IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රුසියාවේ දෙදෙනෙක් සංචාරක අවුරුදු කුමරියයි, කුමරයි

ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මීගමුව වෙරළ තීරයේදී පැවති සිංහල අළුත් අවුරුදු උළෙලේදී  සංචාරක අවුරුදු කුමරිය සහ කුමාරා ලෙස රුසියානු ජාතික යෙව්ග්නියා කොටෙන්කෝ මෙනවියත් සෝටා කිලාට්සේ මහතාත්  කිරුළු  පැළදූහ.

ශ‍්‍රී ලංකාවට පමණක් සුවිශේසී  සංස්කෘතික අංග සහ චාරිත‍්‍ර  වාරිත‍්‍ර ලොවට විදහාපාමින් පැවත්වූ මෙම උළෙලේ අරමුණ වුයේ ශ‍්‍රී  ලංකාව සංචාරය කිරීම සඳහා  ඉතා සුබවාදී ගමනාන්තයක් යන පණිවිඩය ලෝකය වෙත ලබාදීමයි. 

සංචාරක අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ තරගය පැමිණ සිටි විදෙස් අමුත්තන්ගේ සිත් ඇඳ බැඳගත් අංගයක් වූ අතර කොට්ටපොර, කඹ ඇදීම, බැලූම් පිපිරවීම සහ ලිස්සන  ගසේ නැගීම, කණා මුට්ටි බිදීම වැනි අවුරුදු ක‍්‍රීඩාවලටද සහභාගිවීමේ අවස්ථාවද ඔවුනට උදා විය.
මෙම  උත්සවයට සහභාගිවූ සියලූ අමුත්තන් සිංහල චාරිත‍්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, ඔවුනට සිංහල සංස්කෘතික නර්තනාංග සහ රබන් ගැසීම මගින් විනෝදාශ්වාදය සපයන ලදී. එමෙන්ම මෙහිදී ඔවුන්හට කැවුම්,  කිරිබත් මෙන්ම දේශීය රසකැවිලි  පිසින ආකාරය දැකබලා ගැනීමට මෙන්ම ඒවා රස විඳීමටත් අවස්ථාවක් උදාවිය.

 ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල්  රාජපක්ෂ මහතාගේ  උපදෙස් මත ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතාගේ මගපෙන්වීම  යටතේ  සංවිධානය තර තිබූ   උත්සවය වර්ණවත් කර ගැනීමෙහිලා දී බස්නාහිර පළාත්  සංචාරක මණ්ඩලයේ  සභාපති  ක්ලෝඞ් තෝමස් මහතා  විශේෂ  දායකත්වයක් සපයා තිබුණි.
බස්නාහිර පළාත් සංචාරක අමාත්‍ය   නිමල් ලන්සා,  ශ‍්‍රී  ලංකා සංචාරක  ප‍්‍රවර්ධන කාර්යාංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ  ?මි ජවුපර්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස්  යන මහත්වරුන් මෙහි  ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූහ.

 

 

 

 

 



අදහස් (0)

රුසියාවේ දෙදෙනෙක් සංචාරක අවුරුදු කුමරියයි, කුමරයි

ගිහාන් Sunday, 28 April 2013 05:38 PM

අවුරුදු කුමාරි නම් නියමයි (නි)

:       0       0

උදය Sunday, 28 April 2013 06:36 PM

ඔව් ඉතින්, දකුණේ තියෙන්නේ අමුතු සෙල්ලම්නේ (නි)

:       0       0

අරුණ Sunday, 28 April 2013 06:53 PM

ජින්ජි බරස් , ජින්ජි බරස් අපේ ආච්චි කොට හිරමනේ ... මේවත් සුද්දන්ට ඉගැන්නුවා නම් හොදයි නේද? (නි)

:       0       0

අහිංසා Sunday, 28 April 2013 07:39 PM

තංගල්ල පැත්තේ නම් යන්න එපෝ (නි)

:       0       0

සෙන්තිල් Sunday, 28 April 2013 10:17 PM

අවුරුදු කුමාරියේ, සිංහලයෝ නම් භයානකයි! (නි)

:       0       0

මනෝජ් Sunday, 28 April 2013 10:39 PM

සුද්දෝ බිදින කනාමුට්ටි කිව්වලු . නියම වැඩක්. මගෙන් සුබපැතුම් .(නදී)

:       0       0

ගිමාල් Sunday, 28 April 2013 03:16 PM

සුදුහම තියෙන කෙල්ලනේ, කොළඹ, මීගමුව පැත්තේ ඕවා කළාට දකුණට එහෙම යන්නේ නැහැ ඔන්න (නි)

:       0       0

මාටින් Sunday, 28 April 2013 10:59 PM

මිට වඩා ලස්සන කුමාර ,කුමරියෝ ලංකාවට එන්නේ නැත්ද ?.(නදී)

:       0       0

දයා Sunday, 28 April 2013 03:40 PM

අවුරුදු කුමාරි නම් නියමයි (නි)

:       0       0

අනුර Sunday, 28 April 2013 03:42 PM

හරිම ආඩම්බරයි අපේකම ලෝකයට පෙන්නීම ගැන. (නි)

:       0       0

තිලංක Sunday, 28 April 2013 03:44 PM

හොඳ වැඩක්. ගොඩක් සතුටුයි. (නි)

:       0       0

අසේල Sunday, 28 April 2013 03:45 PM

ඇයි ගිමාල්, ඔයාට දකුණේ කවුරුහරි මොනවත් කරදරයක් කළාද? (නි)

:       0       0

දිල් Sunday, 28 April 2013 03:52 PM

හරිම ආඩම්බරයි අපේකම ලෝකයට පෙන්වීම ගැන. (නි)

:       0       0

කලුතර අයෙක් Sunday, 28 April 2013 04:26 PM

සංචාරකයන් අතලොස්සක් පිනවීම පිණිස මහජන මුදල් විශාල ලෙස නාස්ති කරමින්කරන මෙවන් ක්‍රියා වහාම නතර කිරීමට රජය ක්‍රියා කළ යුතු වේ. (නි)

:       0       0

අමිල Sunday, 28 April 2013 04:31 PM

රුසියන් කෙල්ලෝ කොහොමත් හරි ලස්සනයි (නි)

:       0       0

රුමී Sunday, 28 April 2013 04:42 PM

වැඩේ හොද කියමුකෝ. එත් විශේෂයෙන් මේ සංචාරක තරුණියන්ට ලංකාවේ සිදුවෙන අතවර ගැන කොහෙත්ම සතුටු වෙන්න බැහැ. මතකනේ අර රුසියානු තරුණියට වෙච්ච දේ? පොලිසිය මීට වඩා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (නි)

:       0       0

ගයාන් Sunday, 28 April 2013 04:50 PM

දැක්කම ආසා හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site