කරන්නේ මොනතරම් ලොකු කැපකිරීමක්ද? මෙම මල්ලියාගේ අරමුණු සියල්ලම ඉෂ්ට වේවා! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 October 2012 07:07 AM

අම්මේ ඔබෙ සෙවණේ රැදෙන පැයේ ළතැවුල් නිවී මා සිත හසරැල් නැගේ... (නි)

:       0       0

ලලිත් Tuesday, 23 October 2012 06:29 PM

අම්මේ, ඔබ බුදු වේවා! (නි)

:       0       0

ඉමාලි Wednesday, 24 October 2012 07:08 PM

මල්ලියා, සුබ අනාගතයක්! (නි)

:       0       0

විභූති Tuesday, 23 October 2012 07:03 PM

පුලුවන් නම් තමන්ටම පැදගෙන යා හැකි ‍රෝද පුටුවක් අරගෙන දෙන්න. (නි)

:       0       0

අනුර Tuesday, 23 October 2012 07:41 PM

අම්මා බුදු වේවා..!(නු)

:       0       0

අන්ජන Wednesday, 24 October 2012 08:48 AM

ඔයාට තෙරුවන් සරණයි මල්ලියේ (ස)

:       0       0

ශාලුක Tuesday, 23 October 2012 03:12 PM

අම්මා බුදුවේවා..!(නු)

:       0       0

අශාන් Tuesday, 23 October 2012 03:15 PM

මගේ නෙතට කදුලක් නැගුණි.. සොයුරාණෙනි ඔබේ දෛර්ය සහ අධිෂ්ඨානය ඔබව ඉහළටම ගෙන යනවා සිකුරුයි.. ඔබට දෙවි පිහිටයි..!(නු)

:       0       0

ෂිෆාන් Wednesday, 24 October 2012 09:04 AM

බණ්ඩාර, එයාලා හරියට වැඩ කළා නම් අද අපි මෙහෙම දුක් විදින්නේ නැහැ. (නි)

:       0       0

මංජුලා හේමමාලි Tuesday, 23 October 2012 03:18 PM

විශ්වයට පහළවූ දිරිය පුතුනි ඔබට විශ්වයේ ආශිර්වාදයක් වනු නොඅනුමානය...!(නු)

:       0       0

බුද්ධික Tuesday, 23 October 2012 03:18 PM

නියම වැඩක් සර් (ස)

:       0       0

දිනේන්ද්‍ර Tuesday, 23 October 2012 03:23 PM

අන්තරේ අයට මේවා පේන්නේ නැද්ද.. පෝස්ටර් වලට යොදවන සල්ලි මේ වගේ අහිංසක සිසුන්ට යෙදෙව්වානම් මොකද?(නු)

:       0       0

හේමන්ත Tuesday, 23 October 2012 04:05 PM

ඔබේ අධිෂ්ටානය හරි ඉහලයි (ස)

:       0       0

සුජිත් Tuesday, 23 October 2012 04:10 PM

හුගක් දේවල් තිබිලා මොනවත්ම නැහැ කියලා දුක්වෙන අපිට ඔබ මහත් ආදර්ශයක්.. ලොවම දන්න දක්ෂයෙක්ව හැදූ මව්නි පියතුමනි ඔබ මතු බුදු වෙනවාමයි.!(නු)

:       0       0

යොහාන් Tuesday, 23 October 2012 04:36 PM

හොඳ මොලයක් . ආරක්ෂා කරන්න (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 23 October 2012 04:32 PM

ඉතාලියෙ පච්ච කොටාගෙන ඉන්න එක්කෙනාට දෑස පෑදේවා මේවගේ උතුම් දේකට උදව් කරන්න..!(නු)

:       0       0

චමින්ද Friday, 26 October 2012 05:44 AM

ඔබට ජය නියතයි මල්ලියා. (නි)

:       0       0

ශෂීමාල් Wednesday, 24 October 2012 12:28 PM

අම්මා බුදු වේවා !!.ඔබගේ ධෛර්යය අනෙක් අතපය හොදට තියෙන මිනිසුන්ට හොද ආදර්ශයක්.. ජයෙන් ජය.. (ස)

:       0       0

නාලක Tuesday, 23 October 2012 05:03 PM

ඉතා හොද වැඩක්

:       0       0

කීර්ති Wednesday, 24 October 2012 05:17 PM

මුළු මහත් සමාජයේම දුක්විදින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන්නේ අන්තරයයි (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 October 2012 12:25 AM

මගේ ප්‍රාර්ථනයත් සිල්වාගෙ එකමයි! (නි)

:       0       0

සේනානායක Wednesday, 24 October 2012 12:47 AM

උත්සාහවන්තයා ජයගනී. ඔබට ජය නියතයි. (නි)

:       0       0

පද්මි Wednesday, 24 October 2012 01:01 PM

මෙම පුතා වෙනුවෙන් ජනාධිපති අරමුදලින් යම් පහසුකමක් සළසන ලෙස නෙත පිරි කදුලින් අයැදිමි. (නි)

:       0       0

පද්මි Wednesday, 24 October 2012 01:12 PM

අප දැනුවත් කල ලංකාදීපයට තුති !!!

:       0       0

ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:54 PM

ඔබගේ ධෛර්යය අනෙක් අතපය හොදට තියෙන මිනිසුන්ට හොද ආදර්ශයක්.. ජයෙන් ජය.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site