ජනාධිපති ව්ලැඞ්මීර් පූටින්ගේ දේශපාලනයට විරුද්ධව සංගීත සංදර්ශන පැවැත්වුයේ යැයි පවසා එරට තරුණියන්ගෙන් සැදුම්ලත් ජනපි‍්‍රය පුසියෙට්ස් සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පිනියන් හට වසර හතක සිරදඬුවම් ලබාදීමට එරෙහිව රුසියානු ජාතික කලාකරුවකු වන පීටර් පැවෙන්ස්කි තම කටට මැහුම් දාගනිමින් ආණ්ඩු විරෝධි විරෝධතාවයක නිරත විය. ශාන්ත පිටර්ස්බර්ග් නුවරදී ඔහු මෙම විරෝධතාවයේ නිරතවිය. පෙරදින ඇමරිකාවේ අතිශයින් ජනපි‍්‍රය රෙඞ්හොට් චිලි පෙපර්ඩි සංගීත කණ්ඩායම මොස්කව් නුවර පැවති ප‍්‍රසංගයේදී ප‍්‍රසියෙට්ස් සංගීත කණ්ඩායමේ ටී ෂර්ට් ඇද ඔවුන්ද මෙම සිරගත කිරීමට එරෙහිව තම විරෝධය පළ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර.... එහෙනම් අපි බෙල්ලේ වැල දාගන්න ඕනේ (දී)
"...වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද රුසියාව අපේ මිත්‍ර රටක්නේ." බලාගෙන ඉන්නකෝ. ඔයාල මිත්‍රත්වය මනින්නේ මෙතරම් මිනිස් නිදහස වලලා දමත්දිත් 'මේ පාලනය හොඳයි' කියා කියන එකෙන් නේ? ඊළඟ මානව හිමිකම් සැසිය දාට අප වෙනුවෙන් ඡන්දය දෙන්න කලින් සැරේ හිටපු රටවල් වලටත් පුළුවන් වේවිද බලමු. මොකද හැමදාම බොරුව ඒත්තු ගන්න්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. හැම රටකටම ලජ්ජා නැතිව බොරු කිරීමේ සීමාවක් තියෙනවා. (ස)
නියම සවුර්දයෙක් ..... (දී)
ඕවා මොනවද ???? මෙහෙ අයත් කටවල් වහන් ඉන්නේ ලොක්කෝ ඉදිරියේ....(ස)
මාර මිනිහෙක්නේ (දී)
රුසියාවේ අය ඔවුන්ගේ රටේ ජාතික ප්‍රශ්ණ විසදගන්න විධිය ඉතාම හොද නිසා තමයි මේ මනුෂ්‍යයා තමන්ගේ ම කට මහ ගෙන සමස්ථ ලොවම රුසියාවේ අවදානමි බව නිහඩව ම කියන්නේ (දී)
සු... ගලා දහයක් වත් නේ විරෝදයට .. අපරාදේ කට . (දී)
අපේ රටේ සමහර කලාකරුවෝ ලොක්කන්ට කඩේ ගිය හැටි දිහා බලපුවහම අපිටම ලජ්ජා හිතෙනවා . මෙන්න කොන්ද පන තියෙන නියම කලාකරුවෙක් .. (දී)
අපේ එකා අපිට හොදා.. (දී)
අපේ කල කරුවන් කොහොමද කට මහා ගත්තොත් ? (දී)
අපේ රටේ දේශ පාලකයන්ට ඔහොම කලා නම් කනක් ඇහිලා ඉන්න තිබ්බා (දී)
අපි ඔහොම කරනවානම් අස් දෙක තමයි මහ ගන්න තියෙන්නේ. පෙන්නේ නැහැනේ එතකොට (දී)
නියමයි නියමයි....(ස)
මාර වැඩේ ..!ඔයිට වඩා හොද නැද්ද ඇස් 2 මහා ගත්තනම් (දී)
අපේ නම් ගොඩක් කලාකරුවො දේශපාලනය ඉදිරියේ කුඩා දරුවන් වෙනවා. (නි)
මෙන්න නියම කලාකරුවෝ.... (නු)
