අද පැවති උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බවත්, පෙර වසරවලදී ආවර්ථිතා වගුව සිසුනට ලබා දුන් නමුත් මෙවර එය ලබා නොදෙන බව කලින් දැනුවත් නොකළ බවත් සිසුහු කියති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තරඟයක් පැවැත්වීමට කලින් එහි කෝන්දේසි පිළිබඳ තරඟකරුවන් දැනුවත් කළ යුතු බවයි. මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදෙන බවට සිසුන් දැනුවත් කර තිබුනා නම් ඒ සඳහා මුහුණදීමට සූදානමින් සිසුන්ට යාමට හැකියාව තිබූ බව ද හෙතෙම පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියනුයේ ප්‍රශ්නපත්‍ර සකස්කළ මණ්ඩලය විසින් මෙවර ආවර්ථිතා වගුව ලබා නොදෙන ලෙද නිර්දේශ කර තිබූ නිසා එය ලබා නොදුන් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල ජාතියට දාව මේ දු දරුවන් උපදින්නේ සංසාරේ වැටිච්ච ගිනි උගුලකින් බේරෙන්න, එහෙත් මේ මෝඩ දෙමව්පියන් කරන්නේ මේ දු දරුවන්ව ගින්නෙන් බේරගන්නේ නැතිව තවත් ගිනි ජාලයකට ඇද දැමීමයි. (නි)
ආවර්තිතා වගුව මට තවමත් පාඩම්ය. (නි)
උසස් පෙළ සිසුන් ආවර්තිතා වගුව දැනගත යුතුය. ඕක මහ ලොකු දෙයක්ද? (නි)
අධ්‍යාපන නිලධාරීන්ට මොනවා වෙලාද දන්නේ නැහැ. (නි)
මෙතන මේ පිටින් පේනවට වඩා ලොකු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙන බව පේනවා. කවුරු වුණත් මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක කියන එක මතක තියාගන්න. (නි)
මේ ගැටළු වලට විසදුමක් ඇත්තෙම නැහැ වගේ. මේ විනාස කරන්නේ ජාතියේ අනාගතය. රට විනාශ කිරීමද සැමගේ අවශ්‍යතාවය? මේවා කාට කියන්නද? බීරි අලින්ට වීණා ගහලා වැඩක් නැතිලුනේ. (නි)
කේන්ති ගන්න ඉස්සර මේ ගැන හරි තේරුමක් ගත යුතුයි. මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව නොදීම එම විභාගයට අදාල දෙයක්. මන්ද එය ප්‍රශ්න පත්‍ර සකස් කළ මණ්ඩලය විසින් ගත් තීරණයක්. අන්න අනිවාර්ය්‍යයෙන්ම දියයුතු දෙයක් සිසු දරුවන්ට නොදුන්නා නම් කේන්ති ගත්තාට වරදක් නැහැ. අපේ කට්ටිය ලිපියේ මාතෘකාව දැක්ක හැටියම ඇමතිතුමාගෙයි, ගෝල බාලයින්ගෙයි පතුරු අරිනවා, ලිපිය මුල සිට අගට කියවන්නෙ නැතිව. (නි)
ඕකේ අරමුණ හරිම පැහැදිලියි. නිදහස් අධ්‍යාපනය විනාශ කරලා පුද්ගලික පාසල් විශ්ව විද්‍යාල හොදයි කියන මතය ඇති කරන්න ඔය හදන්නේ. මේක බොහොම සුක්ෂම ලෙස කරන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
රට දැන් යන විදිහට නම්, තව ටික දිනකින් ළමයි විභාගයට කලින් උත්තර පත්‍රයත් ඉල්ලයි වගේ නේද? (නි)
