ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හයවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (14) රාත‍්‍රි පැවැති ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල අතර තරගයෙන් රුහුණ පිල ලකුණු 35 ක ජයක් ලැබීය. අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පැයකට අධික කාලයක් තරගය අත්හිටුවීමෙන් ඉනිමක් ඕවර 16 කට සීමාවිය. පළමුව පන්දුවට පහර දුන් රුහුණ පිල ඕවර 16 යේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 145 ක් රැස්කිරීම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව උතුර පිලට ලකුණු 154 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ලසිත් මාලිංග අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය. බස්නාහිර පිලේ ආරම්භක පිතිරුවන් වූ ගිහාන් රූපසිංහ සහ අරොන් ෆින්ච් පන්දු 65 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ගිහාන් රූපසිංහ පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 50 ක් රැුස්කළේය. රුහුණ පිල ඕවර 16 කදී කඩුලූ 3 ට 145 (ගිහාන් රූපසිංහ 50, අරොන් ෆින්ච් 65, චාමර සිල්වා 19) උතුර පිල ඕවර 15.5 කදී සියලූ දෙනා දැවී 118 (බ්‍රෙන්ඩන් ටේලර් 12, ජෙහාන් මුබාරක් 28, ෆර්විස් මහරුෆ් 32, ලසිත් මාලිංග 21/4)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා අපි කවදත් එක තමයි (දී)
මේවා වැඩ නැතුවට වැඩ (දී)
තරගය පැවතුණේ උතුරු රුද්‍රාස් පිල හා රුහුණු පිල අතර නේද? (නි)
සංගා ඔබ නැති ක්‍රිකට් අපිට වැඩක් නෑ...(ස)
මම හිතන්නේ උපුල් තරංගගේ තැනට ගිහාන් රූපසිංහ හොදයි වගේ. (නි)
අයියෝ සල්ලි
ගිහාන්ට අවස්ථාවක් ඇත්තේම නැද්ද? (නි)