මම පුංචි එක් කිරීමක් කරන්නම්.. රුසියානු ආණ්ඩුව මේ කාන්තාවන් අත්අඩංගුවට ගත්තා. මක්නිසාද යත් ඔවුන් අශීලාචාරව හැසිරුණාට පල්ලිය ඉදිරිපිට.. ඔවුන් නැටීම සහ අපහාස කිරීම නිසා ආගමට....(නු)
අයියෝ අපේ රටේ ඔහොම උනානම් එහෙම ඔය කලාකරුවා ඔතන නෙමෙයි ඉන්නෙ...(නු)
මෙන්න ආදර්ශයට ගත යුතු කෙනෙක්..!!(නු)
මේවා සමහරුන්ට නම් මැජික්.ඒත් මේ වගේ අය මෙහෙම දේවල් ඕනෑ තරම් කරනවා. (නි)
එයා හොද නායකයෙක් වගේම ලංකාවේ මිත්‍රයෙක් නිසා අපහාස කරනවට මම නම් කැමති නැහැ. (නි)
"රුසියවට වඩා ලොකුයි ඊර්සියව මල්ලි.......".(ස)
මට නම් හිතෙන්නේ ලංකාවේ කලාකරුවන්ගේ මහන්න ඕන කට නෙමෙයි................(ස)
හි හි.... එයා කට මහගත්ත කියල ජනාධිපති රට දාල යයි. (දී)
ඒ රුසියන් මනුෂ්‍ය ජාතියට, ඔවුන්ගේ රටේ ජාතික ප්‍රශ්ණ, ඔහුන් හටම විසදගන්න හරින්න. අපේ ගෙදර ප්‍රශ්ණ, අපේ ගෙදරම විසදිය යුතුයි. අපේ ගෙදර ප්‍රශ්ණ යාබද ගෙදර පුද්ගලයා විසදන්න පැමිණියහොත් එතන විශාල අවුල් ජාලාවක් වේවි. (නි)
අනේ, ඒකටත් එක්ක අපේ කලාකාරයෝ..........??? (නි)
මාර මනුස්සයෙක්නේ. ඔහුගේ සටනට ජය වේවා! (නි)
සෙල්ලන්ද කොල්ලෝ? (නි)
අපේ රටේ ඉන්න සමහර සුපර් ස්ටාර්ලගෙ කටවලුත් මහන්න බැරිද? (නි)
ඔන්න නියම කලාකරුවෝ. (නි)
කලාවට ආදරය කරන සැබෑ මිනිසෙක්....(ස)
මේ වගේ මිනිස්සු අපේ රටේ නැති එක තමයි දුක.....(ස)
මෙයා ලංකාවේ ඉඳල මෙහෙම කරානම් බලාගන්න තිබුණ වෙන දේ....(ස)
රුසියා ජනාධිපති තවත් ඒකාධිපති පාලකයෙක්ද ????(ස)
මෝඩ වැඩ. අපෙත් හිටිය ඔය වගේ කෙනෙක්. අර සිරි කොත ඉස්සරහ ගිනි තිය ගත්තේ (දී)
මතකනෙ, කාලයක් ලංකාවෙ කාටූන් ශිල්පීන්ගෙත් කටවල් කැපුවා. (නි)
අනේ මෙහෙම රුසියාවක්. මොකක්ද අනේ මේ වැඩේ තේරු?. වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද රුසියාව අපේ මිත්‍ර රටක්නේ. (නි)
පිස්සු නේද? (නි)
ලංකාවෙත් කිහිප කෙනෙක්ම ඉන්නවා ඔහොම කරන්න අවශ්‍ය. (නි)
ලංකාවේ කටවල් මහගන්න ඕන කමක් නැහැ. සියල්ලන්ම කටවල් වහගෙන මේ යන ගමන හොඳයි කියල නේ ඉන්නේ. (නි)
කට විතරක් මහගෙන මදි (දී)
ලංකාවේ නම් මේ යන විදියට කට විතරක් මහලා හරියන්නේ නැහැ. (නි)
කට , කට.....ඕවට ප්‍රතිචාර දක්වන්න ගිහින් අපේ කට මහයි........(ස)
කට...කට... මේවට කතා කරන්න ගිහින් අපේ කටවලුත් කපාවි. (නි)
ලංකාවේ කලාකාරයෝ නැහැ කියන්නේ මේකතමයි. (ස)
අනේ මගේ කට (ස)
අපිට තියෙන ප්‍රශ්න වලට ඔහොම කරනවනම් පිහියෙන් එන ගන්න වෙනවා (දී)