"ආවර්ථිතා වගුව මතක නැත්නම් ඒ සිසුන්ට මොන රසායන විද්‍යාවද?" මුකුත් නොදන්න පිටින් ඉදන් බලන කෙනකුට තේරෙන්නෙ ඔහොම තමයි. එහෙත් ඔය කතාව වෑරදියි. විභාගයේදි ළමයා සුදානම් වෙලා ඉන්නෙ ඔය වගුව ඈතිව ලියන්න. ප්‍රශ්න පත්තරය අතටගත් මොහොතෙම එක නැහැයි කියල දෑන ගත්තම විශාල කම්පනයක් මේ වගේ තිරණාත්මක මොහොතක ඈති වෙනවා.ළමයා මානසිකව පසුබෑමකට ලක් වෙනවා.කාල කළමනාකරනය වෑනි නොයෙක් ගැටලු වලට ළමයා මුහුණ දෙනවා. (නි)
අනේ ඇත්තට, අපට කරදර නොකර අස්වුණා නම් හරිනේ. (නි)
මේ රටේ මිනිස්සු තනිකර.... සිංදුව හොද නැහැ කිවුවට අද කාලෙට ගැළපෙන්නේ ඒකම තමයි. (නි)
මේ වැරදි කාගේවත් පිට පටවලා වැඩක් නැහැ. මේ ප්‍රශ්ණයේදී සම්පුර්ණ වැරදි කාරයන් වන්නේ දෙමවුපියන්. මොකද ළමයින් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම සමහර මෝඩ දෙමව්පියන් ළමයින්ගේ ඔළුවට අනවශ්‍ය කුණු කන්දල් දාලා ළමයින්ගේ මනස විකෘති කරනවා. ලංකාවේ සිංහල භාෂාව තිබියදී ළමයාගේ ඔළුවට දානවා ඉංග්‍රීසි හාෂාව, දෙමළ හාෂාව යනාදී නොයෙකුත් තවත් තවත් හාෂාවන්. ළමයා බුද්ධිමත් කරන්න කියලා කළත් ඒකෙත් වන්නේ, ළමයා මැටිමෝල් වෙන එකයි. මම දැනට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මට බොහෝම කණගාටුයි කියන්න, ලාංකිකයෙක් එක්ක සිංහලෙන් කථා කළහොත් උන්දැලා මගෙත් එක්ක කථා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඇත්තටම කියනවනම් ලාංකිකයන් බොහෝමයක් තමන්ගේ දරු පවුල් සමග තිරිසන් තත්වයට පත්වෙලා. මේ සේරටම වග කියන්න ඕනේ දෙමව්පියන් නේද? (නි)
ඹ්කේ විතරක් අවුලක් තිබ්බෙ නැත්තමි එකත් අවුලක්නේ.. නුසුදුස්සන්ට පට්ටමි දුන්නහම ඹහොම තමා.. (ත)
මෙහෙම දනෝදහසක් අමාරුවේ දාලා ඔබතුමන්ලා ඔය දේවල් වෙනුවෙන් ලබා ගන්නා මුදලේ වැඩක් තියෙයි කියලා හිතනවද? (නි)
අපි උසස් පෙළ කලේ 2001. ඒ දවස්වල නම් ආවර්ථිතා වගුවක් ප්‍රශ්න පත්‍ර එක්ක දුන්නේ නැහැ. (ස)
"අහිංසක ළමයින් අමාරුවේ දැමීමට උගතුන් දැන දැනම කරන වැඩක්ද කියලා සොයා බැලිය යුතුයි නේද? " එහෙම වැඩක් සංවිධානය වෙලා කරන්න තරම්, අහිංසක ළමයි එක්ක උගතුන්ට තියෙන වෛරය මොකක් කියලාද භද්‍රා හිතන්නේ? නිකම් හිතට එන එන පලියට කියන්න කලින් මේ බලධාරීන්ගේ නොහැකියාව එළිපිට පේන්න තියෙද්දී ඒක පිළිගන්න බලන්න. ඔය විදියට ඔයාට හිතෙන්නේ නැත්ද " බාල ඩීසල් ගෙන්වීම වාහන හිමියන් අසරණ කිරීමට පිරවුම්හල් හිමියන් කල වැඩක්ද...? විදුලිය කැපීම කර්මාන්ත කරුවන් අසරණ කිරීමට ඉංජිනේරුවන් කරන වැඩක්ද...? " කියලා? එතකොට යුද්ධය දිනපු එක විතරයි දේශපාලනය නිසා සිද්ධවෙලා තියෙන්නේ, එහෙමද? (ස)
