වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ට්‍රම්ප් පරිපාලනය රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (16) වාර්තා කළේය.
සිරියානු රජයේ හමුදා ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙලෙස රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට අවදානය යොමුකර තිබේ. ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයෙන් 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තමන් එලෙස විස වායු ප්‍රහාරයක් එල්ල කළේ නැතැයි සිරියානු රජයේ හමුදා පවසයි. රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වෙතත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්රමුඛ රජයට චෝදනා කරමින් සෙනසුරාදා (14) මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඇමෙරිකා, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය රුසියාවට ද චෝදනා කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදීද ඇමෙරිකා හා රුසියානු නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්රමුඛ රෙජීමය කරන අසම්මත ප්‍රහාරවලට රුසියාව ද සහාය දක්වන බවට ඇමෙරිකාව චෝදනා කරයි. එමෙන්ම රුසියාව සිරියානු රජයේ හමුදාවලට රසායනික අවි භාවිත කිරීමට අවස්ථාව සැලැසූ බවට ඇමෙරිකාව රුසියාවට චෝදනා කරයි.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් රුසියාවට සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.
මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු නිලධාරීන්, පුද්ගලයන්, සමාගම් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉලක්ක කරගනිමින් අවස්ථා කිහිපයකදීම සම්බාධක පැනවීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක ඇති කාලෙක පුටින් කරගත්තු ලොකුම මෝඩකම ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට යටින් උදව් කරපු එකයි.
ට්‍රුම්ප් වගේ දේශපාලන කෝඩුකාරයෙකුට මුළු ලෝකයටම බලපෑම් කරන්න පුළුවන් සෑම අතින්ම බලවත් රටේ නායකත්වය ලැබුනට පස්සේ ලෝකයේ ස්ථාවර පැවැත්ම ගැන විශ්වාසයක් තියන්න බැහැ. ඔහු ලෝකය ගැන හිතන්නේ මොනවද කරන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා කිසිවෙකුටවත් සිතිය නොහැකිය. මා සිතන්නේ ඔහු ඉක්මනින්ම මේ තනතුරෙන් ඉවත්කරනේනම් ලෝකයට යහපතක් සිදුවන බවයි.
කෙහෙල් ගහටත් කොටන්න වගෙයි සැරසෙන්නෙ. එදාට දැනෙයි තමා කවුද කියල.
රුසියාව අපේ හොඳම මිත්‍ර රටක් අපේ රට වෙනුවෙන් හැම අවස්තාවකදීම පෙනී සිටිනවා. රුසියාවට තේ කොළ යවන්න එපා කියලා ට්‍රම්ප් අපිට කියයිද දන්නේ නැහැ. ඒකට අපි කොහොම ප්‍රතිචාර දක්වාවිද දන්නේ නැත.
රුසියාවට සම්බාධක පනවන්න ඉස්සෙල්ල රසායනික අවි තියෙනවා කියලා ඉරාකය, ලිබියාව හා තවත් රටවල් විනාශ කරපු ඇමෙරිකාවට සම්බාධක පනවන්න මුලු ලෝකයම එකතු විය යුතුයි. කවදා හරි පාඩම ඉගෙනගන්නේ පුටින්ගෙන් තමයි.
ඕක කලොත් ඊට පස්සේ ඇමෙරිකාව ඉල්ලගෙන කෑමක් තමයි තියෙන්නේ.
මෙයාව නැවැත්තුවේ නැතිනම් තුන් වන ලෝක යුද්ධය ආරම්ඹ කරලා තමයි මෙයා නවතින්නේ.
මුළු ලෝකෙම මෙයාගෙන් කාලා බිලා ඉන්නවා වගේ නේද ???
මාර වැඩේ නේද ? රුසියන්කාරයෝ කන් නැතුව හාමතේ මැරිලා යයි..
ඔබ තුමා ගත් තීරණය අගේ කරමි. පුළුවන් නම් ඔය ගමන්ම රුසියාවටත් හොඳ පාඩමක් උගන්වන්න.
එතකොට ඔබතුමන්ලාට දෙන රොකට් එන්ජින් නැවත්තුවොත්. ඔබලාගේ රොකට් වල සවිකර තිබෙන්නේ රුසියානු RD-180 රොකට් එන්ජින් බව දන්නො දනිති