IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.

ඇමෙරිකාව වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වූයේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන්ය.

රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා සඳහා සහභාගී වූහ.

සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කර නොතිබුණු අතර, එය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ කනස්සල්ලට හේතුවක් වූ බව ද පැවැසෙයි.

එසේ වුවත්, සෞදියේ පැවැත්වුණු සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී කර ගැනීමට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති පුටින් පැවැසූ බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

මේ අතර යුක්රේනය නොමැතිව, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ රුසියාවට හෝ තනි තීරණයක් ගැනීම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, සාකච්ඡා සඳහා යුක්රේනය පමණක් නොව, යුරෝපා රටවල නියෝජිතයන් ද සහභාගී කරගත යුතු බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site