සමන් රොහාන් රණසිංහ කියපු කතාව මටත් දැනුයි තේරුනේ. ඔය හරියටම හරි. අත්තටම මේක ගොඩාක් හිතන්න ඕන දෙයක් තමා. බොහොම ස්තුතියි සමන් මේක මතක් කරාට. (ස)
ඇමතිවරැ දෙන්නෙක් මදි. විභාග වලට වෙනම (උපෙ/සාපෙ)කියල දෙන්නෙක් පත් කලොත් හරියයි. ඉහල තැන්වල අවදානය යොමුවෙත්වා.(නු)
උසස් පෙළ රසායන විද්‍යා විභාගයට ආවර්තිතා වගුව දෙනවානම්.. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ගුණිත වගුව දෙන්න ඕන.. පොඩි ළමයි ගොඩක් අමාරුවෙ වැටෙනවා චක්කරය බැරිව..!!(නු)
අපේ ඇමතිවරු රසායන විද්‍යාව දන්නේ නැහැ.. ඇමතිවරු නෙමෙයිනෙ ප්‍රශ්ණපත්‍ර හදන්නෙ..මේවා හදන්නේ මහාචාර්යවරු නේද? වැරදියට හදන අයගේ පදවියෙන් ඉවත් කරන්න ඕන.. දඩුවම් දිය යුතුයි.. ඇමතිතුමා මෙයාලට දඩුවම් දෙන්නේ නැත්නම් ඇමතිතුමාට දඩුවමක් දෙන්න ඕන..!!(නු)
අපි යන කලෙත් අපිට ආවර්ථිතා වගුව දුන්නෙ නේ අපි නම් කටපාඩමින් තමයි මතක තිය ගත්තේ (ස)
අර්වර්තිතා වගුව තාම කටපාඩම්,අපිට දුන්නේ නෑ ඒ නිසා මේ ළමයින්ටත් දුන්නේ නැති 1හරි කියන අය තේරුම් ගන්න,අපි 1ක කටපාඩම් නොකලේ බැරි කමට නෙමේ,ඒක විභාගෙදි දෙනවා කියපු නිසා,එහෙම දෙන 1ක් පාඩම් කරන්න තරම් මොලේ අමාරුවක් අපිට නෑ,දැන් ඊට වඩා ගොඩක් දේවල් තියනවා පාඩම් කරගෙන යන්න,මෙහෙම කරනවා නම් ඒවා කලින් කියන්න තිබ්බ,නැත්නම් ඒක ආකෘති ප්‍රශ්න පත්තරේ දන්න තිබ්බ. (ස)
ප්‍රවීන්, ධර්මේ, සමන් රොහාන් රණසිංහ , අමිල කටුනායක, දීපානි, ගෝපාල්, ගයා , මේ ගොල්ලොන්ට මොළයේ මොකක්හරි අවුලක්, නැත්තම් සිංහල කියවලා තේරුම් ගන්න බැහැ.මේකේ පැහැදිලිවම කියලා තියෙනවා පෙර වසරවලදී ආවර්ථිතා වගුව සිසුනට ලබා දුන් නමුත් මෙවර එය ලබා නොදෙන බව කලින් දැනුවත් නොකළ බව සහ මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදෙන බවට සිසුන් දැනුවත් කර තිබුණා නම් ඒ සඳහා මුහුණදීමට සූදානමින් සිසුන්ට යාමට හැකියාව තිබූ බව.මේ තරම් පුංචි දෙයක් කියවලා තේරුම් ගන්න බැරි කට්ටිය යනවා රට හදන්න. රසායන විද්‍යා විෂය නිර්දේශය අරගෙන බලන්න මොන තරම් දේවල් පාඩම් කරන්න දැන් තියෙනවද කියලා.ඔය 2003 කරපු කට්ටියට තිබ්බ ලොකුම අභියෝගය ආවර්තිතා වගුව පාඩම් කරන එක වෙන්න ඇති.පාඩම් කරන්න තියෙන දේවලුත් එක්ක දැන් ආවර්ථිතා වගුව පාඩම් කරන එක මහලොකු දෙයක් නෙමෙයි.ලංකාවේ මිනිස්සු දන්න එකම දේ පම්පෝරි ගහන්නයි කතා හදන්නයි විතරයි.මෙලෝ දෙයක් කරගන්න බැ.මේ වගේ පුංචි දෙයක් කියවල තේරුම් ගන්න බැරි කට්ටිය ගැන තව මොන කතාද? (නි)
