ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හයවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (14) රාත‍්‍රි පැවැති ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල අතර තරගයෙන් රුහුණ පිල ලකුණු 35 ක ජයක් ලැබීය. අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පැයකට අධික කාලයක් තරගය අත්හිටුවීමෙන් ඉනිමක් ඕවර 16 කට සීමාවිය. පළමුව පන්දුවට පහර දුන් රුහුණ පිල ඕවර 16 යේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 145 ක් රැස්කිරීම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව උතුර පිලට ලකුණු 154 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ලසිත් මාලිංග අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය. බස්නාහිර පිලේ ආරම්භක පිතිරුවන් වූ ගිහාන් රූපසිංහ සහ අරොන් ෆින්ච් පන්දු 65 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ගිහාන් රූපසිංහ පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 50 ක් රැුස්කළේය. රුහුණ පිල ඕවර 16 කදී කඩුලූ 3 ට 145 (ගිහාන් රූපසිංහ 50, අරොන් ෆින්ච් 65, චාමර සිල්වා 19) උතුර පිල ඕවර 15.5 කදී සියලූ දෙනා දැවී 118 (බ්‍රෙන්ඩන් ටේලර් 12, ජෙහාන් මුබාරක් 28, ෆර්විස් මහරුෆ් 32, ලසිත් මාලිංග 21/4)
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුහුණ රෝයල් ලකුණු 35 කින් ජයගනී
ගයාන් Wednesday, 15 August 2012 10:33 AM
ජයවේවා අපි කවදත් එක තමයි (දී)
දයාන් Wednesday, 15 August 2012 11:49 AM
මේවා වැඩ නැතුවට වැඩ (දී)
දිමුත් Wednesday, 15 August 2012 01:44 AM
තරගය පැවතුණේ උතුරු රුද්‍රාස් පිල හා රුහුණු පිල අතර නේද? (නි)
ගැමුණු Wednesday, 15 August 2012 01:16 PM
සංගා ඔබ නැති ක්‍රිකට් අපිට වැඩක් නෑ...(ස)
සුරංග Wednesday, 15 August 2012 03:44 AM
මම හිතන්නේ උපුල් තරංගගේ තැනට ගිහාන් රූපසිංහ හොදයි වගේ. (නි)
කුමාර Wednesday, 15 August 2012 08:36 AM
අයියෝ සල්ලි
රාම් Wednesday, 15 August 2012 08:36 AM
ගිහාන්ට අවස්ථාවක් ඇත්තේම නැද්ද? (නි)