හිරුණි, මොළය අවුල් කාගේද කියලා හොදටම පැහැදිලියි. දැන් ඉන්නේ විෂය කරුණු අවබෝධයෙන් ලියන ළමයි නොවෙයි. ගිරවු. (ස)
ව්භාග ප්‍රශ්න පත්‍රයක් හරියට හදාගන්න බෑ...ඒත් කතාවනම්... (ස)
දැන් නිලධාරින්ගේ වැඩේ මොනව හරි කියල ඇඟ බේරා ගැනීමයි. (ත)
මේක මහ විහිළුවක්. හැමදාම ප්‍රශ්නපත්‍තරේ අඩුපාඩුවක්. ඇමතිතුමා නිදි ඇයි? (ත)
ලොකු ලොක්කන්ගේ වැරදි නිසා ළමයි අසරණ වෙන්නේ...(ස)
නිසි බලධාරීන් නිදිද? (නි)
ඔය තියෙන්නේ ඕනෑ තරමි ලෝක වාර්තා. (නි)
අපි ලිවුවේ 2003දී. අපි නම් විභාගේ ලිවුවේ ආවර්තිතා වගුව කට පාඩම් කරගෙන ගිහිල්ලයි. (නි)
රට ඉවරයි! (නි)
ඇමතිතුමා මේ ගැන මුකුත්ම කියන්නේ නැත්තේ ඇයි? (නි)
ප්‍රශ්නයක් ඇති වුණහම මෙහෙම උත්තර දීලා ඇඟ බේරා ගැනීම දැන් කොයි කාගේත් නිලධාරීන්ගේ සිරිතයි.ඒත් මේ හැම දේටම මුහුණ දෙන්නේ මේ රටේ අනාගතය භාර ගැනීමට ඉන්නා දරුවනුයි.එක්කො විභාග ක්‍රමය වෙනස් කරවන්න. නැත්නම් ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට කටයුතු සළසන්න. හැම දෙයක්ම අනන්න එපා. (නි)
සිසිර, ඔබ හරියටම හරි. (නි)
අනේ වැදලා කියන්නම්, මේවාට නිසි විසදුමක් දෙන්න. (නි)
z කෝර් රටට හදුන්වා දුන්නේ කවුද ?දැන් මේවා කතාකරලා වැඩක් නෑ..කෙටියෙන් කියනවානම් රට ඉවරයි....(ස)
සිසුන්ගේ අනාගතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා. (නි)
ප්‍රශ්න පත්‍ර හැදිල්ල ඔහොම නම් පිළිතුරු බැලිල්ල කොහොම තියෙයිද? (නි)
අනේ මේ දරුවන්ට මොන වදයක්ද දෙන්නේ? (නි)
අපේ කාලේ නම් අපි ඔය කවුරුවත් මත යැපෙන්න බලා හිටියේ නැහැ. පාඩම් කරගෙන ගිහින් තමයි ලිවුවේ. ඒ කාලේ එහෙම වුණත් අද කාලේ ළමයි? අනේ මන්දා? (නි)
මෙය රජය අපහසුතාවට පත්නරනවාද, නැතිනම් අහිංසක ළමයින් අමාරුවේ දැමීමට උගතුන් දැන දැනම කරන වැඩක්ස කියලා සොයා බැලිය යුතුයි නේද? (ත)
හරියට ප්‍රශ්න පත්‍රයක්වත් හදා ගන්න බැරුව තවත් මොනවා කියන්නද? (නි)
ආවර්ථිතා වගුව මතක නැත්නම් ඒ සිසුන්ට මොන රසායන විද්‍යාවද?
දැන් ඕවා ගැන කතා කොරලා වැඩක් නෑ අයිබෝවන්.........වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි....කනගාටුයි කියන්න ඒත් දැන් වයිමා ගොඩ ගන්න බෑ. (ත)
අධ්‍යාපන ඇමතිට අපහසුවක් දැනේ නම්, තෙල් ඇමතිගෙන් මෙන්න උත්තරය... "ප්‍රශ්න පත්තර හදන්නේ මම නොවෙන බැවින් මා වගකීමට බැදී නැත.." හරිගිය යුද්දෙට නම් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. මේ වගේ අනාගන්න ඒවාට කවුරුවත් නැහැ.. (ත)
මේක මහ විහිළුවක්ඩ(අ)
අපේ රටේ අනාගත බාරගැනීමට සිටින මේ දරුවන්ගේ ජිවිත් සමග සෙල්ලම් කරන එක් කවදද නවතීද? (අ)